settings icon
share icon
ප්‍රශ්නය

නැන්දණිය හා සමග කටයුතු කිරීම?

පිළිතුර


අන්‍යයන්ගේ කාරණා වල පැටලෙන්නාවූ මෙන්ම නියෝග කරන්නාවූත්, පාලනය කරන්නාවූ සහ තමාගේ පුත්‍රයාගේ / දියණියගේ සහ බෑණාගේ / ලේලියගේ ජීවිත තුළට අනවසරයෙන් ඇතුළු වන්නාවූ නැන්දණියක් දේව වචනයේ සදහන් කරනු ලබන්නේ "අනුන්ගේ කාරණා සොයන්නන් ලෙසය" (1 තිමොති 5:13). 1 තිමොති පාඨයේ "අනුන්ගේ කාරණා සොයන්නන් ලෙස" පරිවර්තනය කරනු ලැබූ ග්‍රීක වචනයෙහි අර්ථය නම් "අනෙක් මිනිසුන්ගේ කාරණා සදහා තමා විසින්ම පත් කරගන්නා ලද අභිප්‍රේක්ෂකයෙකු" යන්නය. අන් සමහර නැන්දණියන් යොමු වී නොහොත් අවම වශයෙන් චෝදනා ලබා ඇත්තේ අභිප්‍රේක්ෂණය කිරීම වෙනුවෙනි. මෙවන් හැසිරීම් රටාවක් හිරිහැරදායික, බලවත් කෝපයක් ඇති කරවන සුළු මෙන්ම පවුලකට ඇති දෙවියන්වහන්සේගේ සැලැස්මට පටහැණිය.

ප්‍රත්‍යක්ෂ ලෙසම, එවන් තත්වයක ඇති වන ගතිකයන් බලවත් කෝපයක් ඇති කරවන සුළුවේ. නැන්දණියක් මේ ආකාරව කටයුතු කරනු ලබන්නේ පවුලේ උදවියන්ගෙන් කිසිකෙනෙකු ඇයට සීමා මායිම් පනවා නොමැති හෙයිනි. එසේ හෙයින් ඇය අහංකාර "හිරිහැර කරන්නකු" බවට පත්වේ. ඇතැම්විට ඇය කෙතරම් බාධා පමුණුවන සහ පාලනය කරනු ලබන පුද්ගලයෙකුද යත් ඇයම අවබෝධ කොටගෙන නොමැති විය හැක. ඇයට එය හුදෙක් "ආදරය කිරීමක්" මෙන් විය හැක. එය එසේ නම් හෘද්‍යාංගම කථා බසක් තුළින් සහජීවනය නැවතත් ඇති කළ හැකිවේ. ඇය විසින් කරනු ලබන්නේ කුමක්ද යන්න ඇය අවබෝධ කරගනිතත් එමෙන්ම එසේ කටයුතු නවතා ලන ලෙස ඇයගෙන් ඉල්ලීමක් කර තිබියදීත් ඇය විසින් එය ඕනැකමින්ම කරනු ලබයි නම් එය වෙනස් කිරීමට ඔබ විසින් කළ හැකි කිසිවක් නොමැත.

පවුලේ කුමන අංශයෙන් බාධා කිරීම් පැමිනෙනවාද යන්න නොසලකා හරිතත් එය විවාහයේ පවිත්‍රතාවය කෙරෙහි අඩන්තේටිටම් කිරීමක් මෙන්ම විවාහය සදහා දෙවියන්වහන්සේගේ නියෝගය වන "පියාද මව්ද අත්හැර තම භාර්‍යාවට ඇළුම් වීම" (උත්පත්ති 2:23–24) යන්න උල්ලංඝනය කරනු ලබයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියකු ඔවුන්ගේ උපත් පවුල් හැර දමා නව පවුල් ඒකකයක් ආරම්භ කරනු ලබන අතර ඔවුන් එකිනෙකාට ආදරය කරමින් ආරක්ෂා කර ගත යුතුවේ. ස්වාමි පුරුෂයෙකු තම මවට හෝ නැන්දණියට තම විවාහයට බාධා කිරීමට ඉඩ හරිනු ලබයි නම් ඔහු එපීස 5:25–33 හී දි ඇති ආඥාවට අනුව ජීවත් වනු නොලබයි. සීමා මායිම් පනවා තැබීම අවශ්‍යව පවතින අතර මුහුණ දෙනු ලබන විරෝධකම් නොසලකා හරිමින් ඒවා බලපවත්වාගෙන යායුතුවේ. යථාර්ථය නම් මනුෂ්‍යයන් විසින් අපට සලකනු ලබන්නේ අප විසින් ඔවුන්ට අපට සැලකීමට ඉඩ හරින ආකාරයටවේ. අප ඔවුනට අපගේ පවුලේ පවිත්‍රතාවය පාගා දැමීමට අවසර දුනහොත් ඔවුන් ක්‍රියා කරනු ලබන්නේ ඒ ආකාරයට වේ. කිසිවකුට, එනම් අපගේ විතත පවුලටවත් අපගේ නිවසෙහි පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමට අයිතියක් නොමැති අතර එම පෞද්ගලිකත්වය රැකගැනීම ස්වාමිපුරුෂයා සතු වගකීමකි. ඔහුගේ නායකත්වය දීම මෘදුව එනමුත් ස්ථිරව කල යුතු අතර ඔහුගේ නැන්දණියට ඇය යෙදී සිටින්නේ සාවද්‍යය ක්‍රියාවක බව පැහැදිලි කරමින් එවන් හැසිරීම් රටාවක් ඉවසා දරාගෙන නොයාහැකි බව සහතික විය යුතුවේ. ඔහු විසින් ඇයට මතක් කර දිය යුත්තේ දෙවියන්වහන්සේ විසින් ඔහුට තම පවුලේ වගකීම භාරදී ඇති බවත් එම වගකීම් කිසිවක් හෝ ඇය විසින් අත්හැර දැමීම දෙවියන්වහන්සේට කරන්නාවූ අකීකරු කමක් බවත්ය. ඔහු විසින් තවදුරටත් ඇයට සහතික විය යුත්තේ ඔහුත් ඔහුගේ භාර්‍යයාවත් ඇයට තවමත් ප්‍රේම කරනු ලබන නමුත් සම්බන්ධතාවය වෙනස් වී ඇති අතර දැන් භාරව සිටින්නේ ඔහු බවත්ය. පවුලට දෙවියන්වහන්සේගේ සැළසුම් නිර්මාණය එය බවත් එය සිදුවන්නේ ඒ ආකාරයට බවත්ය. ඉන් අනතුරුව එම යුවල ඔවුන්ගේ ස්ථිර අරමුණ තුළ ශක්තිමත්ව සිටගත යුතුවෙති.

අන්‍යයන්ගේ කාරණා වල පැටලෙන්නාවූ නැන්දණියක් කෙරෙහි ප්‍රතිචාර දැක්වීම පිණිස අපට කළ හැක්කේ කෙසේද? අපගේ මානසික සමාදානය ඉවත් කර ලීමට ඇයට ඉඩ නොදීම පිණිස අපට තෝරා ගැනීමක් කළ හැකිවෙමු. අන්‍යයන් හැසිරෙන ආකාරය වෙනස් කර ලීමට අප නොහැකි විය අතර ඔවුන්ගේ හැසිරීමට අප ප්‍රතිචාර දක්වන් අන්දම වනාහී අපගේ තෝරාගැනීම වේ. අන්‍යයන්ගේ ක්‍රියාකාරකම් අපට බලපෑම් ඇති කර ලීමට අපට ඉඩ හැරිය හැකි හෝ අපට ඒවා දෙවියන්වහන්සේට භාර කිරීමට තෝරා ගත හැකි අතර ඒවා කරණකොටගෙන අපව අධ්‍යාත්මිකව ශක්තිමත් කිරීමට අපට උන් වහන්සේට ඉඩ දිය හැකිවේ. මෙය වනාහී අපගේ භංගත්වය උත්තේජනය කරනු ලබන මෙවන් තත්වයන් වලට අපගේම ප්‍රතිචාරයන්වේ. අපව චිත්තවේගාත්මකව වෙහෙසට පත් කරලීම නවතාලිය හැක්කේ අපටම වන්නේ බාධා පමුණුවනු ලබන නැන්දණියකගේ ක්‍රියාකාරකම් අපගේම සමාදානයේ තීරකයා බවට පත්වීමට ඉඩ හැරීම තුළිනි. ඇයගේ හැසිරීම් රටාව අපගේ වගකීම නොවේ; එනමුත් අපගේ ප්‍රතිචාරය එසේවේ.

තම දෙමව්පියන් සහ ස්වාමිපුරුෂයාගේ / භාර්‍යයාවගේ පවුලේ අයව ගෞරවයෙන් සහ ප්‍රේමයෙන් සැලකිය යුතු නමුත් අපගේ හැගීම් තුළ පැටලීමට අප විසින් ඉඩ හැරිය යුතු නොවෙමු. යම් සතුරු වී ඇති පුද්ගලයෙකු මුදවාලීමට ගත හැකි යහපත්ම ක්‍රියා මාර්ගය නම් ඔහුව ස්වපාක්ෂිකයෙකු බවට පත්කරලීමවේ. මෙය කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ කරුණාව තුළිනි. කිතුණුවන්ට සෑම විටම කමාව දීමේ කරුණාව දිය හැකිවේ (එපිස 4:32). එය නැන්දණියක් විසින් බාධා පැමිණවීම නවතාලීම නොකරන නමුත් එය නැගිට සිටීමට ශක්තියේ සහ සමාදානයේ ප්‍රභවයක් විය හැක (එපිස 6:11–17). හදවතට සැබෑ සමාදානය ලබා ගැනීමේ ස්ථානය නම් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමග පෞද්ගලික සබඳතාවයක් තුළිනිග එවිට අපට ප්‍රතිචාර දැක්විය හැක්කේ උන්වහන්සේගේ සමාදානය තුළ විවේක ගැනීම කරණකොටගෙනය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නැන්දණිය හා සමග කටයුතු කිරීම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries