settings icon
share icon
ප්‍රශ්නය

මරණය අසල අත්දැකීම් පිළිබඳව බයිබලය පවන්නේ කුමක්ද?

පිළිතුර


මරණය අසල අත්දැකීම නම්, පුද්ගලයෙකු මරණය ආසන්නයේදී, හෝ සුවය ලබමින් සිටින විටක, සිදුවන අසාමාන්‍ය යමක්, ශරීරයෙන් පිටත සිදුවන අත්දැකීමක් හෝ ස්වර්ගයේ හෝ නිරයේ දර්ශනයක් පිළිබඳව වන වාර්තාවක් වේ. මරණය ආසන්නයේ අත්දැකම් සඳහා නිශ්චිතව ශුද්ධ ලියවිලිමය සහයක් නොමැත. බොහෝ අය 2 කොරින්ති 12:2-5 මරණයට ආසන්න අත්දැකීම් පිළිබඳව බයිබලානුකුල සාක්‍ෂියක් ලෙස භාවිතා කරති. කෙසේවෙතත් මෙම අර්ථ නිරූපනය සමඟ විශාල නිදහසක් ලබා ගන්නා අතර මිනිසා (පාවුල් යයි අනුමාන කෙරේ). මරණයට ආසන්නව හෝ ස්වර්ගයේ සිටිනවිට සැබැවින්ම මියගොස් ඇතැයි උපකල්පනය කරයි. මිනිසා මියගොස් හෝ මරණයට ආසන්න වූ බව ජේදයේ කොතනකවත් සඳහන් නොවේ. එය දෙවියන් වහන්සේ මිනිසාට දුන් දර්ශනයක් මිස මරණයට ආසන්න අත්දැකීමක් නොවේ.

එසේ පැවසුවහොත්, මරණයට ආසන්නව යමෙකුට හෝ ඒ සඳහා කිසිවෙකුට ස්වර්ගයේ දර්ශනයක් ලබා දීමට දෙවියන්වහන්සේට නොහැකිය. කෙසේ වෙතත්, බයිබලානුකුල පිළිගත් ග්‍රන්ථ සමූහය සම්පූර්ණ වීමත් සමඟ දර්ශන කිතුනුවන්ට ප්‍රමාණික අත්දැකීමක් නොවේ.

අපගේ අත්දැකීම් වලංගු වන්නේ කෙසේද යන්න පිළිබඳව අපි අතිශයින්ම සැලකිලිමත්විය යුතුය. ඕනෑම අත්දැකීමක වැදගත්ම පරීක්‍ෂණය එය බයිබලය සමඟ සංසන්දනය කිරීමයි. රැවටිමට සහ මිනිසුන්ගේ චින්තනය විකෘති කිරීමට සාතන් සැමවිටම සූදානම්ය. "ඒක පුදුමයක් නොවේ. මක්නිසාද සාතන් පවා ආලෝකයේ වෙස් ගනියි. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් එය පුදුමයක් නොවේ. ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය.

මරණයට ආසන්න අත්දැකීම් පිළිබඳව බයිබලය නිහඬව සිටින නිසාත්, විද්‍යාත්මක පර්යේෂණ විශ්වාසය ලෙස සිදු කිරීමට නොහැකි වී ඇති නිසාත් අපට ආසන්න මරණ අත්දැකීම් වල මුහුණත වටිනාකම පිළිබඳ නිත්‍යානුකුල භාවය පිළිගත නොහැකිය. මරණයට ආසන්න අත්දැකීම් සියල්ලම ව්‍යාජ, පරිකල්පනීය හෝ සාතන් බව ප්‍රකාශ කිරීම ඉතා ප්‍රබල වනු ඇත. නමුත් මරණයට ආසන්න අත්දැකීම් වලංගු භාවය පිළිබඳව බයිබලානුකුලව බැරුරුම් ලෙස සැලකිලිමත්වේ. නැවතත්, ශුද්ධ ලියවිල්ලේ සත්‍යතාවයට එරෙහිව මරණයට ආසන්න අත්දැකීමක් පිළිබඳ විස්තරයක් වලංගු කළ යුතුය. එවැනි අත්දැකීමක් දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේ නම්, එය උන්වහන්සේගේ වචනයෙන් දැනටමත් එළදරව් කර ඇතිදේ සමඟ පෙළ ගැසී අවසානයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහුට මහිමය ගෙන එනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණය අසල අත්දැකීම් පිළිබඳව බයිබලය පවන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries