settings icon
share icon
ප්‍රශ්නය

මම මෝර්මන්වරයෙකු වෙමි, මම කිතුණුවකු වීම පිළිබද සලකා බැලිය යුත්තේ මන්ද?

පිළිතුර


යම් ආගමකට අයත් වන කෙනෙකු – එසේත් නැතහොත් කිසිඳු ආගමකට අයත් නොවන්නකු – "මම කිතුණුවකු වීම පිළිබද සලකා බැලිය යුත්තේ මන්ද?" යන්න විමසන්නකු කිතුණු ධර්මයේ ප්‍රකාශයන් සලකා බැලිය යුතුවේ. මෝර්මන්වරයෙකු මෙම පැණය අසන කළ, දේව වචනානුකූල කිතුණු ධර්මයේ මූලප්‍රඥප්තිය සහ පසු කාලීන සාන්තුවරයන්ගේ දර්ශනවාදය අතර වෙනස්කම විය යුත්තේ මූලික ක්ෂේත්‍රයේ විමසීමකි. බයිබලය යනු දෙවියන් වහන්සේගේ වචනය නම් (ජෝසප් ස්මිත් සහ බ්‍රිගම් යන්ග් යන දෙදෙනාම විසින් මෙය විශ්වාස කරනු ලැබූහ) එසේ නම් මෝර්මන්වාදයේ සහ පසු කාලීන සාන්තුවරයන්ගේ අඩිතාලම් විශ්වාසය (එම විශ්වාසයන් ස්ථාවර නම්) දේව වචනය මගින් උගන්වනු ලබන දෙයට අනුකූල විය යුතුවේ. කෙසේ නමුත් අසංගතතාවයන් ඇති අතර මෝර්මන්වාදය සහ දේව වචනය අතර විෂමතා ක්ෂේත්‍රයන් සතරක් පිළිබදව අප විමසා බලන්නෙමු.

1) කිතුණුවකු වීම පිලිබදව සලකා බලනු ලබන මෝර්මන්වරයා විසින් අවබෝධ කරගත යුත්තේ මෝර්මන්වාදය මගින් උගන්වනු ලබන්නේ දේව වචනය හා සම්බන්ධ අමතර ප්‍රභවයන් මත රදා පැවතීම පිළිබදව බවය. දේව වචනය තුළින් උගන්වනු ලබන්නේ කිතුණු ජීවිතයක් ගත කිරීමට එහි ඇති උපදෙස් ප්‍රමාණවත් වන බවත් (2 තිමොති 3:16) දේව වචනය මගින් දෙවියන් වහන්සේ දැනටමත් අනාවරණය කර ඇති කරුණු වලට යමක් එකතු කිරීමට ආධිපත්‍යය ලබන්නට උත්සාහ දරන්නන්ට උන්වහන්සේ විසින් නිරූපිත වශයෙන්ම ශාප කරනු ලැබූ බවත්ය. වෙනත් වචන වලින් කිවහොත් දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ තමන්වහන්සේගේ ලිඛිත එළිදරව් කිරීම් සම්පූර්ණ කරනු ලැබූ සේක් බවය (එළිදරව් 22:18-19). එසේ හෙයින් දෙවියන්වහන්සේට තවත් දැ ලිවීමට අවශ්‍යය හේතුවක් නොමැත. තමන්ගේ ග්‍රන්ථය ලියනු ලැබූ දෙවි කෙනෙකු එය සම්පූර්ණ යයි පවසා තමන්ට යමක් අමතක වී හෝ තමන් විසින් අනාගතය පිළිබද යමක් සැළසුම් කිරිමට හෝ පළමු වරට සියල්ලම ලිවීමට තරම් නොදැන සිටියායි පවසයි නම්. දේව වචනයේ සදහන් දෙවියන්වහන්සේ එවන් දෙවිකෙනෙකු නොවන සේක. එහෙත් මෝර්මන්වාදය විසින් උගන්වනු ලබන්නේ දේව වචනය වනාහී බලයලත් මූලාශ්‍ර 4 න් එකක් පමණක් වන බවත් අනෙකුත් මූලාශ්‍ර 3 නම් මෝර්මන්වාදයේ ග්‍රන්ථය, ඉගැන්වීම් සහ ගිවිසුම් මෙන්ම විශාල මිලක මුතු ඇටය ආදිය ලෙසය. මෙම මූලාශ්‍ර 3 ම පැමිණයේ මේවා මුල් සහ එකම සත්‍යයවූ දේවානුභාවයෙන් පූර්ණවූ දේව වචනයට පටහැනි වූවත් ඒවා දේව ආනුභාවය ලැබූ ඒවා යයි ප්‍රකාශ කළාවූ තනි පුද්ගලයෙකුගෙන්වේ. ශුද්ධ ලියවිල්ලට අතිරේක කරුණු එකතු කරමින් එය දේවානුභාවය ලත් යයි සදහන් කිරීම දෙවියන්වහන්සේට පටහැනි වීමක්ය.

2) කිතුණුවකු වීම පිලිබදව සලකා බලනු ලබන මෝර්මන්වරයා විසින් අවබෝධ කරගත යුත්තේ මෝර්මන්වාදය විසින් උසස් කොට දක්වනු ලබන්නේ අඩු දෙවිකෙනෙකුන් බවය. මෝර්මන්වාදය මගින් උගන්වනු ලබන්නේ විශ්වයේ උත්තරීතරම තැණන්වහන්සේ සෑමවිටම දෙවියන්වහන්සේ නොවූ නමුත් (මෝර්මන් ඉගැන්වීම 321 වන පිටුව) එම තත්වය අත්පත් කරගනු ලැබුවේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරිම තුළින් බවය (අනාගතවක්තෘ වූ ජෝසප් ස්මිත්ගේ ඉගැන්වීම්, 345 වන පිටුව). එසේ වූවත් ධර්මිෂ්ඨ යන්න නිර්වචනය කරනු ලබන්නේ කව්රුන් විසින්ද? එම ප්‍රමිතිය පැමිණිය හැක්කේ දෙවියන්වහන්සේගෙන් පමණි. එසේ හෙයින් දෙවියන්වහන්සේ දෙවියන් වහන්සේ බවට පත්වූයේ දෙවියන්වහන්සේගෙන්ම උපදින්නාවූ පූර්ව නිශ්චිත ප්‍රමිතියක් සපුරාලීම තුළින් යන්න පරස්පර විරෝධයකි. අතිරේකීව, සදාකාලික සහ ස්වයං පැවැත්මක් නොමැති දෙවිකෙනෙකු වනාහී දේව වචනයෙහි සදහන් වන්නාවූ දෙවියන්වහන්සේ නොවේ. දේව වචනය මගින් උගන්වනු ලබන්නේ දෙවියන්වහන්සේට සදාකාලයටම ස්වයං පැවැත්මක් ඇති බවත් (ද්වීතීය කථාව 33:27; ගීතාවලිය 90:2; 1 තිමොති 1:17). උන්වහන්සේව මවනු නොලැබූ අතර උන්වහන්සේ මැවුම්කරුවාණන් බවත්ය (උත්පත්ති 1; ගීතාවලිය 24:1; යෙසායා 37:16; කොලොස්සි 1:17-18).

3) කිතුණුවකු වීම පිලිබදව සලකා බලනු ලබන මෝර්මන්වරයා විසින් අවබෝධ කරගත යුත්තේ මෝර්මන්වාදය මගින් උගන්වනු ලබන්නේ දේව වචනයේ ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම පටහැනිවූ මානව වර්ගයා පිළිබදව අතිශයෝක්තියකි. මෝර්මන්වාදය මගින් උගන්වනු ලබන්නේ ඕනෑම මනුෂ්‍යයකුට වුවද දෙවි කෙනෙකු විය හැකි බවය (අනාගතවක්තෘ වන ජෝසප් ස්මිත්ගේ ඉගැන්වීම්, 345-354 දක්වා පිටු; ඉගැන්වීම් සහ ගිවිසුම් 132-20) එසේ නමුත් දේව වචනයෙන් අඛණ්ඩව උගන්වනු ලබන්නේ අප සහජයෙන්ම පව්කරුවන් වන බවත් (යෙරමියා 17:9; රෝම 3:10-23; 8:7) දෙවියන් වහන්සේ පමණක් දෙවියන් වන බවය (1 සාමුවෙල් 2;2; යෙසායා 44:6, 8; 46:9). යෙසායා 43:10 හි දෙවියන්වහන්සේගේම වචන වලින් වාර්තා කරනු ලබන්නේ "මා සිටින්ට පළමුවෙන් කිසි දෙවි කෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නේත් නැත" මෙතරම් විශාල ශුද්ධ ලියවිලි සාක්ෂි හමුවේ මිනිසුන් දෙවිවරුන් බවට පත්වනු ඇතැයි මෝර්මන්වාදයට ප්‍රකාශ කළ හැකි ආකාරය සාතන්ගේ හදවතේ උපත ලද දෙවියන්වහන්සේගේ ස්ථානය පැහැර ගැනීමට මිනිසා තුළ ඇති ආශාවේ ගැඹුරට සාක්ෂියකි. (යෙසායා 14:14) එසේ එය ඒදන් උයනේදී ඔහු විසින් ආදම්ට සහ ඒවටද උරුම කරදෙනු ලැබීය (උත්පත්ති 3:5). දෙවියන්වහන්සේගේ සිංහාසනය පැහැර ගැනීමට – හෝ එය බෙදා ගැනීමට ඇති අභිරුචිය – මගින් නිරූපණය කරනු ලබන්නේ අන්තක්‍රිස්තුස් ඇතුළුව තමන්ගේ පියා යක්ෂයා වන සියල්ලන්ට අවසාන කාලයේදී ඒ ආකාරයෙන්ම ක්‍රියා කිරීමට ඇති අභිරුචියවේ (2 තෙසලෝනික 2:3-4). මුළු ඉතිහාසය පුරාවටම බොහෝ ව්‍යාජ ආගම් ක්‍රියා කොට ඇත්තේද දෙවියන්වහන්සේ වීමට ඇති අභිරුචියවේ. එනමුත් දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන්නේ උන්වහන්සේ හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් අප උන්වහන්සේට විරුද්ධ වීමට තරම් එඩිතර නොවිය යුතු බවය.

4) කිතුණුවකු වීම පිලිබදව සලකා බලනු ලබන මෝර්මන්වරයා විසින් අවබෝධ කරගත යුත්තේ මෝර්මන්වාදය මගින් උගන්වනු ලබන්නේ ශුද්ධ ලියවිල්ලට පටහැනි වන කරුණක් වන අපගේ ගැළවීම අපටම උපයා ගත හැකිය යන්න බවය (ඇදහිල්ලේ ලිපිල 92 වන පිටුව; 2 නෙෆී පොත 25-23). අපගේ ඇදහිල්ල කරණකොටගෙන අප නිසැකවම වෙනස් ආකාරයකින් ජීවත් වුවද අපව ගළවනු ලබන්නේ අපගේම ක්‍රියාවලින් නොව දෙවියන්වහන්සේ අපට ලබා දෙන ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පමණි (එපීස 2:4-10). මෙය හුදෙක්ම දෙවියන්වහන්සේ විසින් පිළිගනු ලබන්නේ උන්වහන්සේගේම පරිපූර්ණ ධර්මිෂ්ඨකම බැවිනි. ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය මත තම ජීවිතය පුද කරනු ලැබූවේ අපගේ පාපයන්ට උන්වහන්සේගේ පරිපූර්ණත්වය හුවමාරු කරදෙනු සදහාය (2 කොරින්ති 5:21). දෙවියන් වහන්සේගේ දෑස් හමූයේ අපට ශුද්ධ අය විය හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල කරණකොටගෙනවේ (1 කොරින්ති 1:2).

අවසානයේදී ව්‍යාජ ක්‍රිස්තුවරයෙකු කෙරෙහි ඇති ඇදහිල්ල තුළින් මග පාදනු ලබන්නේ ව්‍යාජ ගැළවීමක් වෙතය. ඕනෑම ආකාරයක "උපයාගත්" ගැළවීම ව්‍යාජ ගැළවීමකි (රෝම 3:20-28). අපට අපගේ කුසලතාවයන් හේතුකොටගෙන ගැළවීමට සුදුස්සන් විය නොහැකි වෙමු. අපට දේව වචනය විශ්වාස කළ නොහැකි නම් එවිට අපගේ විශ්වාසයට කිසිඳු පදනමක් නොමැත. අපට දෙව වචනය විශ්වාස කළ හැකි නම් එවිට අප විසින් අවබෝධ කරගත යුත්තේ උන්වහන්සේගේ වචනය ස්ථාවර සහ විශ්වාසනීය බවය. දෙවියන් වහන්සේට තම වචනය නිරවද්‍යව ආරක්ෂා කිරීමට නොහැකි නම් හෝ එසේ නොකළ සේක් නම් උන්වහන්සේ දෙවියන්වහන්සේ නොවන සේක. මෝර්මන්වාදය සහ කිතුණු ධර්මය අතර ඇති වෙනස්කම නම් කිතුණු ධර්මය මගින් ප්‍රකාශ කරනු ලබන්නේ සදාකාලයට ස්වයං පැවැත්මක් ඇති අපට ජීවත් විය නොහැකි ආකාරයේ පරිපූර්ණ සහ ශුද්ධ ප්‍රමිතියක් ඇති නොකරාවූ එපමණක් නොව තමන්වහන්සේගේ මහත් ප්‍රේමය කරණකොටගෙන අප වෙනුවෙන් කුරුසියේ දිවි පුදා අපගේ පාපයේ කුලිය ගෙවනු පිණිස උන්වහන්සේගේ පුත්‍රයා එවනු ලැබූ දෙවියන්වහන්සේ පිළිබදවය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රමාණවත්වූ පූජාව කෙරෙහි විශ්වාසය තැබීමට ඔබ සූදානම් නම් ඔබට පහත සදහන් වචන වලින් දෙවියන්වහන්සේට කථා කළ හැක: "දෙවි පියාණනි මම පවි කරුවෙකු බවත් ඔබවහන්සේගේ උදහස ලැබීමට සුදුස්සෙකු බවත් දනිමි. එකම ගැළවුම්කරුවාණන්වහන්සේ යේසුස්වහන්සේ බව මම අවබෝධ කොටගෙන විශ්වාස කරන්නෙමි. මාව ගළවා ගනු පිණිස මාගේ විශ්වාසය යේසුස්වහන්සේ කෙරෙහි පමණක් තබන්නෙමි. දෙවි පියාණනි මට කමා වුව මැනව පවිත්‍ර කළ මැනව එමෙන්ම වෙනස් කළ මැනව. ඔබවහන්සේගේ පුදුම කරුණාව සහ දයාව නිසා ස්තුතියි"

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම මෝර්මන්වරයෙකු වෙමි, මම කිතුණුවකු වීම පිළිබද සලකා බැලිය යුත්තේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries