settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ පැවැත්ම සඳහා සදාචාරාත්මක තර්කය කුමක්ද?

පිළිතුර


සදාචාරාත්මක තර්කය ආරම්භ වන්නේ සියලු මිනිසුන් යම් සදාචාර සංග්‍රහයක් හඳුනා ගැනීමත් සමඟය (සමහර දේවල් හරිය, සමහර දේවල් වැරදියි). හරි වැරැද්ද පිළිබඳව අප තර්ක කරන සෑම අවස්ථාවකම, අපි සෑම කෙනෙකුම දන්නා, රඳවා ගෙන සිටින සහ අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට නිදහස නැතැයි උපකල්පනය කරන උසස් නීතියකට අපි ආයාචනා කරමු. හරි වැරැද්ද යන්නෙන් උසස් ප්‍රමිතියක් හෝ නීතියක් අදහස් වන අතර නීතියට නීති සම්පාදකයෙකු අවශ්‍යවේ. සදාචාරාත්මක නීතිය මානව වර්ගයා ඉක්මවා යන හෙයින්, මෙම විශ්වීය නීතියට විශ්ව නීති සම්පාදකයෙකු අවශ්‍ය වේ. මෙය දෙවියන් යැයි තර්ක කෙරේ.

සදාචාරාත්මක තර්කයට සහය දක්වමින්, අනෙක් ශිෂ්ටාචාරයෙන් වෙන් කොට ඇති දුරස්ථ ගෝත්‍රිකයන් පවා අනෙක් සියල්ලන්ටම සමාන සදාචාර සංග්‍රහයක් නිරීක්ෂණය කරන බව අපට පෙනේ. සිවිල් කාරණාවල වෙනස් කම් නිසැකවම පැවතියද, නිර්භීතකම, පක්ෂපාතිත්වය වැනි ගුණාංග සහ කෑදරකම හා බියගුලු කම වැනි ගුණාංග විශ්වීයය. එම කේතය සඳහා මිනිසා වග කිවයුතු නම්, එය මිනිසා විසින් නිර්මාණය කරන ලද අනෙක් සෑම දෙයකටම වඩා වෙනස්වේ. තවදුරටත්, එය හුදෙක් මනුෂ්‍ය වර්ගයා කරන දේ පිළිබඳ වාර්තාවක් නොවේ — මිනිසුන් කලාතුරකින් තමන්ගේ සදාචාරය අනුව ජීවත්වන්නේ කලාතුරකිනි. එසේ නම් කළ යුතුදේ පිළිබඳ මෙම අදහස් අපට ලැබෙන්නේ කොහෙන්ද? රෝම 2:14-15 පවසන පරිදි සදාචාර නීතිය (හෝ හෘදය සාක්ෂිය) පැමිණෙන්නේ මිනිසාට ඉහළින් සිටින අවසාන නීති සම්පාදකයෙකුගෙනි. මෙය සත්‍ය නම්, අප නිරීක්ෂණය කළදේ හරියටම සොයා ගැනීමට අපි බලාපොරොත්තුවෙමු. මෙම නීති සම්පාදකයා දෙවියන්ය.

නිෂේධාත්මකව කිවහොත් අදේවවාදය සදාචාරයට පදනමක්, බලාපොරොත්තුවක් හෝ ජීවිතයට අර්ථයක් සපයන්නේ නැත. මෙය අදේවවාදය විසින්ම සනාථ නොකරන අතර, විශ්වාස පද්ධතියක තාර්කික ක්‍රියා කාරිත්වය අප සහ ජයෙන්ම සත්‍ය යැයි දන්නා දේට ගණන් දීමට අපොහොසත් වුවහොත් එය ඉවත දැමිය යුතුය. දෙවියන් නොමැතිව සදාචාරය සඳහා ස්ථාවර පදනමක්, ජීවිතයක් හෝ එය ජීවත්වීමට හේතුවක් නැත. එහෙත් මේ සියල්ල පවතින්නේ දෙවියන්වහන්සේටය. මේ අනුව, දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ සදාචාරාත්මක තර්කය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ පැවැත්ම සඳහා සදාචාරාත්මක තර්කය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries