සදාචාරාත්මක සාපේක්ෂතාවාදය යනු කුමක්ඳ?



ප්‍රශ්නය: සදාචාරාත්මක සාපේක්ෂතාවාදය යනු කුමක්ඳ?

පිළිතුර:
සදාචාරාත්මක පරමාර්ථවාදය හා සංසන්දනය කිරීමෙන් සදාචාරාත්මක සාපේක්ෂතාවාය වඩාත් පහසුවෙන් තේරුම්ගත හැකිය. පරමාර්ථවාදය අනුව සදාචාරය රඳන්නේ විශ්ව ප්‍රතිපත්ති (ස්වභාව ධර්මය, හෘදසාක්ෂිය) මතය. අපගේ සදාචාරයේ පරම උල්පත.

සදාතනික දෙවියන්වහන්සේ බව ක්‍රිස්තියානි පරමාර්ථවාදීන්ගේ විශ්වාසයයි. ආචාරධර්ම "සත්‍යතා" සිදුවීම, සංස්කෘතිය, කෙනෙකුගේ හැඟීම් වැනි වෙනස්වන අවස්ථා මත රඳා පවතින බැවින් සදාචාරය නියත සම්මතයකට පදනම් නොචන බව සදාචාරාත්මක පරමාර්ථවාදය පවසයි.

සදාචාරාත්මක සාපේක්ෂතාවාදයේ ප්‍රදර්ශනය වන අනුමාන ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ තර්කයන් සම්බන්ධයෙන් කරුණු ස්වල්පයක් කිව හැකිය. පළමුවැන්න සදාචාරාත්මක සාපේක්ෂතාවාදයට අනුබල දීමට යොදාගෙන තිබෙන බොහෝ තර්කයන්හි මුලින් ගුණචත් බවක් දක්නට ලැබුනද අප සියලුදෙනා විසින් පිළිපැදිය යුතු "නිවැරදි" සදාචාර ක්‍රමය ඉන් සෑම එකකින්ම යෝජනා කරන බැවින් ඒවායේ සාධාරණ පරස්පරයක් අන්තර්ගතය. නමුත් මෙය සදාචාරාත්මක පරමාර්ථවාදයයි. දෙවැන්න සාපේක්ෂතාවාදීන් යැයි නම් දරන අයද බොහෝ අවස්ථාවන්හිදී සාපේක්ෂතාවාදය ප්‍රතික්ෂේප කරයි. යම් ඝාතකයෙක් හෝ ස්ත්‍රී දූෂකයෙක් ඔහුගේම සම්මතයන් කඩ නොකළ තාක් කල් බොහෝ කල් වරදකාරිත්වයෙන් නිදහස්යැයි පවසන්නේ නැත. විවිධ සංස්කෘතීන් තුළ ඇති විවිධ සාරධර්ම මඟින් විවිධ පුද්ගලයින් මත සදාචාරය රුඳෙන බවට සාපේක්ෂතාවාදීන් තර්ක කළ හැකිය. නමුත් මෙම තර්කයෙන් කෙනෙකුගේ පෞද්ගලික හැසිරීම (ඔවුන් කරන්නේ කුමක්ද?) හා නියත සම්මතය (ඔවුන් එය කළ යුතුද යන්න) අතර පටලැවිල්ලක් හටගෙන ඇත. හරි වැරුද්ද තීන්දු කරන්නේ සංස්කෘතිය නම් අප නට්සි හමුදාව විනිශ්වය කළ යුතුව තිබුණේ කෙසේද? අවසානයේ ඔවුන් අනුගමනය කර තිබුණේ ඔවුන්ගේ සංස්කෘතික සදාචාරය පමණි. සාමාන්‍යයෙන් ඝාතකයෙක් වැරදි නම් පමණක් නට්සිවරුන් වැරදි වූයේද? "ඔවුන්ගේ සදාචාරය" එය වෙනස් නොකිරීම සත්‍යයකි. තවද බොහෝ පුද්ගලයන් විවිධ සදාචාර හැසිරීම්වලට හුරු වුවද ඔවුන් පොදු ආචාරධර්මයක කොටස්කරුවෝය. උදාහරණයක් වශයෙන් ගබ්සා කරන්නන් හා ගබ්සා විරෝධී පිරිස ඝාතනය වැරදි බව පිළිගන්නා නමුත් ගබ්සාව ඝාතනයක් යැයි ඔවුන් පිළිනොගනී. මෙතැනදීද සාමාන්‍ය නියත සදාචාරය සත්‍යයක් බව පෙන්වා ද් ඇත.

සමහරුන් පවසන්නේ සදාචාරය වෙනස් කිරීම සඳහා තත්වයන් වෙනස් කරන බවයි යම් සිදුවීම් වලදී ගන්නා ක්‍රියාමාර්ග අනෙක් සිදුවීම් වලට සුදුසු නොවන්නට පුළුවන. නමුත් අප තෝරා බේරාගෙන ක්‍රියා කළ යුතු කාරණා තුනක් ඇත: එනම් තත්වය, ක්‍රියාව, සහ පරමාර්ථයයි. උදාහරණයක් වශයෙන් යමෙකු සැබවින්ම (ක්‍රියා කිරීමට) අපොහොසත් වුවත් ඔවුන් ඝාතනයකට උත්සහ කළ බව ඒත්තු ගැන්විය ය. එබැවින් යම් හැසිරීමක් සඳහා ඔවුන් සම්බන්ධයක් ඇති කරන බැවින් සෑම සිදුවීමක්ම සාදාචාරාත්මක තීරණයක කොටසක් වන්නේය (විශ්ව ප්‍රතිපත්ති යොදාගැනීම).

සාපේක්‍ෂතාවාදීන් මොර ගසන ප්‍රධාන තර්කය වන්නේ ඉවසීමය. සාපේක්ෂතාවාදය සෑම මතයකටම ඉඩ දෙන බැවින් කෙනෙකුගේ සදාචාරය වැරදියැයි පැවසීම පටු මතයක් බව ඔවුන් පවසන නමුත් මෙය නොමග යවන සුළුය. පළමුවැන්න පාපය කිසිසේත්ම ඉවසිය නොයුතුය. පිනවීමේ භාණ්ඩ වන කාන්තාවන් අපයෝජනයට සුදුසුයැයි පිළිගන්නා ස්ත්‍රී දූෂකයෙකුගේ මතය අප ඉවසිය යුතුද? දෙවැන්න සාපේක්‍ෂතාවාදීන් අසහනය හෝ පරමාර්ථවාදය පිළිනොගන්නා බැවින් එය ආත්ම පරාජයක් ගෙනදෙන්නේය. තෙවැන්න අවම වශයෙන් යම් කෙනෙකු සාධාරණ විය යුත්තේ මන්දැයි විස්තර කිරීමට ඔවුන් අපොහොසත්ය. අප මිනිසුන් පිළිබඳව ඉවසිලිමත් විය යුතුය යන කාරණය (අප එකඟ නොවන අවස්ථා වලදී පවා) පදනම් වී ඇත්තේ මින්සුන් හට අප සෑම විටකදීම සාධාරණව සැලකිය යුතුය යන පූර්ණ සදාචාර නීතිය මත වුවද එය නැවතත් පරමාර්ථවාදය වන්නේය! සත්තකින්ම සමස්ත සදාචාර ප්‍රතිපත්ති නොමැතිව කිසිදු යහපතක් සැළසෙන්නේ නැත.

සැබෑ කාරණය නම් අප සෑම දෙනෙක්ම උපත ලබා ඇත්තේ හෘද සාක්ෂිය සමඟ බැවින් අපට වරදක් කළ විට හෝ අප වරදක් කළ විට එය නිරායාසයෙන් අපට දැනෙනු ඇත. අපගේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ අනෙක් අයගෙන්ද මෙය දැන ගැනීම තප බලාපොරොත්තු වන බවය. ළමා වියේදී පවා "සාධාරණ" සහ "අසාධාරණ" බව අතර වෙනස අප දැන සිටියෙමු.සදාචාරාත්මක සාපේක්ෂතාවාදය සත්‍ය බවත් අප වැරදි බවත් පටු චින්තනය අපට ඒත්තු ගන්වයි.



නැවතත් සිංහල මුල් පිටුවට



සදාචාරාත්මක සාපේක්ෂතාවාදය යනු කුමක්ඳ?