settings icon
share icon
ප්‍රශ්නය

මොසෙයික ගිවිසුම යනු කුමක්ද?

පිළිතුර


මොසෙයික ගිවිසුම යනු දෙවියන්වහන්සේ සහ ඊශ්‍රායෙල් ජාතිය අතර සීනයි කන්දේදී ඇති කළ කොන්දේසි සහිත ගිවිසුමකි (නික්මයාම 19-24). එය සමහර විට සීනයි ගිවිසුම ලෙස හැඳින්වුවද මොසෙයික ගිවිසුම ලෙස හඳුන්වනු ලබන්නේ මෝසෙස් එවකට දෙවියන්වහන්සේ විසින් තෝරාගත් ඊශ්‍රායෙලයේ නායකයාවූ බැවිනි. ගිවිසුමේ රටාව එකල පැවති පුරාණ ගිවිසුම් වලට බොහෝ සෙයින් සමානය. මන්ද එය ස්වෛරී රජෙකු (දෙවියන්වහන්සේ ) සහ උන්වහන්සේගේ සෙනඟ හෝ යටත් වැසියන් (ඊශ්‍රායෙලය) අතර ඇති බැවිනි. ගිවිසුමේදී දෙවියන් වහන්සේ තම නීතියට කීකරු වීමට බැඳී සිටින බව ජනයාට මතක් කර දුන්නේය (නික්මයාම 19: 5), "ස්වාමීන්වහන්සේ පැවසූ සියල්ල අපි කරන්නෙමු" කියා පැවසූ විට ජනයා ගිවිසුමට එකඟ වූහ. (නික්මයාම 19:8). මෙම ගිවිසුම මගින් ඊශ්‍රායෙල් ජාතිය දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ මිනිසුන් ලෙස වෙන් කර තැබීමට උපකාරී වන අතර දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇති කරගත් කොන්දේසි විරහිත ගිවිසුම හා සමානවම බැඳී ඇත්තේ එය රුධිර ගිවිසුමක් වන බැවිනි. මොසෙයික ගිවිසුම දෙවියන්වහන්සේගේ මිදීමේ ඉතිහාසය හා ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය යන දෙකෙහිම වැදගත් ගිවිසුමක් වන අතර, දෙවියන්වහන්සේ විසින් ස්වකීය ලිඛිත වචනය හා ජීවමාන වචනය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් ලෝකයට ආශීර්වාද කිරීමට තෝරා ගනු ලැබිය.

මොසෙයික ගිවිසුම කේන්ද්‍රගත වූයේ දෙවියන්වහන්සේ සිය දිව්‍ය නීතිය සීනයි කන්ද මත මෝසෙස්ට ලබා දීම වටාය. බයිබලයේ ඇති විවිධ ගිවිසුම් සහ එකිනෙකා සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතාවය අවබෝධ කර ගැනීමේදී, මොසෙයික ගිවිසුම ආබ්‍රහම්ගේ ගිවිසුමට හා පසුව බයිබලානුකුල ගිවිසුම්වලට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන බව වටහා ගැනීම වැදගත්ය. මන්දයත් දෙවියන්වහන්සේ ඊශ්‍රායෙලයට පොරොන්දු වන ආශීර්වාදය මොසෙයික නිතීයට සෘජුවම සම්බන්ධ වන බැවිනි. ඊශ්‍රායෙලය කීකරු නම් දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරනු ඇත, නමුත් ඔවුන් අකීකරු වුවහොත් දෙවියන්වහන්සේ ඔවුන්ට දඩුවම් කරනු ඇත. මෙම කොන්දේසි සහිත ගිවිසුම හා බැඳී ඇති ආශීර්වාද හා ශාප ද්විතීය කථාව 28 හි විස්තරාත්මකව සොයාගත හැකිය. බයිබලයේ ඇති අනෙක් ගිවිසුම් ඒකපාර්ශ්වික පොරොන්දු ගිවිසුම් වන අතර, එයින් දෙවියන්වහන්සේ පොරොන්දු වූ දේ කිරීමට බැඳී සිටියි. පොරොන්දු ඉටු විය හැකිය. අනෙක් අතට, මොසෙයික ගිවිසුම ද්විපාර්ශ්වික ගිවිසුමක් වන අතර එමඟින් ගිවිසුමට දෙපාර්ශවයේම බැඳීම් නියම වේ.

මොසෙයික ගිවිසුම විශේෂයෙන් වැදගත් වන්නේ දෙවියන්වහන්සේ ඊශ්‍රායෙලය "පූජක රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක්" බවට පත් කරන බවට පොරොන්දු වී ඇති හෙයිනි (නික්මයාම 19:6). ඊශ්‍රායලය අවට අඳුරු ලෝකයට දෙවියන්වහන්සේගේ ආලෝකය විය. ඔවුන් වෙනම හා කැඳවනු ලැබූ ජාතියක් විය යුතුය. එවිට ඔවුන් ගිවිසුම් රකින දෙවිසමිඳාණන් වහන්සේට නමස්කාර කරන බව අවට සිටින සියල්ලන්ට දැනගත හැකි විය. එය වැදගත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට මඟ පෙන්වන පාසැල් ගුරුවරයෙකු වීමට තිබූ මොසෙයික නීතිය ඊශ්‍රායෙලයට ලැබුණු බැවිනි (ගලාති 3:24-25). මොසෙයික නීතිය මගින් මිනිසුන්ට ඔවුන්ගේ පව්කාරකම සහ ගැළවුම්කාරයෙකුගේ අවශ්‍යතාවය හෙළි කරනු ලැබිය. ක්‍රිස්තුස් වහන්සේම කියා සිටියේ උන්වහන්සේ නීතිය අහෝසි කිරීමට නොව එය සම්පූර්ණ කිරීමට බවයි. මෙය වැදගත් කරුණකි, මන්ද ව්‍යවස්ථාව පිළිපැදීමෙන් පරණ ගිවිසුමේ මිනිසුන් බේරුණේ යැයි සිතමින් සමහර අය ව්‍යාකූල වී ඇත, නමුත් ගැලවීම සැමවිටම සිදුවී ඇත්තේ ඇදහිල්ලෙන් පමණක් බවත්, දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් ඇදහිල්ලෙන් ගැලවීම පිළිබඳ පොරොන්දුව බවත් බයිබලය පැහැදිලි කරයි. ආබ්‍රහම්ගේ ගිවිසුමේ කොටසක් ලෙස තවමත් ක්‍රියාත්මකවේ (ගලාති 3:16-18).

එසේම, මොසෙයික ගිවිසුමේ පූජා ක්‍රමය ඇත්ත වශයෙන්ම පව් ඉවත් කළේ නැත (හෙබ්‍රෙව් 10:1-4); පරිපූර්ණ පූජාවක් වූ පරිපූර්ණ උත්තම පූජකයා වූ ක්‍රිස්තුස්වහන්සේ විසින් පාපය දරා ගැනීම එය පුරෝකථනය කළේය (හෙබ්‍රෙව් 9:11-28). එමනිසා, මොසෙයික ගිවිසුමට, එහි සවිස්තරාත්මක නීති සියල්ලම, මිනිසුන් බේරා ගැනීමට නොහැකි විය. ව්‍යවස්ථාවෙහි කිසියම් ගැටළුවක් ඇති වූ බවක් නොවේ, මන්ද නීතිය පරිපූර්ණ වන අතර එය ශුද්ධ දෙවි කෙනෙකු විසින් දෙන ලද්දකි, නමුත් මිනිසුන්ට නව ජීවයක් ලබා දීමට නීතියට බලයක් නොතිබූ අතර නීතියට පරිපූර්ණ ලෙස කීකරු වීමට ජනතාවට නොහැකි විය (ගලාති 3:21).

මොසෙයික ගිවිසුම පැරණි ගිවිසුම ලෙසද හැඳින්වේ (2 කොරින්ති 3:14; හෙබ්‍රෙව් 8:6, 13) එය ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති නව ගිවිසුම මගින් ප්‍රතිස්ථාපනය විය (ලූක් 22:20; 1 කොරින්ති 11:25; 2 කොරින්ති 3:6; හෙබ්‍රෙව් 8:8, 13; 9:15; 12:24). ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති නව ගිවිසුම පැරණි මොසෙයික ගිවිසුමට වඩා හොඳය. එය හෙබ්‍රෙව් 8 හි උපුටා දක්වා ඇති පරිදි යෙරෙමියා 31:31-34 හි දී ඇති පොරොන්දු ඉටු කරන බැවිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මොසෙයික ගිවිසුම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries