settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ නාමයන් සහ උන්වහන්සේට පටබැදි නාමයන් මොනවාද?

පිළිතුර


ශුද්ධාත්මයාණන්වහන්සේව බොහෝ නාමයන් වලින් සහ පටබැදි නාමයන් වලින් හඳුන්වනු ලබන අතරම ඒවායින් බොහෝමයක්ම තුළින් අඟවනු ලබන්නේ උන්වහන්සේගේ සේවයේ යම් ක්‍රියාකාරිත්වයක් හෝ ලක්ෂණයකි. පහත සදහන් වනු ලබන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයන් සමහරක් සහ දේව වචනයේ උන්වහන්සේ පිළිබද සදහන් වන වර්ණනයන් කිහිපයකි:

ශුද්ධ ලියවිල්ලේ කර්තෘන්: (2 පේත්‍රැස් 1:21; 2 තිමොති 3:16) දේව වචනය වූ කලී ශුද්ධාත්මයාණන්වහන්සේ එනම් ත්‍රිත්වයේ තුන්වන තැණන්වහන්සේ විසින් පොළඹවනු ලැබූ, වචනානුසාරයෙන් කිවහොත් “දේවානුභාවයෙන්” යුක්ත වූවකි. ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් බයිබලයේ පොත් 66 හිම කර්තෘන්ට ඔවුන්ගේ හදවත් සහ සිත්, උන් වහන්සේගේ ආනුභාවය තැබූ සියල්ලම ඒ ආකාරයෙන්ම වාර්තා කිරීමට පොළඹවනු ලැබූ සේක. ජලය හරහා ගමන් කරන නැවක රුවල්, සුළං මගින් ගෙන යනු ලබන්නා හා සේම දේව වචනානුකූල ලේඛකයන්ව ආත්මයාණන්වහන්සේගේ පෙළඹවීම කරණකොටගෙන ගෙන යනු ලැබූහ.

සැනසිලිදායකයාණෝ / මන්ත්‍රීවරයාණෝ / මැදහත් කාරයාණන්වහන්සේ: (යෙසායා 11:2; යොහාන් 14:16; 15:26; 16:7) ඉහත වචන 3 ම “පරක්ලේටෝස්” යන ග්‍රීක වචනයේ පරිවර්තනයන් වන අතරම “පැරක්ලිටි” යන ඉංග්‍රීසි වචනය අපට ලැබෙන්නේ එතුලිනි. එය ශුද්ධාත්මයාණන් වහන්සේට දෙනු ලබන තවත් නාමයකි. යේසුස්වහන්සේ මේ පොළොවෙන් නැවත ස්වර්ගයට ගිය කළ උන්වහන්සේගේ ගෝලයින් බොහෝ සේ පීඩාවට පත් වූයේ ඔවුනට එතුමන්ගේ සැනසිලිදායක අභිමුඛත්වය නැතවී ගිය හෙයිනි. එනමුත් ක්‍රිස්තුස්වහන්සේට අයත් වූවන්ව සනසාලීමට, අස්වසාලීමට සහ මග පෙන්වීමට ශුද්ධාත්මයාණන්වහන්සේව එවීමට උන්වහන්සේ පොරොන්දු වූ සේක. අප උන් වහන්සේට අයත් බව අපගේ ආත්මයන් හා සමග ආත්මයාණන් වහන්සේද සාක්ෂි දරමින් එමගින් අපට ගැළවීම සහතික කරනු ලබන සේක.

පාපය එත්තු ගන්වන තැණැන්වහන්සේ: (යොහාන් 16:7–11) මිනිසාට තමාගේ සිත් තුළට දෙවියන්වහන්සේගේ සත්‍යතාවයන් ආත්මයාණන්වහන්සේ විසින් අදාල කරනු ලබන්නේ තමන් පව්කරුවන් බව ප්‍රමාණවත් සහ සාධාරණ තර්ක මගින් එත්තු ගැන්වීම පිණිසය. උන්වහන්සේ මෙසේ අපගේ හදවත් තුළ ඒත්තු ගන්වනු ලබන්නේ, ශුද්ධවූ දෙවියන් වහන්සේ ඉදරියේ සිට ගැනීමට පවා අප යෝග්‍ය නොවන බව මෙන්ම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට අවශ්‍යය වන සහ එම විනිශ්චය ඒකාන්ත වන අතරම යම් දිනයක මනුෂ්‍යයා වෙතට එය පැමිණෙන්ට යන බවය. මෙම සත්‍යතාවයන් ප්‍රතික්ෂේප කරන්නවුන් ආත්මයාණන්වහන්සේගේ ඒත්තු ගැන්වීමට එරෙහිවද කැරලි ගසනු ලබති.

සහතියක් වන / මුද්‍රාවක් වන / ඒකාන්ත තැණන්වහන්සේ: (2 කොරින්ති 1:22; 5:5; එපීස 1:13–14) ශුද්ධාත්මයාණන්වහන්සේ වනාහී තමන්වහන්සේගේ සෙනග කෙරෙහි වන දෙවියන්වහන්සේගේ මුද්‍රාවක් මෙන්ම උන්වහන්සේටම අයත් ලෙස අපට හිමිකමක් දෙන්නාවූ තැණැන්වහන්සේය. ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා වූ කලී අපගේ ස්වර්ගීක උරුමයට මුල් ගෙවීමක් වන්නේ එය ක්‍රිස්තුස්වහන්සේ විසින් අපට පොරොන්දු වූ සහ කුරුසියේදී අප වෙනුවෙන් සුරක්ෂිත කරනු ලැබූවක්ද වේ. එය එසේ වන්නේ ආත්මයාණන්වහන්සේ විසින් අපට ගැළවිම සහතික කොට ඇති බව මුද්‍රා කොට ඇති හෙයිනි. දෙවියන් වහන්සෙගේ මුද්‍රාව කිසිවකුට කැඩිය නොහැකි වේ.

මාර්ගෝපදේශකයාණෝ: (යොහාන් 16:13) ශුද්ධ ලියවිලි ලේඛකයන්ට සත්‍යය වාර්තා කරනු ලබන පිණිස ආත්මයාණන්වහන්සේ මග පෙන්වනු ලැබූ ආකාරයටම උන්වහන්සේ ඇදහිලිවන්තයන්ට එම සත්‍යය දැන ගැනීමට සහ තේරුම් ගැනීමට මග පෙන්වීමට පොරොන්දු වන සේක. දෙවියන්වහන්සේගේ සත්‍යය ලෝකයාට “අඥාණ කමකි”, මන්දයත් එය “ආත්මික ලෙස විමසනු” ලබන්නකි (1 කොරින්ති 2:14). ක්‍රිස්තුස් වහන්සේට අයත් වන්නන්ට, අපට ආත්මික කාරණා පිළිබද දැන ගත යුතු සියල්ල කෙරෙහි මගපෙන්වනු ලබන තමන් තුළ වැඩවසන ආත්මයාණන්වහන්සේ සිටින සේක. ක්‍රිස්තුස්වහන්සේට අයත් නොවන්නන්ට තමන්ට දේව වචනය දැන ගැනීමට සහ තේරුම් ගැනීමට මග පෙන්වනු වස් “පරිවර්තකයෙකු” නොමැත.

ඇදහිලිවන්තයන් තුළ වැඩ වසන තැණන්වහන්සේ: (රෝම 8:9–11; එපීස 2:21–22; 1 කොරින්ති 6:19) ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ සෙනගගේ හදවත් තුළ වාසය කරනු ලබන අතර එම වැඩ වාසය කිරීම නැවත ප්‍රකෘතිමත් කරනු ලැබූ පුද්ගලයන් තුළ වන ගෞරවාත්මක චරිත ලක්ෂණයකි. ඇදහිලිවන්තයන් තුළ සිට එතුමාණන් අපව මෙහෙයවමින්, මගපෙන්වමින් සහ බලපෑම් කරමින් මෙන්ම ආත්මයාණන්වහන්සේගේ ඵලද අප තුළ ඇති කරනු ලබන සේක (ගලාති 5:22–23). උන්වහන්සේ විසින් දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන් අතර ඉතා කිට්ටු සබදතාවයක් සලසා දෙනු ලබන සේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ සෑම සැබෑ ඇදහිල්වන්තයෙක් තුළම තමන්ගේ හදවත් වල ආත්මයාණන්වහන්සේ වැඩ සිටින සේක.

මැදහත් කාරයාන්වහන්සේ: (රෝම 8:26) ශුද්ධාත්මයාණන්වහන්සේගේ ඉතාමත්ම දිරිගන්වන සහ සැනසිලිදායක ලක්ෂණයක් නම් උන්වහන්සේ වාසය කරන්නවුන් වෙනුවෙන් එතුමන්ගේ මැදහත් කාරකමේ සේවයයි. අප දෙවියන්වහන්සේ වෙතට ලගා වූ විට යාච්ඤා කළ යුතු ආකාරය හෝ කුමක් පිළිබදව යාච්ඤා කළ යුතුදැයි බොහෝ විට නොදන්නෙමු හෙයින් ආත්මයාණන්වහන්සේ අප වෙනුවෙන් මැදහත් කාරකම් කරමින් යාච්ඤා කරන සේක. උන්වහන්සේ අපගේ “කෙදිරිගෑම්” පරිවර්තනය කරනු ලබන්නේ අපගේ පීඩා සහ ජීවිතයේ අවශ්‍යතාවයන් වලින් පීඩාවට පත්වන විට, අප පසෙකින් සිට අපට උපකාර කරමින් කරුණාවේ සිංහාසනය ඉදිරිපස අපව ස්ථිර කරමිනි.

අනාවරණය කරනු ලබන සත්‍යයතාවයේ ආත්මයාණන්වහන්සේ: (යොහාන් 14:17; 16:13; 1 කොරින්ති 2:12–16) යේසුස් වහන්සේ විසින් පොරොන්දු වනු ලැබුවේ උන් වහන්සේගේ උත්ථානයෙන් පසුව “සියලූ සත්‍යයන් කරා මග පෙන්වනු පිණිස” ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණෙනු ලබන පිණිසය. ආත්මයාණන්වහන්සේ අපගේ හදවත් වල වාසය කරනු ලබන හෙයින් අපට විශේෂයෙන්ම ආත්මික කාරණා තුළ සත්‍යය තේරුම් ගැනීමට හැකි වන්නේ නොඇදහිලිවන්තයන්ට තේරුම් ගැනීමට නොහැකි වන ආකාරයකිනි. ඇත්ත වශයෙන්ම කිවහොත් ආත්මයාණන්වහන්සේ විසින් අපට අනාවරණය කරන ලබන සත්‍යයතාවයන් ඔවුනට “අඥාණ කමකි” එසේම ඔවුන්ට එය තේරුම් ගැනීමටද නොහැකිය. එනමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත ඇත්තේ උන්වහන්සේගේ ආත්මයාණන් නමැති පුද්ගලයාණන් අප තුළ වාසය කරනු ලබන හෙයිනි.

දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ / ස්වාමින්වහන්සේ / ක්‍රිස්තුස්වහන්සේ: (මතෙව් 3:16; 2 කොරින්ති 3:17; 1 පේත්‍රැස් 1:11) මෙම නාමයන් තුළින් අපට සැබවින්ව මතක් කර දෙනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ත්‍රිත්ව දේවත්වයේ එක් තැණැන්වහන්සේ කෙනෙකු බවත් පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ මෙන්ම උන්වහන්සේද හුදෙක්ම දෙවියන්වහන්සේ වන බවය. උන්වහන්සේව මූලිකවම අපට අනාවරණය වනු ලබන්නේ මැවිල්ලේදීය. එනම් උන්වහන්සේ “ජල මතුපිට හැසිරෙමින්” සිටිමින් මැවිල්ලේ එතුමන්ගේ කොටස අගවනු ලැබුවේ “සියල්ල මැව්වාවූ” (යොහාන් 1:1–3) යේසුස්වහන්සේ හා සමගිනි. දෙවියන් වහන්සේගේ මෙම ත්‍රිත්වය අප නැවතත් දකින්නේ යේසුස්වහන්සේගේ බවිතීස්මයේදී උන්වහන්සේ මතට ආත්මයාණන්වහන්සේ බැස ආ අතර පියාණන්වහන්සේගේ හඩද ඇසිණි.

ජීවනයේ ආත්මයාණන්වහන්සේ: (රෝම 8:2) “ජීවනයේ ආත්මයාණන් වහන්සේ” යන වාක්‍යය ඛණ්ඩයේ අරුත නම් ජීවනය දෙනු ලබන්නේ නොහොත් ඇති කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ බවයි. එහෙත් ඉන් කියැවෙන්නේ උන්වහන්සේ විසින් ගැළවීම අරඹනවා නොව නමුත් ඒ වෙනුවට ජීවිතයේ අළුත් භාවයක් නිදහස් කරනු ලබන බවය. ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප සදාකාල ජීවනය ලබන කල්හී අපගේ ආත්මික ජීවිතය පෝෂණය කරනු ලබන ආත්මික් ආහාර ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් සපයා දෙන සේක. මෙහිදී නැවතත් අපට දක්නට ලැබෙන්නේ ත්‍රිත්වයේ දෙවියන්වහන්සේ ක්‍රියාත්මක වන ආකාරයවේ. පියාණන්වහන්සේ මගින් අප ගැළවීමට පැමිණ ඇත්තේ පුත්‍රයාණන්වහන්සේගේ ක්‍රියාවන් කරණකොටගෙන වන අතර එම ගැළවීම ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ස්ථිර කරනු ලබයි.

ආචාර්‍යයාණන්වහන්සේ: (යොහාන් 14:26; 1 කොරින්ති 2:13) යේසුස්වහන්සේ විසින් පොරොන්දු වනු ලැබුවේ ආත්මයාණන්වහන්සේ විසින් ගෝලයන්ට “සියල්ලම” උගන්වනු ලබන බවත් උන්වහන්සේ ඔවුන් හා සමග සිටියදී එතුමන් විසින් කියනු ලැබූ සෑම දෙයක්ම ඔවුන්ගේ මතකයට ගෙන එනු ලබන බවත්ය. නව ගිවිසුමේ ලේඛකයන්ව ආත්මයාණන්වහන්සේ විසින් පොළඹවනු ලැබුවේ සභාව සංවිධානය කිරීම සහ ගොඩ නැගීම පිණිස යේසුස්වහන්සේ විසින් දෙනු ලැබූ උපදෙස් මතක තබා ගෙන තේරුම් ගැනීමටත්, උන්වහන්සේ පිළිබද ඉගැන්විම්ද, ශුද්ධ ජීවිතයකට මග පෙන්වීම් සහ ඉදිරියේදී සිදුවන්නට තිබෙන දේ පිළිබද එළිදරව් කිරීම්ය.

සාක්ෂිකරුවාණන්වහන්සේ: (රෝම 8:16; හෙබ්‍රව් 2:4; 10:15) ආත්මයාණන් වහන්සේව “සාක්ෂි කරුවාණන්වහන්සේ” ලෙස හඳුන්වනු ලබන්නේ එතුමාණන් විසින් අප දෙවියන්වහන්සේගේ දරුවන් බවදල හාස්කම් කරනු ලැබූ යේසුස්වහන්සේ සහ ගෝලයන්ව එවනු ලැබුවේ දෙවියන්වහන්සේ බව සහ බයිබලයේ පොත් දේව අනුග්‍රහය ලත් බවත් සත්‍යාපනය කොට සාක්ෂි දෙනු ලබන සේක. තවද ආත්මයාණන්වහන්සේගේ දීමනා ඇදහිල්වන්තයන්ට දීම තුළින් උන්වහන්සේ විසින් අපට සහ ලෝකයට සාක්ෂි දරනු ලබන්නේ අප දෙවියන්වහන්සේට අයත් බවය. English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේගේ නාමයන් සහ උන්වහන්සේට පටබැදි නාමයන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries