settings icon
share icon
ප්‍රශ්නය

නව ගිවිසුම කුමක්ද?

පිළිතුර


අළුත් ගිවිසුම දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයා සමඟ කරන පොරොන්දුව නම්, උන්වහන්සේ පාපයට සමාව දෙන බවත්, තමන්වහන්සේ කෙරෙහි හදවත් ඇති අය සමඟ ඇසුර නැවත ඇති කරන බවත්ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නව ගිවිසුමේ මැදිහත්කරු වන අතර කුරුසියේ උන්වහන්සේගේ මරණය පොරොන්දුවේ පදනමයි (ලූක් 22:20). අළුත් ගිවිසුම අනාවැකි පළකරනු ලැබුවේ පරණ ගිවිසුම ක්‍රියාත්මක වන අතරතුරය. එනම් අනාගතවක්තෘවරුන් වන මෝසෙස්, යෙරෙමියා සහ එසකියෙල් යන අය නව ගිවිසුමට යොමු දක්වයි.

දෙවියන්වහන්සේ තම සෙනඟ සමඟ ඇති කරගත් පැරණි ගිවිසුමට මොසෙයික් නීතියට තදින් කීකරුවිය යුතුයි. පාපයේ කුලිය මරණය වන නිසා (රෝම 6:23), පාපයට සමාව ලබා ගැනීම සඳහා ඉශ්‍රායෙලිතයන් දින පතා පූජා කළ යුතු බව ව්‍යවස්ථාවෙන් නියමවිය. නමුත් දෙවියන්වහන්සේ පරණ ගිවිසුම ස්ථාපිත කළ මෝසෙස්ද අලුත් ගිවිසුම අපේක්ෂා කළේය. මෝසෙස් ඉශ්‍රායෙල් ජාතිය ඇමතූ අවසාන දේශනයකදී, ඉශ්‍රායෙලයට "තේරුම් ගැනීමේ හදවතක්" ලබා දෙන කාලයක් දෙස බලා සිටියේය. (ද්විතීය කථාව 29:4).

පැරණි ගිවිසුම පිළිපැදීමට ඉශ්‍රායෙලිතයන් අසමත්වනු ඇතැයි මෝසෙස් පුරෝකථනය කරයි (ද්විතීය කථාව 29:22-28), නමුත් පසුව ඔහු නැවත පිහිටුවීමේ කාලයක් දකී (ද්විතීය කථාව 30:1-5). එම අවස්ථාවේදී මෝසෙස් පවසයි, "ඔබේ දෙවිසමිඳාණන්වහන්සේ ඔබේ හදවත් හා ඔබේ පරම්පරාවේ හදවත් චර්මච්ඡේදනය කරනු ඇත. එවිට ඔබ උන්වහන්සේට මුළු හදවතින්ම හා මුළු ආත්මයෙන් ප්‍රේම කර ජීවත්වනු ඇත" (6 පදය). නව ගිවිසුමට මුළු හදවතින්ම වෙනස්වීමක් ඇතුළත් වන අතර එමඟින් දෙවියන්වහන්සේගේ සෙනඟ ස්වභාවයෙන්ම උන්වහන්සේට ප්‍රසන්නවේ.

නව ගිවිසුම ගැන අනාගතවක්තෘ යෙරෙමියාද අනාවැකි පැවසීය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:'' 'ඉශ්‍රායෙල්වරුන්ගේ හා යූදාහි සෙනඟ සමඟ මම අලුත් ගිවිසුමක් කරන දවස පැමින්ණේය. නමුත් එදින මම ඉශායෙල් ජනයා සමඟ කරන නව ගිවිසුම මෙයයි. 'ස්වාමින්වහන්සේ පවසයි. 'මම මගේ නීතිය ඔවුන්ගේ මන සෙහි තබමි, ඔවුන්ගේ හදවත් මත ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝය" (යෙරෙමියා 31:31, 33). යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඉටු කිරීමටයි, (මතෙව් 5:17) දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ සෙනඟ අතර නව ගිවිසුම ඇති කිරීමට. පැරණි ගිවිසුම ගල් වලින් ලියා ඇත, නමුත් නව ගිවිසුම අපගේ හදවත් මත ලියා ඇත. අළුත් ගිවිසුමට එළඹිය හැක්කේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙනය, උන්වහන්සේගේ රුධිරය වැගිරවූ ලෝකයේ පව් ඉවත් කිරීමට (යොහන් 1:29). අවසාන රාත්‍රි භෝජන සංග්‍රහයේදී යේසුස් වහන්සේගේ කුසලානය ගෙන "ඔබ උදෙසා දෙන ලද මෙම කුසලානය මාගේ රුධිරයේ අලුත් ගිවිසුම" කියා ලූක් 22:20 හි සඳහන්වේ.

අළුත් ගිවිසුම එසකියෙල් 36:26-27 හි සඳහන්වේ, "මම ඔබට නව හදවතක් ලබාදී නව ආත්මයක් ඔබ තුළ තබමි. මම ඔබේ ගල් හදවත ඔබෙන් ඉවත් කර මාංසමය හදවතක් ඔබට දෙන්නෙමි. මම මාගේ ආත්මය ඔබ තුළ තබා මාගේ ආඥා පිළිපැදීමට මා පොළඹවා මාගේ නීති පිළිපැදීමට වග බලා ගන්නෙමි. "නව ගිවිසුමේ අංග කිහිපයක් එසකියෙල් දිවැසිවරයා මෙහි ලැයිස්තු ගත කරයි: නව හදවතක්, නව ආත්මයක්, වාසය කරන ශුද්ධාත්මයාණන්වහන්සේ සහ සැබෑ ශුද්ධකම මොසෙයික් නීතියට මේ කිසිවක් සැපයිය නොහැක (රෝම 3:20 බලන්න).

නව ගිවිසුම මුලින් ඉශ්‍රායෙලයට ලබාදී ඇති අතර පොරොන්දු දේශයේ පලදායීතාවය, ආශිර්වාදය සහ සාමකාමී පැවැත්මක් පිළිබඳ පොරොන්දුවක් ඇතුළත්වේ. එසකියෙල් 36:28-30 හී දෙවියන්වහන්සේ මෙසේ පවසයි, "එවිට මම ඔබේ පියවරුන්ට දුන් දේශයේ ඔබ ජීවත්වනු ඇත. ඔබ මාගේ සෙනඟ වන්නහුය; මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මම ධාන්‍ය වැඩිවෙන්ට සලස්වා, ඔබ කෙරෙහි සාගතයක් ඇති නොකරමි. සාගතය නිසා ඔබ තවදුරටත් ජාතීන් අතර නින්දාවට පත්නොවීමට මම ගස්වල හා කෙතේ අස්වැන්න වැඩි කරන්නෙමි." ද්විතීය කථාව 30:1-5 නව ගිවිසුම යටතේ ඉශ්‍රායෙලයට අදාළ පොරොන්දු අඩංගුවේ. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානයෙන් පසු අන්‍ය ජාතිකයන්ද නව ගිවිසුමේ ආශීර්වාදයට ගෙන එන ලදි (ක්‍රියා 10; එපීස 2:13-14). නව ගිවිසුමේ ඉටුවීම ස්ථාන දෙකකින් දැක ගත හැකිය: මිහිපිට, සහස්‍ර රාජධානිය තුළ; ස්වර්ගයෙහි සදාකාලයටම.

අප තවදුරටත් ව්‍යවස්ථාවට යටත් නොව කරුණාව යටතේය (රෝම 6:14-15). පැරණි ගිවිසුම එහි අරමුණ ඉටු කර ඇති අතර එය "වඩා හොඳ ගිවිසුමක්" මගින් ප්‍රතිස්ථාපනය කර ඇත (හෙබ්‍රෙව් 7:22). "ඇත්ත වශයෙන්ම යේසුස්වහන්සේ කල සේවය ඔවුන්ගේ ගිවිසුමට වඩා උසස්ය. උන්වහන්සේගේ ගිවිසුම පරණ ගිවිසුමට වඩා උසස්ය. මන්ද නව ගිවිසුම වඩා හොඳ පොරොන්දු මත ස්ථාපිතවී ඇත" (හෙබ්‍රෙව් 8:6).

නව ගිවිසුම යටතේ, අපට නොමිලේ දීමනාවක් ලෙස ගැලවීම ලැබීමට අවස්ථාව ලබාදී ඇත (එපීස 2:8-9). අපගේ වගකීම වන්නේ අප වෙනුවෙන් ව්‍යවස්ථාව ඉෂ්ට කර, උන්වහන්සේගේම පූජා මරණය තුළින් ව්‍යවස්ථාවේ පූජා අවසන් කළ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමයි. සියලු ඇදහිලිවන්තයන් තුළ ජීවත් වන ජීවමාන ශුද්ධාත්මයාණන් කරණකොටගෙන (රෝම 8:9-11), අපි ක්‍රිස්තුස්වහන්සේගේ උරුමයට හවුල් වන අතර දෙවියන්වහන්සේ සමග ස්ථිර, නොබිඳිය හැකි සම්බන්ධතාවයක් භුක්ති විඳින්නෙමු (හෙබ්‍රෙව් 9:15).

English



නැවතත් සිංහල මුල් පිටුවට

නව ගිවිසුම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries