settings icon
share icon
ප්‍රශ්නය

නව ජෙරුසලම යනු කුමක්ද?

පිළිතුර


නව ජෙරුසලම, දෙවියන් වහන්සේගේ මණ්ඩපය, ශුද්ධ නුවර, දෙවියන් වහන්සේගේ නගරය, ස්වර්ගීය නගරය, ශක්තිමත් නගරය සහ ස්වර්ගීය ජෙරුසලම යනුවෙන් හැඳින්වෙන වචනාර්ථයෙන් මිහිපිට ස්වර්ගයයි. එය ස්ථාන කිහිපයකම බයිබලයේ සඳහන් කර ඇත (ගලාති 4:26; හෙබ්‍රෙව් 11:10; 12: 22-24; 13:14), නමුත් එය එළිදරව් 21 හී වඩාත් විස්තර කර ඇත.

එළිදරව් 21 හී මිනිසාගේ වාර්තාගත ඉතිහාසය එහි අවසානයයි. සියලුම යුගයන් පැමිණ හා ගොස්ද ඇත. ක්‍රිස්තුස්වහන්සේ තම සභාව ඔසවා ගැනීම සඳහා රැස් කර ඇත (1 තෙසලෝනික 4:15-17). පීඩා කාලය ගෙවී ගොස් ඇත (එළිදරව් 6-18). අර්මගිදොන් සටන, සටන් කර ජයගෙන ඇත්තේ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසිනි (එළිදරව් 19:17-21). ක්‍රිස්තුස්වහන්සේගේ මේ පොළොව මත අවුරුදු දහසක පාලන කාලය තුල සාතන්ව බැඳ තබනු ඇත (එළිදරව් 20:1-3). ජෙරුසලමේ නව තේජාන්විත දේවමාළිගාවක් ස්ථාපිත කර ඇත (එසකියෙල් 40-48). දෙවියන්වහන්සේට එරෙහි ආවසාන කැරැලි ගැසිම අවලංගු කෙරෙන අතර සාතන්ට තම ක්‍රියාවලට සාධාරණ දඩුවම ලැබෙන අතර එනම් සදාකාලි කාලයටම ගිනි විලෙහි සිටිමට සිදුවේ. (එළිදරව් 20:7-10.) මහා සුදු සිංහාසන විනිශ්චය සිදුවෙන අතර මිනිස් සංහතිය විනිශ්චය කෙරේ. (එළිදරව් 20:11-15).

එළිදරව් 21:1 හී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් සම්පුර්ණයෙන්ම සාදනු ලබයි. (යෙසායා 65:17; 2 පේත්‍රැස් 3:12-13). අළුත් අහස සහ අළුත් පොළොව සමහරුන් "සදාකාලික තත්වය" ලෙස හඳුන්වන අතර එය "ධර්මිෂ්ධ වාසය කරන තැන" වනු ඇත (2 පේත්‍රැස් 3:13). නැවත මැවීමෙන් පසු දෙවියන් වහන්සේ නව යෙරුසලම හෙළි කරයි. යොහන් තුමා තම දර්ශනයෙන් ඒ පිළිබඳ දර්ශනයක් දකී. "තවද තමාගේ පුරුෂයාට සරසන ලද මනමාලියෙකු මෙන් සුදානම් කරනු ලැබු ශුද්ධ නුවර, එනම් අලුත් ජෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි." (එළිදරව් 21:2). ආබ්‍රහම් ඇදහිල්ලෙන් සෙවු නගරය මෙයයි (හෙබ්‍රෙව් 11:10). දෙවියන්වහන්සේ තම සෙනඟ තුල සදහටම වාසය කරන ස්ථානය එයයි (එළිදරව් 21:3). උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කදුලු පිසදමන සේක; මරණය තවත් නොවන්නේය. වැලපිමත් හැඩිමත් වේදනාවත් තවත් නොවන්නේය. (එළිදරව් 21: 4).

නව ජෙරුසලම අරුම පුදුම විශාලය. යොහන්තුමා වාර්තාකර තිබෙනවා එම නගරය සැතපුම් 1,400 කට ආසන්න දිගකින් යුක්ත වන අතර එහි පළලත් ඵ් හා සමාන වන් අතර හා දිග ප්‍රමාණය මෙන් උස බව. එය පරිපූර්ණ ඝනකයක් ලෙස වේ. (එළිදරව් 21:15-17). නගරය ද සෑම අතින්ම විස්මිත වනු ඇත. එය දෙවියන්වහන්සේගේ මහිමයෙන් ආලෝකමත් වේ (එළිදරව් 21:23). ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නම් දරා ඇති එහි අත්තිවාරම් දොළොස "සෑම ආකාරයකම වටිනා ගලෙන් සරසා ඇත" (එළිදරව් 21:19-20). එහි දොරටු දොළහක් ඇත, එහි ඇති එක් එක් මුතු ඇටය ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොසෙහි නම් දරයි (එළිදරව් 21:12, 21). වීදිය පිරිසිදු රනින් සාදනු ලැබේ (එළිදරව් 21:21).

නව ජෙරුසලම නොසිතූ ලෙස ආශීර්වාද කරන ස්ථානයක් වනු ඇත. පැරණි පොළොවේ ශාපය පහව යනු ඇත (එළිදරව් 22:3). නගරයේ "ජාතීන්ගේ සුවය සඳහා" ජීවන වෘක්ෂය සහ ජීවන ගංගාව ඇත (එළිදරව් 22:1-2). පාවුල්තුමා පැවසූ ස්ථානය එයයි: "එළඹෙන යුගවලදී [දෙවියන් වහන්සේ] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට කරුණාවෙන් ප්‍රකාශ කළ උන් වහන්සේගේ කරුණාවේ ඉතා මහත් සම්පත පෙන්වන පිණිස" (එපීස 2:7). දෙවියන්වහන්සේගේ සියලු පොරොන්දුවල අවසාන ඉටුවීම නව ජෙරුසලමයි. නව ජෙරුසලම යනු දෙවියන්වහන්සේගේ යහපත්කමයි.

නව ජෙරුසලමේ පදිංචිකරුවන් කවුද? පියාණන් සහ බැටළු පොතකයාණන් එහි සිටී (එළිදරව් 21:22). දේවදූතයන් දොරටුව අසල සිටියි (එළිදරව් 21:12). නමුත් නගරය දෙවියන්වහන්සේ කරණකොටගෙන මිදිම ලැබු දරුවන්ගෙන් පිරී යනු ඇත. අළුත් ජෙරුසලම යනු දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් විනාශවූ නපුරු බබිලෝනියට (එළිදරව් 17) ධර්මිෂ්ධ දොරටුවකි. (එළිදරව්18). දුෂ්ටයන්ට ඔවුන්ගේ නගරය තිබුණු අතර දෙවියන් වහන්සේට උන්වහන්සේගේ නගරයද තිබුණි. ඔබ අයත් වන්නේ කුමන නගරයටද? මහා බබිලෝනියද නැත්නම් නව යෙරුසලමද? දෙවියන් වහන්සේගේ පුත් යේසුස්වහන්සේ මිය ගොස් නැවත නැඟිට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසා ඔබව ගලවා ගන්නා ලෙස ඔබ ඉල්ලා තිබේ නම්, ඔබ නව යෙරුසලමේ පුරවැසියෙකි. "දෙවියන්වහන්සේ ඔබව ක්‍රිස්තුස් වහන්සේ සමඟ නැගිටුවා ක්‍රිස්තුස් යේසුස් තුළ ස්වර්ගීය ස්ථාන වල ඔබව හිදුවා ඇත." (එපීස 2: 6). ඔබට "කිසි දිනෙක විනාශ වීමට, නරක් වීමට හෝ මැකී යාමට නොහැකි උරුමයක්" ඇත (1 පේත්‍රැස් 1 4). ඔබ තවමත් ඔබගේ ගැලවුම්කරුවා ලෙස ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කර නොමැති නම්, උන් වහන්සේව පිළිගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ආරාධනය දීර්ඝ කර ඇත: "ආත්මයාණන්වහන්සේද මනාලිද: වරෙන්නැයි කියති, අසන්නාද: වරෙන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා; කැමති කෙනෙක් ජීවන -වතුර නොමිලයේ ගනීවා." (එළිදරව් 22:17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

නව ජෙරුසලම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries