settings icon
share icon
ප්‍රශ්නය

බොහෝ ජනතාව ගමන් කරනු ලබන්නේ ස්වර්ගයටද නොහොත් නිරයටද?

පිළිතුර


බොහෝ ජනතාව සිටින්නේ ස්වර්ගයෙහිද නිරයෙහිද යන පැණයට යේසුස්වහන්සේ විසින්ම පිළිතුරු දෙනු ලබන්නේ එක්තරා සංක්ෂිප්ත පාඨයක් තුළිනි: "පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය පාරත් පළලය. එයින් ඇතුල් වන්නෝද බොහෝයගමක්නිසාද ජීවනයට යන දොරටුව පටුය පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය" (මතෙව් 7:13–14).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පිළිගන්නාවූ සහ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවුන්ට පමණක් උන්වහන්සේගේ දරුවන් වීමේ වරප්‍රසාදය දෙනු ලබති (යොහාන් 1:12). ඒ නිසාම විශ්වාස කරනු ලබන සියල්ලන්ටම සදාකාල ජීවනයේ ත්‍යාගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙනු ලබයි. උන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ "මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත" (යොහාන් 14:6). එසේ වන්නේ මොහොමඩ්, බුදුහාමුදුරුවන් හෝ මිනිසා විසින් සාදනු ලැබූ අනෙකුත් ව්‍යාජ දෙවිවරුන් තුළින් නොවේ. මේ පොළොවෙහි ලෞකික ජීවිත ගත කිරීම නොකඩවා කරමින් ස්වර්ගයට පහසු මාර්ගයකින් යාමට අවශ්‍යය වන්නන්ට නොවේ. යේසුස්වහන්සේ විසින් ගළවා ගනු ලබන්නේ ගැළවුම්කරුවාණන් ලෙස උන්වහන්සේ කෙරෙහි මුළුමනින් විශ්වාස කරනු ලබන්නන් පමණකි (ක්‍රියා 4:12).

එසේ හෙයින් මතෙව් 7:13–14 හි සදහන් වන දොරටු දෙක කුමක්ද? ඒවා වනාහී වෙනස් වූ "මාර්ග" දෙකකට ඇතුල් වීමේ පිවිසුම්ය. පළල් දොරටුව මග පෙන්වනු ලබන්නේ පුළුල් මාර්ගයටවේ. කුඩා පටු දොරටුව මග පෙන්වනු ලබන්නේ පටු මාර්ගයටවේ. දේව භක්තික අයවලූන්ගේ මාර්ගය පටු මාර්ගය වන අතර පුළුල් මාර්ගය නම් දේව අභක්තියන්ගේ මාර්ගයවේ. පුළුල් මාර්ගය නම් පහසු මාර්ගයවේ. එය ආකර්ෂණීය වන අතර සැප විතයට ඇති ඇල්ම ප්‍රරෝහණය කරනු ලබයි. එය අවසර ලද්දකි. එය මේ ලෝකයට ඇතුලත් වීමේ මාර්ගය වන අතර එහි නීති රීති කිහිපයක්, සීමාවන් කිහිපයක් සහ අවම අවශ්‍යයතාවයන් තිබේ. පාපයට ඉඩ දීම ප්‍රරෝහණය කරනු ලබන මෙන්ම දෙවියන්වහන්සේගේ වචනය හදාරනු නොලබන අතර උන්වහන්සේගේ සම්මතයන් අනුගමනය කරනු නොලැබේ. මෙම මාර්ගයෙහි ආත්මික පරිණතවීම, සදාචාර චරිතය, කැපවීම සහ කැපකිරීමක් අවශ්‍යය නොවේ. එය වනාහී අනුගමනය කළ හැකි පහසුම මාර්ගය වන්නේ "පෙර කාලයේ ඔබ සැම මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන්නාවූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවායෙහි හැසුරුණහුය" (එපිස 2:2). පුළුල් මාර්ගය නම් "මනුෂ්‍යයකුට හරිව පෙනෙන මාර්ගයක් ඇතත එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ගය තිබේ" (හිතෝපදේශ 14:12).

පුළුල් සුභාරංචිය දේශනා කරන්නවුන් එනම් "සියලූ මාර්ගයන් ස්වර්ගය වෙත මග පෙන්වයි" යේසුස්වහන්සේ විසින් දේශනා කරනු ලැබූවාට වඩා මුළුමනින්ම පාහේ වෙනස්වූ සුභාරංචියක් දේශනා කරනු ලබති. තමා ගැනම පමණක් සැලකීම, ආත්ම ප්‍රලයනය මෙන්ම උඩගු, ඔබ වඩා නිර්භීතය යන මනෝ විහිතය වනාහී නිරය කෙරෙහි යොමු කරනු ලබන මෙම ලෝකයේ පුළුල් දොරටුව වන අතර එය සදාකාල ජීවනය කෙරෙහි යොමු කරන පටු දොරටුව නොවේ. බොහෝ මනුෂ්‍යයන් තමන්ගේ ජීවිත ගත කරනු ලබන්නේ පුළුල් මාර්ගයෙහි සිටින්නාවූ ජන සමූහයා හා සමග අනෙකුත් සියලූම දෙනා කරන්නාවූ දේ කරමින් සහ අනෙකුත් සියලූම දෙනා විශ්වාස කරනු ලබන සියල්ල විශ්වාස කරමින්ය.

පටු මාර්ගය වූ කලී කර්කශ වූත් මහත් ඉල්ලූමක් ඇති මාර්ගයකි. එම මාර්ගය වනාහී ඔබට ඔබව ගළවා ගත නොහැකි බවත් ඔබව ගළවා ගැනීම පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පමණක් රදා පැවතිය යුතු බව හඳුනාගත යුතුවෙමු. එය ආත්ම පරිත්‍යාගයේ මෙන්ම කුරුසියේද මාර්ගයවේ. දෙවියන් වහන්සේව කිහිප දෙනෙකුට පමණක් සම්බ වේ යන කරුණ තුළින් ඇගවෙන්නේ එය කාර්යශීලි ලෙස සෙවිය යුතු බවය. "ඔබ සැම මා සොයනවා ඇත ඔබ සැමගේ මුළු සිතින් මා සොයන කල මා ඔබ සැමට සම්බවෙනවා ඇත." (ජෙරමියා 29:13) කාරණය නම් කිසි කෙනෙකු රාජ්‍යය තුළට ඇද වැටෙනු හෝ පටු දොරටුවෙන් අත්වරදකින් ගමන් නොකරනු ලබයි. එක්තරා පුද්ගලයෙකු යේසුස්වහන්සේගෙන් විචාරනු ලැබුවේ "ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්දැයි" උන්වහන්සේ ඔවුන්ට කියන සේක්, "පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්‍යය කරන්න. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල් වෙන්ට සොයන නමුත් බැරි වන්නේයයි ඔබ සැමට කියමි" (ලුක් 13:23–24).

බොහෝ අයවලූන් පටු මාර්ගයෙන් එනම් ගැළවීමේ දොරටුවෙන් ඇතුළු වීමට සොයන නමුත් "ඔවුන්ට එසේ කළ නොහැකිවේ." ඔවුන් යේසුස්වහන්සේව පමණක් විශ්වාස කිරීමට අකමැති වෙති. ඔවුන් මිලය ගෙවීමට අකමැති වෙති. මේ ලෝකය අත්හැර දැමීම ඔවුන්ට අධික වියදමක් වේ. ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගය නම් කුරුසියේ මාර්ගයවේ, කුරුසියේ මාර්ගය නම් ආත්ම පරිත්‍යාගයේ මාර්ගයවේ. යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ "යමෙක් මා පස්සේ එන්ට කැමති නමි ඔහු තමාගේම ආශා වලකාගෙන දවස්පතා තමාගේ කරුසිය රැගෙන මා අනුව ඒවාග මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්නට කැමති අයට එය නැතිවේ: නමුත් මා නිසා තමාගේ ජීවිතය නැති කරගන්න අය එය ගළවා ගන්නේය" (ලුක් 9:23–24).

බොහෝ අය විනාශය සහ නිරය කරා මග පෙන්වනු ලබන පුළුල් දොරටුව සහ පුළුල් මාර්ගය තෝරා ගනු ලබන බව යේසුස්වහන්සේ දන්නා සේක. ඊට අනුරූපී ලෙස උන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ පටු මාර්ගය තෝරා ගනු ලබන්නේ ඉතාමත් අල්ප දෙනෙකු බවය. මතෙව් 7:13–14 ට අනුව බොහෝ අය ස්වර්ගයට වඩා නිරයට යන බවට සැකයක් නොමැත. ඔබට යොමු වන ප්‍රශ්නය නම් ඔබ සිටින්නේ කුමන මාර්ගයේද යන්නය?

English



නැවතත් සිංහල මුල් පිටුවට

බොහෝ ජනතාව ගමන් කරනු ලබන්නේ ස්වර්ගයටද නොහොත් නිරයටද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries