settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ විවිධ නාමයන් හා නිල නාමයන් මොනවාද?

පිළිතුර


පරණ ගිවිසුමෙහි හා අළුත් ගිවිසුමෙහි දුසිම් ගණන් නාමයන් බයිබලයේ ඇත. ඉතා ප්‍රසිද්ධ නාමයන් පහත සඳහන් කොට ඇත.

ව්‍යවස්ථා පොත (ද්වීතීය කථාව 31:26) "මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්‍ෂියක්ව තිබෙණ පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න". බයිබලය ව්‍යවස්ථා පොතක් ලෙස විග්‍රහ කර ඇතිමුත් එම ව්‍යවස්ථාව / නීතිය අපව වහලුන් කරන්ට හෝ දෙවියන් වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය බලෙන් මැඩ පවත්වන්ට නොවන නමුත් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පිළිබඳ අපගේ දැන ගැන්ම වර්ධනය කරන්ටත් අපව ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කරන්ටත්ය.

සුභාරංචිය (රෝම1:16) "මක්නිසාද මම ශුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යූදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලය තිබෙන නිසාය". බයිබලය අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය / සුබසුන එළිදරව් කරයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කරණකොටගෙන අපගේ පාපයන් කමා කරනු ලැබු අතර ගැළවීම ප්‍රදානය කරන ලදී.

ශුද්ධ ලියවිල්ල (රෝම1:2) "දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමිවූ යේසුස් වහන්සේ ගැන අනාගතවකෘවරුන් ලවා ශුද්ධලියවිලි වල පූර්වයෙහි පොරොන්දු කෙරෙවූ ". බයිබලය යනු ශුද්ධ සහ අධිකාරිත්වයෙන් යුත් දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලියවන ලද පූජනීය ලියවිලි වල එකතුවකි .

ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව " ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය. ස්වාමින් වහන්සේගේ සාක්‍ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත් කරන්නේය". දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව වෙනත් කිසිවක් සමඟ පැටලෙන්නට නොහැකිය. එය දෙවියන් වහන්සේගේ අණ පණත්ය. එතුමාගේම පමණක්ම වන අතර මනූෂ්‍යයන්ගේ අනියමිත ඒවා නොවේය.

ජීවමාන වචනය (ක්‍රියා7:38) "සීනායි කන්දේදී තමාට කථා කළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමගද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්. අපට දෙන පිණිස ජීවන වෘක්‍ෂයෙන් ලැබුවෙත් මොහුය". බයිබලය ජීවමාන පොතක් වන අතර සෑම පොතක්ම, පරිච්ජේදයක් සහ පදයක්,දෙවියන් වහන්සේ පිළිබඳ ඥානය හා දැන ගැන්ම ඇති කරයි.

ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය (කොලොස්සි 3:16) "ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකාවලින්ද, කවිවලින්ද, ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින් නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන් වහන්සේට ගීතිකා කරපල්ලා". ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය යනු පාපයෙන් ගැළවීම, එය සම්පූර්ණ / ඉෂ්ට කරන්ට පුළුවන් වූ එකම තැනන්වහන්සේගෙන් පමණි.

ලියවිලි (2 තිමොති 3:16) "දෙවියන් වහන්සේගේ මනූෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ". බයිබලය අනෙක් කිසිම පොතකට සමාන නොවූ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් විසින් පොළඹවනු ලැබූ හෝ "ආත්මයාණන් විසින්" ගෙන යන ලැබුවාවූ ලියවිලි කිහිපයක එකතුවක් වේ.(2 පේත්‍රස් 1:21).

අකුලනලද පොත (ගීතාවලිය 40”:7) "මෙන්න මම මෙහිය, මම පැමිණියෙමි. අකුලන ලද පොතෙහි මා පිළිබඳ ලියා තිබේ", යේසුස් වහන්සේ පිළිබඳ අනාගතවාක්‍ය පැවසීමේදී බයිබලයද එයට අකුලන ලද පොත ලෙස සඳහන් කරන අතර පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යායුතු මිල කළ නොහැකි හම්පතක ලියන ලද ඥානයෙන් පිරුණු ලියවිල්ලකි.

ආත්මයාණන් වහන්සේගේ කඩුව (එපීස 6:17) "ගැළවීම නැමති ආරක්‍ෂක තොප්පියද දෙවියන් වහන්සේගේ වචනය නැමති ආත්මයාණන් වහන්සේගේ කඩුවද ගනිල්ලා". කඩුව ලෙසටම බයිබලයටද පහර වළකන්නට / මඟ හරින්නට හැකි වන අතර, සත්‍යතාවය කරණකොටගෙන පසාරු කරගෙන යාමට දහැකිය. හෙබ්‍රේව්රුන්ට ලියන ලද රචකයා බයිබලය "දෙමුහත් කඩුවකට" වඩා තියුණු බව ප්‍රකාශ කරයි. මන්ද යත් "එය ප්‍රාණය හා ආත්මයද සන්ධි සහ ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය (හෙබ්‍රේව් 4:12).

සැබෑව / සත්‍යය (යොහාන් 17:17) "සත්‍යයතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව. ඔබගේ වචනය සත්‍යතාවය". බයිබලය දෙවියන් වහන්සේගේ වචනය වන අතර එය සැබෑව වේ. සෑම වදනක්ම දෙවියන් වහන්සේගේ මනසින් වේ. එතුමාණන් වහන්සේ සත්‍යයතාවය බැවින් එතුමාගේ වදන්ද සත්‍යය විය යුතුවේ.

දෙවියන් වහන්සේගේ වචනය (ලූක් 11:28) "ඊට වඩා දෙවියන් වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනා වන්තයෝ යයි කී සේක". බයිබලය දෙවියන් වහන්සේගේ උප මුඛය මෙන් වේ. මන්ද යත් සෑම පොතක් කරණකොටගෙන ඝෘජුවම අපට කතා කරයි.

ජීවනයේ වචනය (පිලිප්පි 2:16) "ඔවුන් අතරේ ජීවනයේ වචනය පාමින්" බයිබලය අපට මරණය සහ ජීවනය අතර ඇති වෙනස සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කරු ලෙස පිළිගන්නා අයට සදාකාල ජීවනය ඔවුන් අභිමුඛයේ ඇති බවත් එසේ නොවන අයට සදාකාල මරණය ඔවුන් අභිමුඛයේ ඇති බවත් එළිදරව් කරයි.

ස්වාමින් වහන්සේගේ වචන (ගීතාවලිය 12:6) "පොළොවේ උදුනක සත් වරක් පවිත්‍ර කළ රිදී මෙන් ස්වාමින්ගේ වචන පිරිසිදුය". දෙවියන් වහන්සේගේ ප්‍රේමය හා මහිමය එළිදරව් කරන පිණිස අනාගතවකෘවරුන් හා අපෝස්තළුවරුන් කරණකොට ගෙන පවසන ලද බයිබලයේ වචනය සම්පූර්ණය, නිර්දෝෂය, මක්නිසාද එම වචනය දෙවියන් වහන්සේ ගේමය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ විවිධ නාමයන් හා නිල නාමයන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries