settings icon
share icon
ප්‍රශ්නය

වෘතාන්ත දේවධර්මය යනු කුමක්ද?

පිළිතුර


වෘතාන්ත දේවධර්මය හෝ සමහරවිට "පශ්චාත්-ලිබරල්" දේව ධර්මය ලෙස හඳුන්වනු ලබන්නේ විසිවන සියවසේ අවසාන භාගයේදීය. යේල් දිව්‍ය පාසලේ දේවධර්මවාදීන් කණ්ඩාය මේ ක්‍රියාවලිය මේ සඳහා බල පෑවේය. එහි ආරම්භකයින් වන ජෝර්ජ් ලින්ඩ්බෙක්, හාන්ස්විල් හෙල්ම් ෆ්‍රෙයි සහ අනෙකුත් විද්වතුන් කාල් බාර්ත්, තෝමස් ඇක්වයිනාස් සහ යම්තාක් දුරට, කතෝලික සභාවේ ප්‍රතිසංස්කරණ යෝජනා කරන චින්තනයක් වන නූවෙල් දේවධර්මය, ප්‍රංශ කතෝලිකයන් වන හෙන්රි ද ලුබාක් වැනි නායකයින් විසින් බලපෑම් කරන ලදී.

වෘතාන්ත දේවධර්මය යනු ක්‍රිස්තියානි දේවධර්මය විසින් බයිබලය භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ශුද්ධ ලියවිල්ලෙන්ම තර්ක කරන ලද යෝජනා සමූහයක් හෝ සාමාන්‍යයෙන් "ක්‍රමානුකූල දේව ධර්මයක්" ලෙස හඳුන්වන යෝජනා සමූහයක් වර්ධනය කිරීමට වඩා ඇදහිල්ලේ වාර්තාගත නිරූපණයකටය. මූලික වශයෙන්, වෘතාන්ත දේව ධර්මය තරමක් පුළුල් යෙදුමකි, නමුත් බොහෝවිට එය දේවධර්මය වෙත ප්‍රවේශවීම මූලික වශයෙන් කතාවේ අර්ථය දෙස බලයි. මෙය සාමාන්‍යයෙන් සම්බන්ධ වන්නේ ගොඩ නැගුනු සත්‍යයන්ගෙන් හෝ එහි ක්‍රමානුකූල දේව ධර්මයෙන් ලබාගත් අර්ථය ප්‍රතික්ෂේප කිරීමෙනි.

තවත් විටෙක, වෘතාන්ත දේවධර්මය සම්බන්ධ වන්නේ අප මූලික වශයෙන් ශුද්ධ ලියවිල්ලෙන් මූලධර්ම, රීති හෝ නීති ඉගෙන ගැනීමට නොව, දෙවියන්වහන්සේ හා සම්බන්ධවීමට ඉගෙන ගත යුතු අතර, අපගේ ගැළවීමේ විශාල දැක්ම තුළ අපගේ කාර්ය භාරය ඉටු කරන්නේ කෙසේද යන්නයි. වෘතාන්ත හෝ පශ්චාත්-ලිබරල් දේවධර්මය කේන්ද්‍ර කරගත් කාරණා පිළිබඳ නොගැලපීම, නිකාය වාදය, විශ්වාස වාදය, සාපේක්‍ෂතා වාදය සහ සත්‍යය ඇතුළු බොහෝ විවාද හා විවේචන තිබේ.

කෙසේ වෙතත්, නිවැරදිව භාවිතා කරන විට, වෘතාන්ත දේවධර්මයට ක්‍රමානුකූල දේවවේදය සහ බයිබලානුකුල දේවවේදය සඳහා ගොඩනැඟිමේ කොටස් ලබා දිය හැකිය (එනම්, දෙවියන්වහන්සේගේ ප්‍රගතිශීලී ඉතිහාසය මනුෂ්‍යත්වයට එළිදරව් කිරීම). වෘතාන්ත දේවධර්මය උගන්වන්නේ දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ කටයුතු කළ ආකාරයයි. වෘතාන්ත දේවධර්මයට අනුබල දෙන අය කියා සිටින්නේ මෙයින් අදහස් කරන්නේ බයිබලය යෝජිත සත්‍ය ප්‍රකාශයක් නොකරන බවයි, නමුත් ශුද්ධලියවිල්ලේ මූලික අරමුණ වන්නේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනඟ අතර ඇති සම්බන්ධය සටහන් කර ගැනීමයි. අද අපට මෙම පශ්චාත් නූතන ලෝකයේ කෙසේද? මේ කතාව දිගටම කරගෙන යන්න. ක්‍රමානුකූල දේවවේදය වඩාත් නිවැරදිව විශ්ලේෂණය කිරීමට වඩා මෙය ප්‍රමුඛ ස්ථානයක් ගනී. වෘතාන්ත දේවධර්මයට අනුබල දෙන අය තර්ක කරන්නේ වෘතාන්ත දේවධර්මය මූලධර්මයන්ට අනුබලදීම සඳහා සන්දර්භයෙන් පද ඉවත් කිරීමට ඇති ඉඩ කඩ අඩු බවයි.

වෘතාන්ත දේවධර්මයේ තවත් අංශ ප්‍රයෝජන වත්වේ. නිදසුනක් වශයෙන්, අපට සත්‍යය ඉගැන්වීමට බයිබලයේ කථා තිබේ; අප එම සත්‍යයන් ගෙන් ඉගෙන ගත යුතු අතර මෙම පාඩම් අපගේ ජීවිතයට අදාළ කර ගත යුතුය. එනිසා, අප මෙම කථා ශුද්ධලියවිල්ලේ කතුවරුන්ගේ මුල් අභිප්‍රායයන්ට අනුව අර්ථ නිරූපණය කොට අදාළ කර ගත යුතුය. මේ නිසා කථා අප වෙනුවෙන් සංරක්ෂණය කර ඇත (රෝම 15:4 බලන්න). වෘතාන්ත දේව ධර්මයේ තවත් ධනාත්මක බලපෑමක් වන්නේ එය ප්‍රජාවේ වටිනාකම ශක්තිමත් කිරීමයි. නූතන කාල වලදී, මිනිසුන් බොහෝවිට ක්‍රිස්තියානි ධර්මය කේන්ද්‍ර ගත කර ඇත්තේ කෙනෙකුගේ පුද්ගලික ඇදහිල්ල වටාය, නමුත් දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දෙවියන්වහන්සේගේ සම්බන්ධතාවය පිළිබඳ බයිබලයේ කථාව අපට මතක් කර දෙන්නේ ප්‍රජාව අත්‍යවශ්‍ය බවය.

සත්‍යය අපට ගෙන ඒමට අදහස් කරන වාර්තාගත විශාල කොටස් බයිබලයේ අඩංගු බව සත්‍යයකි, එබැවින් යම් ආකාරයක වෘතාන්ත දේවධර්මයක් අනුගමනය කිරීම අපට වැදගත්වේ. කෙසේ වෙතත්, වෘතාන්ත දේවධර්මයට එහි ගැටළු ඇත, විශේෂයෙන් එය වගකීම් විරහිතව භාවිතා කර ඇතිවිට. තවද, මෙය ගතානුගති කකවයන් තුළ පවා සිදුවේ. මෙය විශේෂයෙන් සත්‍ය වන්නේ එහි ගුරුවරුන් සහ දේශකයින් බයිබලයේ මුල් අරුත ගැන නොසැලකිලිමත් වන අතර ඔවුන්ගේම අභිප්‍රායන් හෝ ශුද්ධලියවිල්ලට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් මගින් මෙහෙයවනු ලැබේ. මෙහි ප්‍රතිපලයක් ලෙස වෘතාන්ත ලියවිල්ල බොහෝවිට හානිකර ආකාරවලින් භාවිතාවේ.

වෘතාන්ත ලියවිල්ලට යටින් පවතින ක්‍රමානුකූල දේවධර්මයක් නොමැති බව හෝ එහි යටින් පවතින දේවධර්මය දැන ගත නොහැකි බව මිනිසුන් තීරණය කරනවිට වෘතාන්ත දේවධර්මයද අනිසි ලෙස භාවිතා කර ඇත. එවැනි අවස්ථාවන්හිදී, මුල් ලේඛකයන්ගේ හෝ පාඨයේ කතුවරුන්ගේ ලෝක දර්ශන හැරුණුවිට වෘතාන්ත ලියවිලි වල පාඩම් තේරුම් ගත හැකි බව ගම්‍යවේ. මූලික වශයෙන්, මෙහි ප්‍රතිපලය වනුයේ වෘතාන්ත දේවධර්මයේ සමහර යෝජනා කරන්නන් කතාවේ සිට යෙදුමට කෙලින්ම ගමන් කිරීම හා ශුද්ධලියවිල්ල පිළිබඳ වඩාත් තර්කානුකූල විශ්ලේෂණයන් මග හැරීමයි. නමුත් යථාර්ථයේදී මෙය කළ නොහැක. වෘතාන්ත දේවධර්මයේ වඩාත්ම පැහැදිලිව පෙනෙන බලපෑම නැගී එන සභාව තුළ දක්නට ලැබෙන්නේ ක්‍රමානුකූල දේවවේදය කෙරෙහි ඇති අවිශ්වාසය හා සාපේක්ෂව අඩු සැලකිල්ලෙනි.

වෘතාන්ත දේවධර්මයේ උපදේශකයෝ, විශේෂයෙන් නැගී එන සභාවේ, දේවධර්මය අපට ප්‍රබන්ධ කළ හැකි දෙයක් නොවන බව පවසති. ඔවුන් පවසන්නේ "හොඳ" පුද්ගලයන් වසර ගණනාවක් තිස්සේ විවිධ නිගමන වලට එළඹ ඇති බවයි. එබැවින් දේවධර්මය පිළිබඳව තීරණාත්මක ප්‍රකාශ කිරීමට කරදර වන්නේ ඇයි? මේ අනුව, ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, දේවධර්මය යනු සංයුක්ත, නිරපේක්ෂ හා බලයලත් දෙයක් නොවේ. අතීතයේදී මිනිසුන් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් විශ්වාස කළ බව ඔවුහු පවසති. කවුරුද හරි, කවුරුද වැරදියි.

මේ සියල්ලේ ප්‍රතිපලයක් ලෙස අද සමහර සභාවල අපට සාපේක්ෂතාවාදය බහුලව තිබේ. කවුද හරි, කවුද වැරදි කියලා දන්නේ නැහැ. ඊටත් වඩා නරක දෙය නම් එය කිසිවෙකු ගැන නොසිතීමයි. එහි ප්‍රතිපලයක් වශයෙන්, සභාවේ ලෞකික පශ්චාත් නූතනවාදයට ගොදුරුවේ. එහිදී කෙනෙකුට සත්‍යය තවත් කෙනෙකුට සත්‍ය නොවිය හැකිය. සභාව ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම ඉවසා සිටින අතර කිසිවක් නොමැතිව සිටියි

නැගී එන සභාවේ ව්‍යාපාරය වැනි වෘතාන්ත දේවධර්මයට අනුබල දෙන සමහර අය දේශනා කිරීම සම්පූර්ණයෙන්ම අත් හරිති. කවුරු හරි සම වයසේ මිතුරන් අතර වාඩිවී එම දිනය හෝ සතියේ දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් යැයි සිතනදේ බෙදා හදා ගත හැකිය. ඔවුන්ගේ ගමනට අදාළ ලියවිල්ලක් පවා ඔවුන් සඳහන් කළ හැකිය. නමුත් ඔවුන්ගේ අත්දැකීම් හා හැඟීම් කේන්ද්‍රස්ථානය මිස දේවවචනය නොවේ. ඔවුන් කතාවක් විස්තර කරනවා හෝ ශුද්ධලියවිල්ලේ කොටසක් කියවා නතර කරනවා. අවවාද කිරීම, තරවටු කිරීමහෝ ක්‍රියා කිරීමට කැඳවීම අවශ්‍ය නොවේ. එය ශුද්ධ ලියවිල්ලේ බලයලත් ප්‍රශයකට අනුකූලවීම ගැන නොව, මාංසික ආශාවන් ශක්තිමත් කිරීම සඳහා ශුද්ධලියවිල්ල භාවිතා කිරීමයි.

සභාව සත්‍යයේ කුළුණ සහ ආධාරකරු විය යුතුය (1 තිමෝති 3:15), සත්‍යය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගලයා තුළින් බයිබලයේ සඳහන් පරිදි ධර්මයකි. අප දැක ඇති පරිදි, වෙනත් ආකාරවලින් එහි ප්‍රතිලාභ ඇතත්, වෘතාන්ත දේවධර්මය, තම ආගම සහ ඔවුන්ගේ "දෙවියන්" හැඩ ගස්වා ගැනීමට කැමති පශ්චාත් නූතනවාදීන්ට ආයාචනා කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වෘතාන්ත දේවධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries