settings icon
share icon
ප්‍රශ්නය

නව යුග ව්‍යාපාරය නම් කුමක්ද?

පිළිතුර


"නව යුග" යන ප්‍රකාශනය ආරම්භ වූයේ 1970 සහ 1980 යන දශකයන්හීදීය. මෙය ප්‍රසිද්ධියට පැමිණුනේ "නව යුග ජර්නලයේ" සහ මාර්ක් සැටින් නමැත්තා විසින් රචිත "නව යුග දේශපාලනය" නමැති ග්‍රන්ථයේ ප්‍රචාලනය හා සමගයග මැරිලින් ෆර්ගසන්ගේ ඉහළම අලෙවියක් සහිතවූ "අක්වේරියන් කොන්ස්පිරසි" ග්‍රන්ථය වූ කලී නව යුගයේ සමාජ න්‍යාය පත්‍රය සහ දාර්ශනික දැක්ම පිළිබද කරන ලද රචනා විලාසයකි. ෆර්ගසන්ගේ රචනා මෙම ව්‍යාපාරයේ නිල නොවන ශුද්ධ ලියවිලි බවට පත්වූ තත්වයක් හට ගැනුනි. ලොස් ඇන්ජලිස් ටයිමස් පුවත්පතේ කර්තෘවරයෙකු වන රසල් චාන්ඩිලර් විසින් "නව යුගය අවබෝධකර ගැනීම" යටතේ ලියනු ලැබුවේ "ෆර්ගසන් විසින් නව යුග බයිබලය ලියනු ලැබුවේ නම් එහි උත්තම පූජකවරිය වන්නේ ශර්ලි මක්ලේන්" බවය.

ශර්ලි මක්ලේන්ගේ කෘතියක් වන "අවුටි ඔන් අ ලිමිබ්" මගින් නව යුග විශ්වාසයන් පිළිබදව ඇයගේ ළැදිකමක් නොමැති සංවාදය වංශකථා ලියවේ. මෙම ග්‍රන්ථය මගින් ඇයගේ සංචාර සහ අධ්‍යයනයන් විස්තර කරනු ලබන අතර පරිමාණයන්, ශරීරයෙන් පිටත ගමන් කිරීම්, පිටසක්වල ජීවින් හා සමග සම්බන්ධ වීම, "මුර්ඡා සම්බන්ධකයන්" (මියැදුනුවුන් හා සම්බන්ධ වීම). සහ නෙපෙනෙන ලෝකයක "මගපෙන්වන සංචාරයන්" ආදිය වේ. මක්ලේන්ගේ දෙවන කෘතිය වන "ඩාන්සින් ඉන් ද ලයිට්" තුළින් ඇය යෝගා ලෝකයටත්, පුනැරුත්පත්තියටත්, ස්එටික බලයල හින්දු මන්ත්‍ර සහ කටු චිකිත්සාව තුළින් වන පෙර ආත්ම ප්‍රත්‍යානයන අත්දැකීම් ආදිය කරා ළගා වීම පිළිබදව සදහන් කරනු ලබයි. ඇයගේ ආත්මීක මගපෙන්නන් විසින් ඇයට දන්වනු ලැබුවේ සෑම පුද්ගලයෙකුම දෙවියන්වහන්සේ බවත් එම පුද්ගලයා අසීමිත බවත් ඇය ප්‍රඥාව පසු කරගෙන ගමන් කළ බවත්ය. යමෙකු විසින්ම එය වටහා ගත යුතුවේ (චාන්ඩිලර්, 6–2 දක්වා පිටු).

නව යුග චින්තනයෙහි මූලයන් ඇතල ඉන් අනතුරුව පෙරදිග ගුප්තවාදය තුළ මනස මග හැර යනු ලබයි. ප්‍රත්‍යක්ෂඥාණය සදහා නව ඉන්ද්‍රියයක් ඇත – එනම් තෙවන ඇසවේ – මෙතුළින් අධ්‍යාත්මික ආලෝකයක් ලබා දේ. මනසින් ලැබෙන පණිවුඩ නොතකා සිටීමට හෝ මනස සැබවින්ම "විශ්ව විඥාණය" මුදුන් පමුණුවා ගන්නවාද යන්න දැකීමට යමෙකු විසින් මානසික අස්මිතාවට ඇතුළු විය යුත්තේ තමන්වම පුහුණු කර ගැනීමෙනි. මනසට යථාර්ථය නිර්මාණය කළ හැකිවේ.

නීල් ඇන්ඩසන් ඔහුගේ වෝකින් ත්රූ ද ඩාක්නස් යන කෘතියෙහි නව යුග ව්‍යාපාරය පිළිබදව මෙසේ ලියනු ලබයි: "නව යුග ව්‍යාපාරය දක්නට ලැබෙන්නේ ආගමක් ලෙස නොව යථාර්ථය තේරුම් ගැනීමට ඇති නව ක්‍රමයක් ලෙසය. සංවිධානාත්මක ආගම සහ බටහිර තාර්කිකත්වය ගැන කලකිරී සිටින ස්වභාවික මිනිසාට එය ඉතා ආකර්ශනීයවේ. ඔහු අධ්‍යාත්මික යථාර්ථවට කැමති නමුත් භෞතිකවාදය අත්හැරීමට, ඔහුගේ සදාචාරාත්මක ගැටළු සමග කටයුතු කිරීමට හෝ අධිකාරිය යටතට පත්වීමට කැමති නැත." (22 වන පිටුව). ඇන්ඩසන් තවදුරටත් නව යුග චින්තනය මේ ආකාරයට සාරාංශගත කරනු ලබයි:

(1) එය ඒකීයවාදය වේ. සියල්ල එකක්ය, එකක් සියල්ලමය යන විශ්වාසයවේ. ඉතිහාසය යනු මනුෂ්‍යය වර්ගයා පාපයට වැටීම සහ දෙවියන්වහන්සේගේ ගැළවීමේ කරුණාවෙන් එය යථා තත්වයට පත් කිරීම පිළිබදව කථාවක් නොවේ. එය බොහෝදුරට මනුෂ්‍යයත්වය විසින් නොදැනුවක් කමට වැටීමක් සහ ක්‍රමක් ක්‍රමයෙන් අවබෝධය කරා ආරෝහනය වීමය.

(2) සියල්ලෝම දෙවියන්වේ. සියල්ලම එකක් වේ නම්, එසේ නම් යමෙකු විසින් නිගමනයකට පැමිණිය යුත්තේ සියල්ලන් දෙවියන් වන බවය. එය සර්වේශ්වරවාදය වේ – ගස් කොළන්, ගොළුබෙල්ලන්, ග්‍රන්ථයන් සහ මනුෂ්‍යයන් යන සියල්ලම එක් දිව්‍යමය සාරයක්වේ. දේව වචනය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් තමන්ම එළිදරව් කළ පෞද්ගලික දෙවියන්වහන්සේව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. දෙවියන්වහන්සේ අපක්ෂපාති හෙයින් නව යුග කරුවාට උන්වහන්සේට සේවය කිරීම අවශ්‍ය නොවේ. දෙවියන් වහන්සේ "එය" මිස උන්වහන්සේ "ඔහු" නොවේ.

(3) විඥාණයේ වෙනසවීමක් දක්නට ලැබේ. අපි දෙවියන් වේ නම් අප දෙවියන් බව අප විසින් දැනගත යුතුවෙමු. අප ලෝක විෂය පිළිබදව සචේතනිකව, අවබෝධාත්මකව හෝ විශ්වීය විඥාණයට අනුගත විය යුතුවෙමු. මෙම අවබෝධාත්මක තත්වයට ලගා වන සමහරුන් "අළුත උපන්" යයි පවසන් නමුත් එය සේ දේව වචනානුකූල අනුවර්තනයට අනුව ව්‍යාජයකි. අත්‍යවශ්‍යය වන්නේ අප විශ්වාස කරවාද නොහොත් භාවනා කරනවාද යන්න නොව අප විසින් විශ්වාස කරනු ලබන්නේ කව්රුන් කෙරෙහිද මෙන්ම අප භාවනා කරනු ලබන්නේ කුමක් පිළිබදවද යන්නය. ක්‍රිස්තුස්වහන්සේ වූ කලී සැබෑවූත්, පෞද්ගලිකවූත් විෂය මූලක යථාර්ථය වන්නේ මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැතැයි (යොහාන් 14:6). උන්වහන්සේ විසින් ප්‍රකාශ කළ හෙයිනි.

(4) ලෝක විෂය පිළිබදවූ පරිණාමීය ශුභවාදයක් උගන්වනු ලබයි. නව යුගයක් පැමිණෙනු ලබයි. නව ලෝක පිළිවෙලක් මෙන්ම නව ලෝක රජයක්ද පැමිණෙනු ලබයි. නව යුගයේ චින්තකයින් විසින් විශ්වාස කරනු ලබන්නේ අවසානයේදී ලෝක විඥාණයේ ප්‍රගතිශීලි එක්සත්වීමක් ඇති වනු ඇති බවය. දේව වචනයට අනුව මෙය වූ කලී සාතන් විසින්ම මෙහෙවනු ලැබූ ව්‍යාජ රාජ්‍යයකි. සැබෑ රාජ්‍යයක් ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේට වන අතර උන්වහන්සේ විසින් යම් දිනෙක උන්වහන්සේව ගැළවුම්කරුවාණන් හා රජ ලෙස පිළිගනු ලබන්නන්ව මේ පොළෝතලයේ සාමයෙන් යුතුව පාලනය කරනු ලබන සේක (එළිදරවි 5:13).

(5) නව යුගය ඔවුන්ගේම යථාර්ථය නිර්මාණය කර ගනු ලබති. ඔවුන් විසින් විශ්වාස කරනු ලබන්නේ ඔවුන් විශ්වාස කරනු ලබන දේ කරණකොටගෙන ඔවුනට යථාර්ථය නිර්මාණය කළ හැකි බවත් ඔවුන් විසින් විශ්වාස කරනු ලබන දේ වෙනස් කිරීම තුළින් ඔවුනට යථාර්ථය වෙනස් කළ හැකි බවත්ය. සියලූ සදාචාරාත්මක සීමාවන් මකා දමා ඇත. යහපත සහ අයහපත අතර වෙනසක් නොමැති හෙයින් පූර්ණයන්ද නොමැතග යමෙක් යථාර්ථය යැයි හෝ එය සැබෑ යයි පවසන තුරු කිසිවක් යථාර්ථය නොවේ. පරිමිත මිනිසාට සත්‍යය නිර්මාණය කළ හැකිවේ නම් අපගේ සමාජයේ අප සිටින්නේ දරුණු දුෂ්කරතාවයක බවය. සදාකාල දෙවියන්වහන්සේගේ සදාකාල පූර්ණයන් නොමැති නම් මිනිසා අවසානයේදී තමන්ගේ විනාශය බවට පත්වේ.

(6) නව යුගකරුවන් අන්ධකාර රාජ්‍යයන් හා සමග සබදකම් පවත්වාගනු ලබතිග භූතාවිශ්ටයෙකුට "සමිබන්ධකයා" ලෙසත් යක්ෂයෙකුට "ආත්ම මගපෙන්වන්නා" ලෙස ආමන්ත්‍රණය කිරීම තුළින් ඒවායේ යථාර්ථය වෙනස් වී නොමැත. සාතන් විසින් නායකත්වය දෙනු ලබන රාජ්‍යය මෙයවේ. සාතන්ව පරාජය කළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අනාවරණය කර ඇති දේව වචනානුකූල දෙවියන්වහන්සේට මුළුමනින්ම විරුද්ධ ලෝකයක් හා සමග මේ ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදී සිටින අය සම්බන්ධ වී සිටිති (මතෙව් 4:1–11; කොලොස්සි 2:15; හෙබ්‍රව් 2:14–18).

නව යුග ව්‍යාපාරය වූ කලී පුද්ගලයන්ගේ හැගීම් වලට ආයාචනා කරනු ලබන්නාවූද තමන් දෙවියන් බව සිතීමට මග පෙන්වන්නාවූ මෙන්ම තමන් හරහාම තම ජීවිත වැඩි දියුණු කරගත හැකියයි පෙන්වා දෙන ව්‍යාජ ආගමකි. යථාර්ථය නම් අප ඉපදී, මුහුකුරා ගොස්, පෘථිවියේ කාලාන්තරයක් ජීවත් වී මිය යන්නෙමු. මනුෂ්‍යයන් පරිමිතය. අපට කිසිවිටෙක දෙවියන්වහන්සේ විය නොහැක. අපට කමාව හා සදාකාල ජීවනය ලබා දෙනු වස් අපට වඩා බලවත් කෙනෙකු අවශ්‍යයවේ. මනුෂ්‍ය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ මරණය හා ශාරිරික නැවත නැගිටීම කරණකොටගෙන අපට දරුණු ලෙස අවශ්‍ය දේ උන්වහන්සේ විසින් අප වෙනුවෙන් දිනාගෙන ඇති සේක: දෙවියන් වහන්සේගේ කමාව, ජීවිතයේ අරමුණ සහ මේ ජීවිතයේ ඇති අර්ථය සහ සොහොනෙන් ඔබ්බට ඇති සදාකාල ජීවනය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කව්ද යන්න මෙන්ම උන්වහන්සේ ඔබට කර ඇති දේ පිළිබද අතපසු නොකරන්න. යොහාන් 3 පරිච්ඡේදය කියවන්න. ඔබේ ගැළවුම්කරුවාණන් වීමට ක්‍රිස්තුස්වහන්සේගෙන් ඉල්ලන්න. ඔබේ ජීවිතය වෙනස් වනු ඇත, ඔබ කවිරුන්ද යන්න, ඔබ මෙලොව සිටින්නේ මන්ද යන්න සහ ඔබ ගමන් ගනු ලබන්නේ කොහිටද යන්න ඔබ විසින් දැන ගනු ලබනවා ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නව යුග ව්‍යාපාරය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries