settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකුවීම සම්පූර්ණයෙන්ම නව පුරුෂයෙකු / ස්ත්‍රියෙකු බවට පත් වන්නේ කිනම් ආකාරවලින්ද?

පිළිතුර


යේසුස්වහන්සේ පැවසුවේ කිතුනුවකු වීමට නම් "නැවත ඉප දෙන්න" යන ලෙසයි (යොහාන් 3:3). එම වාක්‍යයෙන් ගම්‍ය වන්නේ අපට අපගේ වර්තමාන ජීවිතය සරලව ප්‍රතිනිර්මාණය කළ නොහැකි බවයි. අප නැවත ආරම්භ කළ යුතු වේ. 2 කොරින්ති 5:15 සහ 17 විග්‍රහ කරන්නේ ගැලවුම්කරු ලෙස සහ ස්වාමීන්වහන්සේ ලෙස අප යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසයතැබූ විට කුමක් සිදුවේද යන්නයි. "උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජිවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැඟුටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය කියාත්... එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටී නම්, ඔහු නව ජීවියෙකි. පරණ දේවල් පහව ගියේය. සියල්ල අළුත්ව තිබේ".

යේසුස්වහන්සේ උපතක් විග්‍රහ සඳහා යොදා ගනු ලැබුවේ එය අපට වටහා ගන්නට පහසු වන ආකාරයටයි. ළදරුවෙකු ඉපදුණු විට නව නිර්මාණයක් පැහැදිලිව පෙනේ. සජීවී උපත පසුව ළදරුවියේ සිට මෙහෙරුත්වය දක්වා වෙනස්වේ. අප ආත්මයෙන් ඉපදුණ විට," නූඹලා නූඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල" (එපීස 2:1 එදිරියට ගෙනයන ලදී රෝම 6:18) උන්වහන්සේ නුඹලා ජීවත් කළ සේක. දැන් අප "නව මැවිල්ලක්ය" (2 කාරින්ති 5:17). දෙවියන්වහන්සේ අපගේ ආශාවන්, දෘෂ්ටිය සහ අවධානය වෙනස් කරන්නේ අප ස්වයං නමස්කාරයෙන් දෙවියන්වහන්සේ නමස්කාර කිරීම වෙත හැරෙන විටය.

බොහෝ අය මෙම අයිතිවාසිකම් පැවරීම මග හැරීමට උත්සාහ කරන අතර ඒ වෙනුට ඔවුන්ගේ බාහිර හැසීරීම වෙනස් කිරීමට හෝ කිතුනුවන් ලෙස හැඟීම සඳහා දේව ස්ථානයට යෑමට පටන් ගනී. කෙසේ වෙතත්, අධිෂ්ඨාන ශක්තියට අපව ගෙන යා හැකි දුරක් ඇත. යේසුස්වහන්සේ පැමිණියේ අපගේ පව්කාර මාංසය ප්‍රතිසංස්කරණය කිරීමට නොව මරා දැමීමටය (ලූක් 9:23, රෝම 6:6-7). පැරණි සහ නව ස්වභාවයන්ට එකට වැඩ කළ නොහැකි අතර සාමකාමීව සහජීවනයෙන් සිටිය නොහැක (රෝම 8:12-14). යේසුස්වහන්සේ දානය කරන්නාවූ නව ජීවනය අත්දැකීමට පෙර අප අපගේ ආත්මාර්ථයට / මම නැමති පුද්ගලයාව මරණයට පත් කළ යුතුය. (2 කොරින්ති 5:15).

සෑම මනුෂ්‍යයෙක්ම ආත්මය, ප්‍රාණය සහ ශරීරයෙන් සමන්විත වේ (1 තෙසලෝනික 5:23). අළුත් උපත තුළින් දෙවියන්වහන්සේ හා සම්බන්ධතාවයක් ඇති කරගැනීමට පෙර, අප ජීවත් වන්නේ ප්‍රාණය සහ ශරීරය මූලිකව පාලනය වූ ශරීරයක් තුළය. ආත්මය අප තුළ නිද්‍රාන තත්වයක පවතින්නේ හුළං බැස ගිය බැලුම් බෝලයක ආකාරයටය. අපි අපගේ ජීවිතයේ අයිතිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ස්වාමිත්ය වෙත මාරු කරනවිට, උන් වහන්සේ සිය ශුද්ධාත්මයාණන්වහන්සේ අප වෙත එවනු ලබන්නේ අපගේ අවධමනයවූ ආත්ම නැවත උත්පාදනය කිරීමටය. ශුද්ධාත්මයාණන්වහන්සේ සූළඟකට සමාන කර ඇත (යොහාන් 3:8, ක්‍රියා 2:2). ගැළවීම ලබා ගැනීමේදී, උන්වහන්සේ අපගේ හදවත් තුළට වත්කර, අපට දෙවියන්වහන්සේ සමඟ සන්නිවේදනය කිරීමට හැකි වන පරදි අපගේ ආත්මය පුරවයි. පෙර පාපීය ස්වභාවයෙන් මෙහෙයවනු ඇය හෝ ඔහුට ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට අපව වෙනස් කරන්නාවූ ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මෙහෙයවනු ලබන්නේය (රෝම 8:29).

අපි අපගේ ශරීර ජීවමාන යාගයක් ලෙස පූජා කර, අපගේ මනස අළුත් කරගැනීම කරණකොටගෙන දෙවියන්වහන්සේ සිතන ආකාරයට සිතන්නට හැකි වේ (රෝම 12:1-2). දෙවියන්වහන්සේව දැන ගැනීම, එතුමාණන් වහන්සේගේ වචනය කියවීම, සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ පාලනයට දිනපතා යටත්වීම කෙරෙහි අපගේ අවධානය යොමු කරනවිට අපගේ තේරීම් වෙනස් වේ. අපගේ විනෝද ක්‍රියාවන්, ප්‍රමුඛතා සහ ආශාවන් වෙනස් වේ. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගේ ඵල (ගලාති 5:22-23) ප්‍රකාශ වීමටආරම්භ කරනු ලබන්නේ වරක් මාංසයේ ක්‍රියා (ගලාති 5:19-21) දිස් වූ අය තුළින්ය. නව උත්පාදනයේ අත්දැකීම ආරම්භය පමණි. දෙවියන්වහන්සේව මුහුණට මුහුණ දකින දවසේදී ශුද්ධ සෙනඟක් ලෙස දෙවියන්වහන්සේට ඔප්පු වන ලෙස නොනැවතී ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ ක්‍රියා කරණ සේක (පිලිප්පි 1:6, 2:13, 2 කොරින්ති 11:2, එපීස 5:27).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකුවීම සම්පූර්ණයෙන්ම නව පුරුෂයෙකු / ස්ත්‍රියෙකු බවට පත් වන්නේ කිනම් ආකාරවලින්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries