settings icon
share icon
ප්‍රශ්නය

පටු දොරටුව කොයිතරම් පටුද?

පිළිතුර


මතෙව් 7:13–14 සහ ලුක් 13:23–24 මගින් ස්වාමි වු යේසුස් වහන්සේ පටු දොරටුව හෙවත් පටු ද්වාරය ගැන සදහන් කර ඇත. උන්වහන්සේ පටු දොරටුව "පළල් මාර්ගය" හා සංසන්දනය කරමින් පවසනුයේ "පළල් මාර්ගය" විනාශය (නිරය) කරා ගෙන බවත්, එහි බොහෝ පිරිසක් ගමන් කරන බවත්ය. එසේම උන්වහන්සේ පවසා ඇත්තේ ජිවනය කරා ගෙන යන පටු මාර්ගය සහ එයට ඇතුඵ වන දොරටුව පටුවූ තරමට එයට ඇතුඵ වන සංඛ්‍යාවද අඩු වන බවය. මෙමගින් ඇත්ත වශයෙන්ම අදහස් වන්නේ කුමක්ද? එසේම "බොහෝ" යනු කෙතරම් බොහෝ සංඛ්‍යාවක්ද? ස්වල්ප යනු කෙතරම් ස්වල්ප සංඛ්‍යාවක්ද?

පලමු කොට අප තේරුම් ගත යුත්තේ සෑම දෙනාටම සදාතන ජිවනය ලබා ගැනීමට ඇතුඵ විය හැකි දොරටුව යේසුස් වහන්සේ බවය. "මාර්ගයද, සත්‍යයද, ජිවනයද," උන්වහන්සේ පමණක් වන බැවින් වෙනත් කිසිම මාර්ගයක් නොමැත. (යොහාන් 14:6) සදාතන ජීවනය සදහා ඇති එකම මාර්ගය ක්‍රිස්තුස් වහන්සේය. මේ අනුව එය එකම මාර්ගය බැවින් එය පටුය. එසේම එම පටු දොරටුව තුළින් එම මාර්ගයට පිවිසෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය. තවත් බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේ වෙතට ලගා වීමට වෙනත් විකල්ප මාර්ගයන් තෝරා ගැනිමට උත්සහ කරති. ඔවුන් ඒ සදහා මනුෂ්‍යයන් විසින් පනවන නීති සහ පනත්, ව්‍යාජ ධර්මයන් හෝ තමන්ගේම හැකියවන් උපයෝගී කර ගනිති. මෙම "බොහෝ" දෙනෙක් යන කණ්ඩායමට අයත් අය, විනාශය ලගා කර දෙන පළල් මාර්ගය තෝරා ගන්නා අතර, නියම බැටඵවන් ඔවුන්ගේ යහපත් එඩේරාගේ හඩ අසා, සදාතන ජිවනය කරා ගෙන යන පටු මාර්ගය ඔස්සේ උන්වහන්සේ පසුපස ගමන් කරති. (යොහාන් 10:7–11)

පළල් මාර්ගයේ ගමන් කරන අයගේ සංඛාව සමග සංසන්දන කරන විට යහපත් එඩේරානන් පසුපස ගමන් කරන බොහෝ පිරිසක්ද සිටිති. අපෝස්තුඵ යොහාන් තුමා තමා දුටු දර්ශනයෙන් මෙම පිරිස දුටු බවට එළිදරව් පොතේ මෙසේ සදහන් කර ඇත. ඉන්පසු සියලූ ජාතීන්ගෙන්ද ගෝත්‍ර වලින්ද ජන සමුහයාගෙන්ද භාෂාවන්ගෙන්ද කිසිවෙකුට ගණන් නොහැකි තරම් ඉමහත් පිරිසක් සුදු සඵ පැළද තාල පත්‍ර අතින් ගෙන සිහාසනය හා බැටඵ පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි. ඔවුහු මහ හඩින් මොර ගසා සිංහාසනයයෙහි වැඩ හිදින අපේ දෙවියන් වහන්සේගෙන්ද බැටඵ පෝතකයාණන්ගෙන්ද ගැළවීම පැමිණියේයයි කීහ. (එළිදරව්ව 7:9–10).

පටු මාර්ගයට පිවිසීම එතරම් පහසු නැත. යේසුස් වහන්සේ තම ශ්‍රාවකයින්ට එසේ කිරිමට "සටන් වදින" ලෙස උපදෙස් දෙමින් මේ බව පැහැදිලි කර දුන් සේක. "සටන් වැදීම" යන ග්‍රීක වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත්තේ "බලවත් මානසික හෝ කායික පීඩාව" යනුවෙනි. මෙමගින් පෙන්වා දෙනුයේ පටු දොරටුවෙන් ඇතුඵ වීමට තැත් කරන අය ඒ ස!දහා දැඩි ප්‍රයත්නයක් දැරිය යුතු බවත්, මහත් පීඩනයකට මුහුණ දිය යුතු බවත්ය. එම තත්ත්වය මලල ක්‍රීඩකයකු, තම දිනුම් කණුව කරා ළගාවීම සදහා තම සිරුරේ සියඵම මාංශ පේශීන් පීඩනයකට ලක්කරමින් මහත් පරිශ්‍රමයක් දැරිය යුතු වනවා හා සමානය. නමුත් මෙහිදී අප හොදින් තේරුම් ගත යුතු කාරණාව වනාහි අපගේ වීර්යය කොයිතරම් බලවත් වුවද, ගැලවීම ලබා ගත හැක්කේ ඇදහිල්ල නැමැති ත්‍යාගය ලබා දුන් දෙවියන් වහන්සේගේ කරුණාව කරණ කොට ගෙන බවය. (එපීස 2:8–9) කිසිවෙකුටවත් තමාගේ ස්ව උත්සහයෙන් ස්වර්ග රාජ්‍යය උරුම කර ගත නොහැක. මනුෂ්‍යයාගේ උඩගුකම, පාපය සදහා අප තුළ ඇති ස්වාභාවික ආශාව, සාතන්ගේ සහ ඔහු පාලනය කරන මෙම ලොව තුළින් ඇති වන විරුද්ධ කම් වැනි ක්‍රියාවන් අපට එරෙහිව සටන් කරන බැවින් පටු දොරටුවෙන් ඇතුළ් වීම බොහෝ දුෂ්කරය.

මෙම පටු මාර්ගයට ඇතුඵ වීම සදහා සටනට පෙළඹවීම පසුතැවිල්ලේ ආඥාවක් වන අතර පසෙකට වී එම මාර්ග දෙස බලා සිටීමවත් ඒ ගැන කල්පනා කරමින් සිටීමවත්, එම මාර්ගය ඉතා කුඩා බව හෝ අසිරු බව හෝ අසාධාරණ ලෙස පටු බව හෝ පැමිණිලි කිරීමටවත්, අනෙක් අය එම පටු මාර්ගයට ඇතුල් නොවන්නේ මන්ද කියා ඇසීමවත්, අපගේ නොහැකියාව ගැන නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටවත්, පසු බට වීමවත් නොකළ යුතුය. එම මාර්ගයට ඇතුඵ වන අයගේ හෝ ඇතුඵ නොවන අයගේ සංඛ්‍යාව ගැන සෙවීමට අප උනන්දු වියයුතු නැත. අප කළ යුතු වන්නේ සටන් කර ඉදිරියට ගොස් ඇතුඵ වීමය. එවිට ප්‍රමාද වීමට පෙර එලෙස සටන් කර පටු මාර්ගයට ඇතුල් වන පිණිස අන් අයවද පෙළඹවීමද අපට හැකි වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පටු දොරටුව කොයිතරම් පටුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries