settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේව හඳුන්වන විශේෂ නාමයන් හා ඒවායේ තේරුම් මොනාවා ද?

පිළිතුර


සෑම නාමයක්ම පාහේ දෙවියන්වහන්සේ අපට එළිදරව් කිරීමට උත්සහ කරනු ලබන්නේ බයිබලයෙහි සඳහන් විශේෂ මුහුණු වරයන්ය. පහත සඳහන් වන්නේ බයිබලයෙහි සඳහන් වන්නේ විශේෂ වූ නාමයන්ය.

එල් එලෝහි: දෙවියන්වහන්සේ විශ්මිතයි. බලවන්තයි. විශිෂ්ඨයි. (උත්පත්ති 7: 1, යෙසායා 9:6 ) ශබ්දාර්තයේ තේරුම එනම් එහි බලයයි, එනම් ඔබට හිංසා කිරීමට මට බලය ඇත යනුයි. (උත්පත්ති 31:29) එල්හි තේරුම නම් අනෙකුත් ගතිගුණ එනම් අවංකත්වය (ගණන් කථව 23:19) ඊර්ශයාව (ද්විතිය කථාව 5:9) හා දයාව (නෙහෙමියා 9:31) නුමුත් විශේෂ වූ තේරුම මුල් බැස තිබෙයි.

එලෝහිම්: දෙවියන්වහන්සේ මැවුම්කරු, ප්‍රබල හා ශක්තිමත් බවයි. (උත්පත්ති17:7, යෙරමියා 31:33) එහි බහු වචන තේරුම නම් ත්‍රිත්වයේ මහත් වූ සිංහාසනයයි. බයිබලයෙහි පළමුවන පදයෙහිම දෙවියන්වහන්සේගේ බලය හා දෙවියන්වහන්සේ හා සමාන අතර ද එලෝහිම් ලෝකයට ඡීවය දුන් බවය. (උත්පත්ති 1:1).

එල් ශද්දයි: දෙවියන්වහන්සේ සර්ව බළධාරියි, යාකොබ්ගේ ඉතා පුදුම වූ දෙවියන් වහන්සේය. (උත්පත්ති 49:24, ගීතාවලිය 132: 2,5) මෙම පදයන්හි දෙවියන් වහන්සේගේ ඉතා උත්කෘෂ්ඨ වූ බලය ඉතා පැහැදිලිව පෙන්වා දෙයි.

ඇඩොනායි: යාවේ නාමයට වෙන නාමයක් ලෙස ඇඩොනායි හැඳින්විය හැක. එනම් යුදා සෙනඟ ඉතා ශුද්ධව මිමිණීමට කියූ නාමයක්ය. පැරණි ගිවිසුමේ බොහෝ ස්ථානයන්හි යාවේ සඳහන් කළ අතර ද අඩොනායි බොහෝ අන්‍ය ඡාතිකයන් විසින් පාවිච්චි කරනු ලැබුවේය.

යාවේ / යෙහොවා: දෙවියන්වහන්සේ (ද්විතිය කථාව 6:4, දානියෙල් 9:14) පැහැදිලි ලෙස පවසන්නේ දෙවියන්වහන්සේට උචිත වූ විශේශම නාමය මෙය බවය. දෙවියන් වහන්සේගේ යන වචනය තේරුම ඇඩොනායි යන තේරුමට වඩා බොහෝ වෙනස් වේ. මෙම නාමය ප්‍රථමයෙන්ම ලබා දුන්නේ මොසෙස්ටය. මම ස්වයංම්භුද නම් දෙවියන්වහන්සේය. (නික්මයාම 3:14) මෙම නාමය ආසන්න බව හා අභිමුඛත්වය පෙන්වා දෙයි. යාවේ අප අතර වැඩ සිටින, අපට ළංවිය හැකි හා දෙවියන්වහන්සේ තුළින් මිදීම (ගීතාවලිය 107:13) හා සමාව දීම (ගීතාවලිය 25:11) හා රැකවරණය (ගීතාවලිය 31:3).

යාවේ ඡයිරා: දෙවියන්වහන්සේ අපට සපයන සේක. (උත්පත්ති 22:14) ආබ්‍රහම් විසින් නැවත පුනර්ඡීවයට පත් වූයේ ඊසාක් වෙනුවට බැටළුවෙකු සපයා දීම කරණකොටගෙනය.

යෙහෝවා රාෆා: දෙවියන්වහන්සේ සුවයයි (නික්මයාම 15:26) මම නම් ඔබ සුව කරන්නාවූ යොහෝවායි, මනසින් හා ශරීරයෙන් ද සුවය දෙන්නාවූ එනම් ශාරීරිවකව තිබෙන ලෙඩ රෝග හා මානසිකව වද දෙන්නාවූ අසමාන කම් වලට අපට සුවය තිබේ.

යෙහෝවා නිස්සී: දෙවියන්වහන්සේ අපගේ ඡය කොඩියයි. (නික්මයාම 17:15) එනම් ඡය කොඩිය ප්‍රධාන තැනක් ගන්නේය. මෙම නාමය කාන්තාරයේදී අමලෙක්වරුන්ගෙන් ලද ඡයග්‍රහණය පෙන්වා දෙයි (නික්මයාම17).

යාවාවේ මෙකඩිෂ්: දෙවියන්වහන්සේ පූඡා වූ සේක. උන්වහන්සේ ශුද්ධය. (ලෙවී කථාව 20: 8, එසකියෙල් 37:28) උන්වහන්සේ අපට පෙන්වා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාවට නොව දෙවියන්වහන්සේට පමණක් අපගේ පව් සේදීය හැකි බවය.

යාවවේ ශාලොම්: දෙවියන්වහන්සේ ප්‍රේමයයි. (යුදා 6:24), දෙවියන් වහන්සේගේ දූතයා විසින් ඔබව ආරක්ෂා කරන බව ගිඩියොන්ට කී අවස්ථාවේ ගිඩියොන් විසින් උන් වහන්සේට සෑඳූ පූඡාසනයට දුන් නාමයයි.

යාවේ එලෝහිම්: දෙවියන්වහන්සේ ස්වාමින්වහන්සේය (උත්පත්ති 2:4, ගීතාවලිය 59:5) දෙවියන්වහන්සේට විශේෂිත වූ නාමය වන යාවේ යන නාමය හා ස්වාමින්ගේ ස්වාමි වන නාමය අතර සම්බන්ධයයි.

යාවේ සිත්කිනූ: දෙවියන්වහන්සේ අපගේ ධර්මිෂ්ඨකමයි (යෙරමියා 33:16) යාවේ මෙකඩිෂ් ලෙස දෙවියන්වහන්සේට පමණක් මිනිසුන්ව ධර්මිෂ්ඨ කළ හැකි බව සඳහන් කළ යුතුය. යේසුස්වහන්සේ අපගේ පාපයට පූඡාවක් කොට අපව ධර්මිෂ්ඨ කරනු ලැබුවේය (2 කොරින්ති 5:21).

යාවේ රෝහි: දෙවියන්වහන්සේ අපගේ බැටළු එඞේරාය. (ගීතාවලිය 23:1) දාවිත් වෘත්තිමය ලෙස බැටළු එඞේරා හා බැටළුවා අතර තිබූ සබඳතාවය සැබවින්ම දෙවියන්වහන්සේ හා ඔහු සමඟ තිබූ සබඳතාවයට සමාන බව හා එබැවින් ඔහු කියා සිටියේ යාවේ රෝහි සැබවින්ම දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝය. (ගීතාවලිය 23:1).

යාවේ ශම්මා: දෙවියන්වහන්සේ වැඩ සිටින සේක (එසකියෙල් 48:35) මෙම නාමය දෙවියන්වහන්සේගේ මාළිගය නිරූපණය කරයි (එසකියෙල් 8-11 හා එසකියෙල් 44 : 1-4)

යාවේ සබාහොත්: දෙවියන්වහන්සේ අපව උසුලාගෙන යන බවය. (යෙසායා 1:24. ගීතාවලිය 46:7) උසුලාගෙන යාම යනු දේව දූතයන්ට වඩා අපව උන් වහන්සේ උසුලාගෙන යන බවය. උන්වහන්සේ ස්වර්ගය හා අනෙකුත් සියළු වාසස්ථාන, යුදෙව්වන් හා අන්‍යඡාතීන් ද දුප්පතුන් හා පොහොසතුන් ද වහලූන් හා උගතුන් උසුලාගෙන යන බවය. එම නාමයෙහ්ම අර්ථය වන්නේ මහිමය බලය හා දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය හා දෙවියන්වහන්සේ උන්වහන්සේට ළං කරගැනීමට හැකිදේ උන්වහන්සේ ළං කර ගන්නා බව මෙහිදී අපට පෙන්වා දෙයි.

එල් එලෝන්: ඉතා උසස්වූ (ද්විතිය කථාව 26:19) - හෙබ්‍රව් භාෂාව මුල්කොට ගෙන පැමිණෙන මෙම වචනය ඉදිරියට යෑම හා එසවීම, එබැවින් එහි සෑබෑ තේරුම නම් ඉතා උසස් වූ යන්නයි. එල් එලෝන්හි සෑබෑ තේරුම නම් දේවත්වය ගැන පැහැදිලිව කථා කරන එහි මුදුන්මල් කඩයි.

එල්රෝයි: දෙවියන්වහන්සේ දක්නා සේක. (උත්පත්ති 16:13) මෙම නාමයෙන් දෙවියන් වහන්සේව ආමන්ත්‍රණය කරනු ලැබුවේ හාගර් විසින් සාරා විසින් ඈයව සිය නිවසින් පන්නා පාළු කාන්තාරයේ සිටින විටය. (උත්පත්ති 16:1-14) හාගර් දේවදූතයා මුණගැසුණ විට, ඇයට දෙවියන්වහන්සේව ඒ තුළින් පෙනුණ අතර ඈය ඒ තුළින් වටහා ගෙන ඇත්තේ දෙවියන්වහන්සේ ඇගේ අසරණකමේ දී ඇය සොයාගෙන ආ බවය.

එල් එලෝම්: සදාකාලික වූ දෙවියන්වහන්සේය (ගීතාවලිය 90:1-3) දෙවියන් වහන්සේගේ ස්වරූපය නම් අවසානයක් හෝ පටන්ගැන්මක් නොමැති කමයි. කාලය සමඟ කිසිඳු ගණුදෙණුවක් නොමැති අතර උන්වහන්සේට ඔහුගේම වූ කාලය යොදා ගෙන අපව සෑහීමකට පමුණුවයි. සදාකාලයෙන් සදාකාලයට උන්වහන්සේ දෙවියන් වහන්සේයි.

එල් ගිබොර්: බලවත් වූ දෙවියන්වහන්සේ. (යෙසායා 9:6), යෙසායා අනාගතවකෘතවරයාගේ යේසුස්වහන්සේ එනම් මෙසියස්වහන්සේගේ නාමය විස්තර කරන්නෙකි. එනම් ශක්තිමත් රණ ශුරයෙකි, මෙසියස්වහන්සේ හා දෙවියන් වහන්සේගේ සතුරන්ගේ විනාශය සිදුවීම (එළිදරව්19:15). English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේව හඳුන්වන විශේෂ නාමයන් හා ඒවායේ තේරුම් මොනාවා ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries