settings icon
share icon
ප්‍රශ්නය

නව ඕතඩොක්ස් වාදය යනු කුමක්ද?

පිළිතුර


නව ඕතඩොක්ස් යනු ලිබරල් රෙපරමාදු ආගමේ අසාර්ථක අදහස්වලට එරෙහි ප්‍රති ක්‍රියාවක් ලෙස පළමුවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භවූ ආගමික ව්‍යාපාරයකි. එය මූලික වශයෙන් සංවර්ධනය කරන ලද්දේ ස්විට්සර්ලන්ත දේව ධර්මාචාර්යවරුන් වන කාල් බාර්ත් සහ එමිල් බෘනර් විසිනි. තවත් සමහරු එය "නව ඕතඩොක්ස්" ලෙස හැඳින්වූයේ එය පැරණි ප්‍රතිසංස්කරණ දේවධර්මයේ පුනර්ජීවනයක් ලෙස දුටු බැවිනි. නව-ඕතඩොක්ස් වාදය දේවවචනය හා පාපය පිළිබඳ අදහස් අනුව "පැරණි" ඕතඩොක්ස් ක්‍රමයට වඩා වෙනස්ය.

ඕතඩොක්ස් මතය අනුව බයිබලය දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් දෙන ලද එළිදරව් කරන ලද වචනයයි. වාචික හා යාන්ත්‍රික යන දෙකින්ම දේවානුභාවයෙන්, එයින් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණන් විසින් බයිබල් ලේඛකයාගේ පූර්ණ පාලනය කළ බවය, එක්කෝ ඔහු ලියන සෑම දෙයක්ම වාචිකව නියම කිරීමෙන් හෝ එම පුද්ගලයා වැඩ කිරීමට මෙවලමක් ලෙස භාවිතා කිරීමෙන්. ආනුභාවලත් මෙම මූලධර්මය තාර්කික නිගමනයකට එළඹෙන්නේ මුල් පිටපත් වැරදි හෝ පරස්පර විරෝධීතාවයකින් තොරවය. බයිබලය දෙවියන්වහන්සේගේ සම්පූර්ණ හා ප්‍රමාණවත් එළිදරව්වකි. මෙම මතයට අනුබල දෙන ඡේද දෙකක් වන්නේ 2 තිමෝති 3:16-17 සහ 2 පේත්‍රැස් 1:20-21.

නව ඕතඩොක්ස් වාදය දෙවියන්වහන්සේගේ වචනය යේසුස්වහන්සේ ලෙස අර්ථ දක්වයි (යොහන් 1:1) සහ බයිබලය යනු වචනයේ ක්‍රියාවන් පිළිබඳව මිනිසාගේ අර්ථ නිරූපණය බව පවසයි. මේ අනුව, බයිබලය දේවානුභාවයෙන් නොවන අතර, මිනිස් ලියවිල්ලක් වන බැවින්, එහි විවිධ කොටස් වචනාර්ථයෙන් සත්‍ය නොවිය හැකිය. දෙවියන්වහන්සේ "මිදීමේ ඉතිහාසය" තුළින් කථා කළ අතර, උන්වහන්සේ දැන් කථා කරන්නේ මිනිසුන් යේසුස්වහන්සේව "මුණ ගැසෙන" ලෙසටය, නමුත් බයිබලයේම අරමුණ සත්‍යනොවන බව.

නව ඕතඩොක්ස් වාදය උගන්වන්නේ බයිබලය එළිදරව් කිරීමේ මාධ්‍යයක් වන අතර ඕතඩොක්ස් වාදය විශ්වාස කරන්නේ එය එළිදරව්වක් බවයි. නව ඕතඩොක්ස් දේව ධර්මාචාර්යවරයාට හෙළිදරව්ව රඳා පවතින්නේ එක් එක් පුද්ගලයාගේ අත්දැකීම් (හෝ පුද්ගලික අර්ථ නිරූපණය) මතය. බයිබලය දෙවියන්වහන්සේගේ වචනය "බවට පත්වන්නේ" දෙවියන්වහන්සේ යමෙකු ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමු කිරීමට වචන භාවිතා කරන විට පමණි. යේසුස්වහන්සේ සමඟ ජීවිතය වෙනස් කරන තරමට බයිබලයේ විස්තර වැදගත් නොවේ. මේ අනුව සත්‍යය අද්භූත අත්දැකීමක් බවට පත්වන අතර එය නිශ්චිතවම බයිබලයේ සඳහන් නොවේ.

පාපය පිළිබඳ නව-සාම්ප්‍රදායික මතය නම්, එය අපගේ සෙසු මිනිසාට හොඳින් සැලකීම අපගේ වගකීම ප්‍රතික්ෂේප කිරීමයි. පාපයේ ප්‍රතිලය වන්නේ අමානුෂිකත්වය, සමාව නොදීම, තනිකම සහ සමාජීය අසනීප රාශියක්ය. ගැලවීම ලැබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ සමග ආත්මීය හමුවීමක් ඇති අයටය. සත්‍යයන් සමූහයක් පිළිගැනීම අවශ්‍ය නොවේ. නව ඕතඩොක්ස් වාදය සමාජ වැඩ සහ වෙනත් අයට ආදරය කිරීමේ අපගේ සදාචාරාත්මක වගකීම අවධාරණය කරයි.

නව-ඕතඩොක්ස් වාදය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රෙස්බිටේරියන් සහ ලුතරන් සභාවල අඩු ගතානුගතික ශාඛාවන්ට සහ අනෙකුත් නිකායන්ට බලපෑම් කර ඇත. ලිබරල්වාදයට වඩා බයිබලානුකුලවි කල්පයක් සැපයීම එහි මුල් අරමුණ ප්‍රශංසනීය වුවත් නව ඕතඩොක්ස් ඉගැන්වීම කෙසේ වෙතත් සහජ අන්තරායන් ඇත. මගේ අත්දැකීම් වලට අදාළදේ අනුව සත්‍යය තීරණය වන ඕනෑම වේලාවක සාපේක්‍ෂතා වාදයේ හැකියාව පවතී. බයිබලය මුළුමනින්ම මිනිස් ලියවිල්ලක් ලෙස දකින ඕනෑම ධර්මයක් බයිබලානුකුල ක්‍රිස්තියානි ධර්මයේ අත්තිවාරම ඛාදනය කරයි.

බයිබලයේ සඳහන් කරුණු කිහිපයක් විශ්වාස නොකර අපට යේසුස් වහන්සේ සමඟ ජීවිතය වෙනස් කරන "හමුවීමක්" ඇත්ත වශයෙන්ම කළ නොහැකිය. "ඇදහිල්ල පැමිණෙන්නේ පණිවිඩය ඇසීමෙන් වන අතර පණිවිඩය ක්‍රිස්තුස්වහන්සේගේ වචනය තුළින් අසනු ලැබේ" (රෝම 10:17). අපගේ ඇදහිල්ලේ අන්තර්ගතය නම් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීමයි (1 කොරින්ති 15:3-4).

ගෝලයන් ලූක් 24 හි යේසුස්වහන්සේ සමග "මුණ ගැසීමක්" ඇතිකර ගත්හ. කෙසේ වෙතත්, ගෝලයන් මුලදී එම සිද්ධිය වැරදියට අර්ථ කථනය කළහ. යේසුස්වහන්සේ ඔවුන්ට ස්‍යය දැනුම් දෙන තුරු (උන්වහන්සේ ශාරීරිකව නැවත නැඟිටුවනු ලැබූ බව) ඔවුන් තත්වයේ යථාර්ථය වටහා ගත්තේ නැත. වෙනත් වචන වලින් කිවහොත්, අපට යේසුස්වහන්සේ හමුවීම අවශ්‍යය, නමුත් එම හමුවීම දේවවචනයේ සත්‍යතාවයෙන් අර්ථ නිරූපණය කිරීමද අපට අවශ්‍යය. එසේ නොවුවහොත්, අත් දැකීම් අපව නොමඟ යැවිය හැකිය.

යූද් 1:3 අපට පවසන්නේ "වරක් සාන්තුවරයන්ට භාරදී තිබූ ඇදහිල්ල වෙනුවෙන් සටන් කරන්න" කියායි. ඇදහිල්ල අපට භාරදුන්නේ දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය වන බයිබලයෙනි. දෙවියන්වහන්සේ උන් වහන්සේගේ වචනය තුළ නොවරදවාම හා සම්පූර්ණයෙන් කථා කර ඇති සත්‍යය අප පාවා නොදිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නව ඕතඩොක්ස් වාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries