settings icon
share icon
ප්‍රශ්නය

නව ලෝක පරිවර්තනය දේව වචනයේ වලංගු අනුවාදයක් වේද?

පිළිතුර


නව ලෝක පරිවර්තනය වනාහී ජෙහෝවා සාක්ෂිකරුවන්ගේ මව් සංවිධානය (වොච්ටවර් නොහොත් මුරටැඹ සමිතිය) විසින් නිර්වචනය කොට ඇත්තේ "හෙබ්‍රව්, ඇරමෙයික් සහ ග්‍රීක භාෂාවලින් සෘජුවම නූතන ඉංග්‍රීසි භාෂාවට, ජෙහෝවා සාක්ෂිකරුවන්ගේ අභිෂේකලත් කමිටුවක් මගින් ගෙන එනු ලැබූ ශුද්ධ ලියවිල්ලේ පරිවර්තනයක් ලෙසය." නව ලෝක පරිවර්තනය වූ කලී "නව ලෝක පරිවර්තනය කමිටුවේ" නිර්නාමික ක්‍රියාවකි. ජෙහෝවා සාක්ෂිකරුවන් විසින් කියා පානු ලබන්නේ නිර්නාමිකභාවය ක්‍රියාත්මක වන්නේ එතුළින් එම කාර්‍යයේ කීර්තිය දෙවියන්වහන්සේට හිමි වන බවය. නිතැතින්ම මේ කරණකොටගෙන පරිවර්තකයින්ට ඔවුන්ගේ දෝෂ සදහා ගණන් දීමකින් තොරව සිටීම මෙන්ම සැබෑ විද්වතුන් විසින් ඔවුන්ගේ අධ්‍යයන අක්තපත්‍ර පරික්ෂා කිරීම වළක්වාලීම වැනි අමතර ප්‍රතිලාභද අත්පත්වේ.

නව ලෝක පරිවර්තනය එක් දෙයකින් අද්විතීය වේ – කණ්ඩායමක ඉගැන්වීම් වලට එකග වීමේ නිශ්චිත අරමුණ සදහා දේව වචනය සංස්කරණය මෙන්ම සංශෝධනය කරමින් සම්පූර්ණ අනුවාදයක් උත්පාදනය කිරීමට ගනු ලැබූ ප්‍රථම චේතනාන්විත ක්‍රමානුකූල ප්‍රයත්නය මෙය වේ. ජෙහෝවා සාක්ෂිකරුවන් සහ වොච්ටවර් නොහොත් මුරටැඹ සමිතිය විසින් අවබෝධ කරගනු ලැබුවේ ඔවුන්ගේ විශ්වාසයන් දේව වචනයට පටහැනි බවය. ඔවුන්ගේ විශ්වාසයන් ශුද්ධ ලියවිල්ලට අනුකූල කරගනු වෙනුවට ඔවුන්ගේ විශ්වාසයන් හා සමග එකග වීමට දේව වචනය වෙනස් කරනු ලැබූහ. "නව ලෝක පරිවර්තනය කමිටුව" විසින් ජෙහෝවා සාක්ෂිකරුවන්ගේ දේව ධර්මයට එකග නොවූ ඹ්නෑම ශුද්ධ ලියවිලි කොටසක් වෙනස් කරනු ලැබීය. නව ලෝක පරිවර්තනයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ නව අනුවාදයන් තුළින් අපට පැහැදිලිව ආදර්ශනය කරනු ලබන්නේ දේව වචනයේ පාඨයන්හී අතිරේක වෙනස්කම් කරන ලැබූ බවය. දේව වචනානුකුල කිතුණුවන් (උදාහරණයක් ලෙස) ක්‍රිස්තුස්වහවහන්සේගේ දේවත්වය පිළිබදව පැහැදිලිව තර්ක කරනු ලබන ශුද්ධ ලියවිලි අඛණ්ඩව පෙන්වා දුන් අතර වොච්ටවර් නොහොත් මුරටැඹ සමිතිය විසින් නව ලෝක පරිවර්තනයේ නව අනුවාදය තුළින් එම ශුද්ධ ලියවිලි වෙනස් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබූහ. අභිප්‍රේත සංශෝධන පිළිබදව වඩාත් කැපී පෙනෙන නිදසුන් කිහිපයක් පහත සදහන්වේ:

නව ලෝක පරිවර්තනය මගින් ග්‍රීක භාෂිතයක් වන ස්ටවුරොස්' (කුරුසිය) "වධහිංසා කණුවක්" ලෙස ගෙන හැර පානු ලබන්නේ ජෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් යේසුස්වහන්සේව කුරුසියෙහි ඇණ ගැසූ බවට විශ්වාස කරනු නොලබති. නව ලෝක පරිවර්තනය මගින් හෙබ්‍රව් වචනයක් වන ශෙයෝලය හෝ ග්‍රීක වචන වන පාතාලය, නරකාදිය සහ පතුලක් නොමැති ගැඹුර "නිරය" ලෙසට පරිවර්තනය කරනු නොලබන්නේ ජෙහෝවාගේ සාක්ෂිකරුවන් නිරය පිළිබදව විශ්වාස කරනු නොලබන හෙයිනි. නව ලෝක පරිවර්තනය මගින් ග්‍රීක වචනයක් වන පරවිසියා යන්න "පැමිණීම" වෙනුවට "පැවැත්ම" ලෙස පරිවර්තනය කර දෙනු ලබන්නේ ජෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් විශ්වාස කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ 1900 ගණන් වල මුල් භාගයේදී නැවත පැමිණ ඇති බවය. ග්‍රීක මුල්පිටපත් වල මුළුමනින්ම පාහේ විරහිත වී තිබූ නමුත් කොලොස්සි 1:16 හී නව ලෝක පරිවර්තනය මගින් "අනෙක්" යන පදය ඇතුළු කරනු ලබා ඇත. එය එසේ කරනු ලබන්නේ එම පාඨයේ සදහන් ආකාරයට "ක්‍රිස්තුස්වහන්සේ විසින් සියලූම දේ නිර්මාණය කරනු ලැබූ සේක" යන්න වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ විසින් "අනෙකුත් සියලූම දේ" නිර්මාණය කරනු ලැබූ සේක යන අදහස ලබා දෙනු පිණිසය. එසේ වනුයේ ත්‍රිත්වය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන හෙයින්, ක්‍රිස්තුස්වහන්සේ මවනු ලැබූ පුද්ගලයෙකුය යන ඔවුන්ගේ විශ්වාසය හා සමග අනුරූපී වනු පිණිසය.

නව ලෝක පරිවර්තනයේ ඉතාමත්ම ප්‍රසිද්ධ විපරිවර්තනය නම් යොහාන් 1:1 වේ. ග්‍රීක පාඨයේ මුල්පිටපත සදහන් කරනුයේ "වාක්‍යාණෝ දෙවියන්වහන්සේ වූ බවය." නව ලෝක පරිවර්තනය එය ගෙන හැර පාන්නේ "වාක්‍යාණෝ දෙවි කෙනෙකු වු බවය" මෙය වූ කලී යමෙකුගේ ශුද්ධ ලියවිලි පාඨයට එය තුළින්ම කථා කිරීමට ඉඩ දෙනු නොලබනු වෙනුවට පූර්ව නිගමනය කරනු ලැබූ දේව ධර්මය එම පාඨය තුළින් දක්වනු ලබන්නකි. ග්‍රීක භාෂාවෙහි අවිනිශ්චිත ඛණඩයන් (ඉංග්‍රීසි භාෂාවෙන් "එක්") නොමැත. එසේ නම් ඉංග්‍රීසි පරිවර්තනයෙහි යම් අවිනිශ්චිත ඛණඩයක් භාවිත වේ නම් පරිවර්තකයා විසින් එකතු කරනු ලැබූවක් විය යුතුය. ඉංග්‍රීසි භාෂාවේ මෙය ව්‍යාකරණානුකූල වන්නේ එය පාඨයෙහි අර්ථය වෙනස් නොකරන තාක් පමණි.

යොහාන් 1:1හී තියොස් යන්නට නිශ්චිත ඛණ්ඩයක් නොමැති වීමට මෙන්ම නව ලෝක පරිවර්තනයෙහි ගෙන හැර පෑම ද්‍යේෂ සහගත වීම පිළිබද පරිසමාප්ත සුදුසු විවරණයක් තිබේ. මෙය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට පොදු න්‍යායන් 3 තිබේ.

1. ග්‍රීක භාෂාවෙහි වචන අනුපිළිවෙල ඉංග්‍රීසි භාෂාවේ මෙන් වචන භාචිතය නිර්ණය නොවේ. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යය වචන අනුපිළිපිළ අනුව ව්‍යුහගත කොට තිබේ: උක්තය – ආඛ්‍යාතය – අනුක්තය. මෙලෙස, "හැරී සුනඛයාට කථා අඩ ගැසුවේය" යන්න "සුනඛයා හැරීට අඩ ගැසුවේය" යන්නට සමාන නොවේ. එනමුත් ග්‍රීක භාෂාවෙන් වචනයේ කාර්‍යය නිර්ණය වන්නේ වචනයේ මූලයට සම්බන්ධ අග අකුරෙනි. යොහාන් 1:1හී තියෝ යන්නෙහි මූලයට තිබිය හැකි අග අකුරු දෙකකිඳා එකක් නම් "ස්" (තියෝස්) යන්න වන අතර අනෙක නම් "න්" (තියෝන්) යන්න වේ. "ස්" සහිත අග්‍රය සාමාන්‍යයෙන් වාක්‍යයක උක්තය ලෙස නාමය පදය හඳුනාගනු ලබන අතර "න්" සහිත අග්‍රය සාමාන්‍යයෙන් සෘජු අනුක්තය ලෙස හඳුනාගනු ලබයි.

2. නාම පදයක් නාමික පුරෝකථනයක් ලෙස ක්‍රියාත්මක වන කල (ඉංග්‍රීසි භාෂාවෙන් "බීන්ග්" ආඛ්‍යාතයක් වන "ඊස්" යන්නට පසුව එන නාම පදයක්) එහි අග අකුර නාම පදයෙහි නැවත නම් කිරීමේ අකුරට ගැළපිය යුතු වන්නේ එමගින් නිර්වචනය කරනු ලබන නාම පදය පාඨකයාට දැනගත හැකි වනු පිණිසය. එසේ හෙයින් තියෝ යන්නට "ස්" යන අග අකුරු භාවිතා කළ යුතු වන්නේ එය ලෝගෝස් යන්න නැවත නම් කරනු ලබන හෙයිනි. එසේ හෙයින් යොහාන් 1:1 අක්ෂර පරිවර්තනය කරනු ලබන්නේ: "කයි තියෝස් එන් හෝ ලෝගෝස්" ලෙසය. උක්තය තියෝස් ද නොහොත් ලෝගෝස් ද රෑ දෙකෙහිම අග්‍රයෙහි "ස්" යන්න තිබේ. ඊට පිළිතුර අපට හමුවන්නේ ඉක්බිති න්‍යායෙනි.

3. නාම පදයන් දෙකක් ඇති අවස්ථාවන්හීදි මෙන්ම එම පදයන් දෙකම එකම අග අකුරෙන් අවසාන වන කළ කර්තෘ විසින් උක්තය වන වචනයට නිශ්චිත ඛණ්ඩය යොදනු ලබන්නේ ව්‍යාකූලත්වයන් වළකාලනු පිණිසය. යොහාන් විසින් තියෝස් යන්න වෙනුවට ලෝගෝස් (වාක්‍යයාණෝ) යන්නට නිශ්චිත ඛණ්ඩය භාවිතා කරනු ලැබීය. එසේ හෙයින් උක්තය වන්නේ ලෝගෝස් වන අතර නාමික පුරෝකථනය වන්නේ තියෝස් යන්නවේ. ඉංග්‍රීසි භාෂාවේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යොහාන් 1:1 ප්‍රකාශ කරනු ලබන්නේ "වාක්‍යයාණෝ දෙවියන්වහන්සේවම සිටි සේක" (දෙවියන්වහන්සේ වචනය වූ සේක වෙනුවට).

වොච්ටවර් නොහොත් මුරටැඹ සමිතියේ පක්ෂපාතිත්වය බොහෝසෙයින් අනාවරණය වන සාක්ෂිය වන්නේ ඔවුන්ගේ අස්ථිර පරිවර්තන ශිල්ප ක්‍රමයවේ. යොහාන්ගේ සුභාරංචි පොත පුරාවටම ග්‍රීක වචනය වන තියෝන් යන්න නිශ්චිත ඛණ්ඩයක් නොමැතිව දක්නට ලැබේ. නව ලෝක පරිවර්තනය මේ කිසිවක් "දෙවිකෙනෙකු" ලෙස ගෙන හැර පානු නොලබයි. තවත් අස්ථිර ලෙස යොහාන් 1ථ18 නව ලෝක පරිවර්තනය විසින් එකම ඡේදයක එකම භාෂිතය "දෙවියන්වහන්සේ" සහ "දෙවිකෙනෙකු" ලෙස පරිවර්තනය කරනු ලබයි.

එසේ හෙයින් වොච්ටවර් නොහොත් මුරටැඹ සමිතියට ඔවුන්ගේ පරිවර්තනයන්ට කිසිඳු පෙළ පදනමක් නොමැති අතර – එහි ඇත්තේ ඔවුන්ගේම දේවධර්මානුකූල පක්ෂපාතිත්වයක් පමණි. නව ලෝක පරිවර්තනය රැකගන්නන් ඔවුන් කර ඇති ආකාරයට යොහාන් 1:1 පරිවර්තනය කළ හැකි බව පෙන්වාලීමට සමත්වන්නට තැත් කරනු ලැබිය හැකි අතර එය නිසි පරිවර්තනයක් බව පෙන්වාලීමට ඔවුනට නොහැකිය. නව ලෝක පරිවර්තනය මගින් යොහාන් සුභාරංචියේ වෙනත් ස්ථානවල එම ග්‍රීක වාක්‍ය ඛණ්ඩයන්ම ඒ ආකාරයටම පරිවර්තනය නොකරනු ලබයි යන කාරණය පැහැදිලි කර දීමටද ඔවුනට නොහැකිවේ. වොච්ටවර් නොහොත් මුරටැඹ සමිතියට ග්‍රීක පාඨයන් අස්ථිර ලෙස පරිවර්තනය කිරීමට බල කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ පිළිබද ඇති පූර්ව නිගමන සහිත මිථ්‍යාදෘෂ්ඨික ප්‍රතික්ෂේප කිරිම පමණක් වන අතර කරුණු නොදන්නාවූ අයට ඔවුන්ගේ දෝෂයන් කරණකොටගෙන යමි නීත්‍යානුකල සම්භාසයක් ලබා ගැැනීමට ඉඩ හරිනු පිණිසය.

නව ලෝක පරිවර්තනය ලෙස හඳුන්වනු ලබන වංක සහ අස්ථිර පරිවර්තනය පිටුපස ඇත්තේ වොච්ටවර් නොහොත් මුරටැඹ සමිතිය තුළ ඇති පූර්ව නිගමන සහිත මිථ්‍යාදෘෂ්ඨික විශ්වාසයන්ය. නව ලෝක පරිවර්තනය වූ කලී ඒකාන්තයෙන්ම දේව වචනයේ වලංගු අනුවාදයක් නොවේ. දේව වචනයේ ප්‍රධාන ඉංග්‍රීසි පරිවර්තනයන් අතර සුළු වෙනස්කම් දක්නට ලැබේ. කිසිඳු ඉංග්‍රීසි පරිවර්තනයක් පරිපූර්ණ නොවේ. කෙසේ නමුත් අනෙකුත් දේව වචන පරිවර්තකයන් හෙබ්‍රව් සහ ග්‍රීක පාඨයන් ඉංග්‍රීසි භාෂාවෙන් ගෙන හැර දැක්වීමේදී සුළු අත්වැරදීම් කරනු ලබති; නව ලෝක පරිවර්තනය පාඨයන් ගෙන හැර පෑමේදී චේතනාන්විතවම වෙනස් කරනු ලබන්නේ ජෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේව ධර්මය ශාස්ත්‍රයට අනුකූල වනු පිණිසය. නව ලෝක පරිවර්තනය හුදෙක් විපරිවර්තනයක් මිස දේව වචනයේ අනුවාදයක් නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නව ලෝක පරිවර්තනය දේව වචනයේ වලංගු අනුවාදයක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries