settings icon
share icon
ප්‍රශ්නය

ඒක කතෘවාදයට එරෙහිව සංශක්තිවාදය-කුමන මතය නිවැරදිද?

පිළිතුර


ශත වර්ෂ ගණනාවක් තිස්සේ මෙම මාතෘකාව සභාව තුළ ඉතා උණුසුම් ලෙස විවාදයට ලක්විය. මෙම විවාදය සුභාරංචියේ හදවත සැලකිල්ලට ගත් බව පැවසීම අතිශෝක්ති කියාපෑමක් නොවන්නේය. පළමුව අපි මෙම නියමයන් නිර්වචනය කරගනිමු. අප ඒක කතෘවාදයට එරෙහිව සංශක්තිවාදය දේව ධර්මයට අනුකුලව, කතා කරන කළ අප සංවාදයට ගනු ලබන්නේ අපට ගැළවීම ගෙන එන්නේ කවුරුන්ද යන බවය. ඒක කතෘවාදය ග්‍රීක සම්මිශ්‍ර වචනයක් වන "තනිව / හුදකලාව ගමන් කිරීම" යන අරුත දේ. එමඟින් දෙවියන් වහන්සේ පමණක් අපගේ ගැළවීමට ක්‍රියා කරයි යන මතය ගොඩ නැඟේ. මූලික වශයෙන් මෙම මතය එල්ලබ ගෙන සිටින්නේ කැල්වින්වාදීන් සහ ප්‍රතිසංස්කරණ සම්ප්‍රදායන් වල සිටින අය සහ "අනුග්‍රහයේ මූල ධර්මය" මත ඉතා තදින් එල්ලබ ගත් අයය. සංශක්තිවාදය යන වචනයත් සම්මිශ්‍ර ග්‍රීක වචනයක් වන "එක්ව වැඬ කිරීම" හරහා වේ. එමඟින් ගැළවීම සඳහා දෙවියන් වහන්සේ අප සමඟ එක්ව ක්‍රියා කරයි යන මතය ගොඩ නැඟේ. ඉතාමත් තදබල ලෙස ඒක කතෘවාදය ජෝන් කැල්වින් සමඟ හවුල්කාරකම් පවත්වන අතර ජේකබී ආර්මේනියස් සහ ඔහුගේ මතයන් ඉමහත් ලෙස නූතන සුභාරංචිකරණයේ භුදර්ශණය හැඩගස්සවා ඇත. කැල්වින් හෝ ආර්මේනියස් මෙම මතයන්හි නිර්මාතෘකරුවන් නොවන නමුදු ඔවුන් කැලවින්වාදයේ සහ ආර්මේනියන්වාදයේ ඉතා හොඳින් ප්‍රකට යෝජකයන් වේ.

17 වෙනි ශත වර්ෂයේදී ආර්මේනියන්වරු ලිපි පහකින් සමන්විත විරෝධතාවක් ප්‍රකාශ කරමින් කැලවින් සහ ඔහුගේ අනුගාමිකයින් ඔවුන්ගේ දේව ධර්මයෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පහඳා දෙන ලද අතර, ඒ සමඟම මෙම මතයන් දෙක පිළිබඳව බැරුරුම් ලෙස තර්ක විතර්ක ඇති විය. මෙම විවාදයේදී ප්‍රධාන කරුණ වූයේ, කැල්වින්වාදින්ගේ කොන්දේසි විරහිත තෝරා ගැනීමට එරෙහිව ආර්මේනියන්වරුන්ගේ ධර්මය වන කොන්දේසි සහිත තෝරා ගැනිම අතර විය. කවුරුන් හෝ කෙනෙක් තෝරා ගැනීම කොන්දේසි විරහිත බව විශ්වාස කරන්නේ නම් ඔහු / ඇය නැඹුරු වන්නේ ගැළවීම පිළිබඳ ඒක කතෘවාදීන්ගේ මතයටය. විරුද්ධාකාරයෙන් යමෙක් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ තමාව අදහන බවට දෙවියන් වහන්සේ පෙර දැන ගැන්මෙන් දැන ගත් අය පමණක්ය යන මතයෙහි පිහිටන්නේ නම් ඔහු / ඇය සංශක්තිවාදය මත එල්බ සිටින්නෙක් වේ.

කෝන්දේසි විරහිත තෝරා ගැනීමේ මතය පිළිබඳ වෙස්මිනිස්ටර් ඇදහිල්ල ප්‍රකාශණයේ සඳහන් වනුයේ ලොව අත්තිවාරම ලන්නට ප්‍රථම, ජීවනය සඳහා දෙවියන් වහන්සේගේ පෙර නියමය අනුව තෝරා ගනු ලැබූ මනූෂ්‍යය ප්‍රජාවය. එසේ සිදුවූයේ සදකාලික සහ වෙනස් නොවන පරමාර්ථය සහ අප්‍රකාශිත උපදේශණ සහ එතුමාගේ යහපත් අභිමතය ක්‍රිස්තුස් වහන්සේතුළ තෝරා ගනු ලැබූවන්ය උදෙසාය. එසේ සිදුකරනු ලැබුවේ පුද්ගලයකුගේ ඇදහිල්ල පිළිබඳ එතුමන් ලද පෙර දැක්මකින් හෝ ඔහුගේ / ඇයගේ යහපත් ක්‍රියාවන් හෝ ඇදහිල්ල සහ යහපත් ක්‍රියාවන් රැකගත් නිසා නොවේය.

මෙම මතයට බයිබල් පාඨයන් දෙකක් ආධාරකයක් වේ. පළමුවැන්න එපීස 1:4-5, මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරා ගත් ලෙසම උන් වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මීක ආශීර්වාද වලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළ සේක. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා, තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක. මෙම කොටසට අනුව, ලොව මවන්නටත් ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ විසින් අප තෝරා ගනු ලැබුවේ, ශුද්ධව නොකැලැල්ව ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින පිණිසත් එතුමන්ගේ තෝරා ගැනීම පදනම වූයේ "දෙවියන් වහන්සේගේ අභිමතාර්ථය වූයේ දේව කැමැත්තය." ඊළඟ බයිබල් කොටස වන්නේ රෝම 9:16, "එනිසා එය කැමති වන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තා ගෙනවත් නොව, දයාවෙන්නාවූ දෙවියන් වහන්සේගෙන් වේ." දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම අප කරන්නාවූ කිසිම දෙයක් මත හෝ අප අදහන කිසිම දෙයක් මත හෝ රඳා නොපවතින අතර තනිකරම දෙවියන් වහන්සේගේ දයාවේ අභිමතය මත වේ. කැල්වින් වාදයේ හරය සහ ඒක කතෘවාදීන් ගේ තර්කය වන්නේ, දෙවියන් වහන්සේගේ කාර්ය වන්නේ සැබෑලෙස මනුෂ්‍යයන් ගැළවීමද, නැතහොත් ගැළවෙන පිණිස ඔවුන්ව සූදානම් කිරීමද යන්නයි. මක්නිසාද සියලු මනුෂ්‍යයන් පාපය සමඟ උත්පත්තිය ලබන අතර, ඔවුන්ගේ වැටුන ස්වභාවය (මුළුමනින්ම දූෂ්‍යවූ), නිසා ඔවුන් නිරතුරුවම දෙවියන් වහන්සේව ප්‍රතික්‍ෂේප කරනවා ඇත. එබැවින් දෙවියන් වහන්සේ තෝරාගත් අය ඔවුන්ගේ පැත්තෙන්, ඇදහිල්ල වැනි පෙර නියමයන් ගෙන් තොරව ගළවා ගැනිමට ක්‍රියා කළ යුතුය. තෝරා ගත් අය මත ගැළවීමේ ආශීර්වාද සහ සදාකාල ජීවනය ප්‍රදානය කිරීම සඳහා පළමුව දෙවියන් වහන්සේ ඔවුන්ගේ පාපයන්ට සමාවදිය යුතුය (සීමා සහිත). මෙම අනුග්‍රහය සහ ගැළවීම තෝරාගත් අය වෙත යොමුකොට, ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන ගැළවීමේ ප්‍රතිවිපාක තෝරාගත් අය වෙතට යොමුකිරීම කරණකොටගෙන ඔවුන්ගේ ආත්ම ප්‍රකෘතිමත් භාවයට පත් කරමින් ගැළවීම තුළට ඇද ගන්නවා ඇත (නොවැළක්විය හැකි දයාව). අවසාන ලෙස, දෙවියන් වහන්සේ විසින් ගළවනු ලැබූවන් එතුමන් විසින් අවසානය දක්වා ආරක්‍ෂා කරනවා ඇත. ( ශුද්ධවතුන්ගේ උට්ඨාන වීර්යය). ආරම්භයේ පටන් අවසානය දක්වා ගැළවීම (සියලූ පැති වලින්) දෙවියන් වහන්සේගේම ක්‍රියාවක් වන අතර-එය ඒක කතෘවාදය වේ.එහි අන්තර්ගත කරුන වන්නේ සැබෑමනුෂ්‍යයන් ගළවන බවය. රෝම 8:28-30 සලකා බලන්න. මෙම කොටසෙහි අප දකින දෙයක්නම් "දෙවියන් වහන්සේගේ පරමාර්ථය අනුව කැඳවන" කොටසක් සිටින බවය. මෙම සෙනඟ හදුන්වනු ලබන්නේ "දෙවියන් වහන්සේට ප්‍රේම කරන" අය ලෙසය. මෙම සෙනඟ එම 29-30, අනුව පෙර දැන සිටියාවූ, කලින් නියම කරගත්, කැඳවනු ලැබූ, ධර්මිෂ්ට කරනු ලැබූ සහ මහිමයට පත්වූ සෙනඟය. පෙර දැනගැන්මට අනුව දෙවියන් වහන්සේ විසින් මෙම සෙනඟ කණ්ඩායම (දෙවියන් වහන්සේට ප්‍රේම කරන, තෝරා ගත් අය) එබැවින් ඔවුන් අතරෙන් කිසිවෙකු ගමන් මඟ අතරතදී මංමුළා වූයේ නැත.

සංශක්තිවාදය අනුමත කිරීමට, අප අපගේ අවධානය "වීරෝධතා ලිපි පහ" වෙත යොමු කරමු. "දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් වහන්සේ තුළ සදාකාලික සහ නොවෙනස්වන්නාවූ පරමාර්ථය නිසා, ලොව අත්තිවාරම්ලන්නට ප්‍රථමයෙන්, ක්‍රිස්තුස් වහන්සේ තුළ හා ක්‍රිස්තුස් වහන්සේ නිසාසහ ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන වැටුණ පාපිෂ්ට මනුෂ්‍යය සංහතිය අතරින් ගළවන පිණිස ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුග්‍රහය නිසා තෝරා ගත් අය, එතුමන්ගේ පුත්‍රයාණන් විශ්වාස කරමින්, ඇදහිල්ල තුළ රැඳෙමින් සහ ඇදහිල්ලට කීකරුවෙමින් මෙම අනුග්‍රහය නිසාම අවසානය දක්වාම රැඳෙනු ඇත. තවත් ආකාරයකින් පවසතොත් ඉතා මුරණ්ඩූ / හික්මවිය නොහැකි සහ පාපය අවිශ්වාස කරන්නන් ක්‍රිස්තුස් වහන්සේ උදහසට සහ දඬුවමට පවරා දෙන්නේ යොහාන් සුභාරංචියෙහි 3:36 ට අනුවය. "පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය. දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි, සහ ලියවිල්ලෙහි අනෙකුත් කොටස් වලටද අනුව" වේ, (ෆාර්, ලිපියෙහි 1, අවධාරණය කිරීම ඇතුළත් කොට ඇත.) මෙහිදී ගැළවීම කොන්දේසි සහිත බවත්, එය එකිනෙකාගේ ඇදහිල්ල සහ එය සංරක්‍ෂණය කරගන්නාවූ ආකාරය මත රඳා පවතින බවත් අපට පෙනෙන්නට තිබේ. කුමන තෝරා ගැනීමේ කොන්දේසියක් මත ඝෘජුවම අපගේ ඇදහිල්ල රඳා පවතීද? එනම් යේසුස් වහන්සේව තෝරා ගැනීමේ හැකියාව මත සහ එතුමන් තුළ රඳා පැවතීම අනුව වේ. ආමේනියන්වරු ප්‍රකාශ කරනු ලබන්නේ, යේසුස් වහන්සේව තෝරා ගැනීමේ අපට ඇති හැකියාව, දෙවියන් වහන්සේ විසින් සියලු මනුෂ්‍යයන්ට දෙන ලද ක්‍රිස්තුස් වහන්සේව තෝරා ගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීමට ඇති හැකියාව, වැටීමේ බලපෑම් වලට හිලව් කිරීම විශ්වීය අනුග්‍රහයේ ඵය ප්‍රතිවිපාකය බවය. තෝරා ගැනීමේ හැකියාව ඇති වන පිණිසද දෙවියන් වහන්සේ යමක් කළව යුතු ඇතිමුත්, අවසානයේ අපගේ තෝරා ගැනීම අපව ගළවනවා ඇත. 1 වන ලිපිය අදහන්නන්ට සදාකාල ජීවනය ඇති බවත්, ප්‍රතික්‍ෂේප කරන්නන්ට සදාකාල ජීවනය නොමැති බවට ස්ථීරවම ප්‍රකාශ කරන බැවින්, මෙම ධර්මයට ලියවිල්ලෙහි යම් අනුබලදීමක් ඇති බව දක්නට ලැබේ. එමෙන්ම සංශක්තිවාදය, ගැළවීම සඳගා දෙවියන් වහන්සේ හැකියාව ලබා දෙන නමුදු ගැළවිම සත්‍ය වනුයේ, අපගේ තෝරා ගැනීම අනුවය.

එබැවින් දෙවියන් වහන්සේ ගැළවීම සඳහා අවශ්‍ය සහ සෑහෙන කොන්දේසි දෙක වන බව ඒක කතෘවාදය පවසන අතර,සංශක්තිවාදය දෙවියන් වහන්සේ අවශ්‍ය කෝන්දේසියක් බවට එකඟවන නමුදු, එතුමාගේ සෑහීම ප්‍රතික්‍ෂේප කරයි. අපගේ ස්වකැමැත්ත සහ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලියඑය සම්පූර්ණ කරයි /සෑහේ. තර්කාණුකුලව කතාකරතොත්, සංශක්තිවදයේ සැබවින්ම දෙවියන් වහන්සේ කිසිවකු ගළවන්නේ නැත යන තර්කයේ දෝෂය දෙස අවධානය දිය යුතුය. මෙමඟින් ගැළවීමේ වගකීම අප මත පැවරෙන අතර, ක්‍රිස්තුස් වහන්සේ මත අපගේ ඇදහිල්ල රඳවා තබා ඇදහිල්ල සත්‍ය කර ගැනීම අප සතුවේ. සැබවින්ම දෙවියන් වහන්සේ කිසිවකු ගලවන්නේ නැතිනම්, කිසිවකු නො ගැළවනු ඇත. දෙවියන් වහන්සේ කිසිවකු ගළවන්නේ නැතිනම් රෝම 8:28-30 වැනි බලවත් පරිච්ජේදයන් අප විස්තර කරන්නේ කෙසේද? එම කොටසෙහි ඇති සියලු ග්‍රීක ක්‍රියා පදයන් අතීත කාල ක්‍රියා පදයන් /ත්‍රෛකාලික ක්‍රියාවන් වේ. එහි අරුත වන්නේ ක්‍රියාව සම්පූර්ණ බවට විග්‍රහ කිරීමක්ය. එම පරිච්ජේදයේ කිසිම විභවතා ව්‍යංග්‍යයක් නොමැත. දෙවියන් වහන්සෙගේ දැක්ම අනුව ගැළවීම ඵලදායී වි ඇත. විරෝධතා වෙනි ලිපියට අනුව දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට විරුද්ධවි හැකි අතර 5 වෙනි ලිපියට අනුව දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තෝරා ගත් අය වුවද එම අනුග්‍රහයෙන් වැටී යාමට හැකියාව ඇති අතර එමෙන් " නපුරෙන් පිරුණු නූතන ලොවට හැරී" "අනූග්‍රහය ශුන්‍ය වී යා හැකිය." මෙම මතය සම්පූර්ණයෙන්ම ලියවිල්ලෙහි ඇදහිලිවන්තයාගේ සදාකාලික සංරක්‍ෂණයේ පැහැදිලි ඉගැන්වීම් වලට පටහැනි වේ.

කරුනු එසේනම් කොන්දේසි සහිත තෝරා ගැනීමට බයිබලීය ආධාරකයක් වන්නේ කෙසේද? (ඉදිරියට ගෙන ආවා යොහාන් 3:36)? ඇදහිල්ල "අවසාන වූ ගනුදෙනුවට අවශ්‍ය බව පිළිබඳව ප්‍රතික්‍ෂේප වීමක් නැත, නමුත් ගධළවීමේ ක්‍රියාවලියේ කිනම් ස්ථානයකට ඇදහිල්ල වැටේද? (Ordo Salutis)? නැවතත් අප රෝම 8:29-30 සලකා බැලුවහොත් අපට තර්කාන්වත ගැළවීමේ ක්‍රියාවලියක් දැකිය හැකිය. ඇදහිල්ලෙන් ගැළවීම ගැන සලකා බලන කළ, යුක්ති සාධනය හරියටම නව දැක්මක් නොවන අතර, ඉහත සඳහන් ලිපියෙහි 4 වන කරුණ වන පෙර දැනගැන්ම, පෙර නියමය සහ කැඳවීම පූර්වාගමනය වේ. දැන්, කැඳවීම පහත සඳහන් කෙටස් වලට කැඩිය හැක. පුනර්වර්ධනය, සුභාරංවිකරණය, ඇදහිල්ල සහ පසුතැවීම. තව ආකාරයකින් කිවහොත්, "කැඳවීම" ( මෙහිදී යොමුවන්නේ "ඵලදායී කැඳවීම"ප්‍රතිසංස්කරණය වූ දේවධර්මාවාර්ය වරුන්). ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ බලය කරණකොටගෙන පළමුව නැවත උත්පාදනයට යොමු විය යුතු අතර (යොහාන් 3:3) ඉන්පසු සුබසුන දේශනා කිරීම (රෝම 10:14-17), ඊළඟට ඇදහිල්ලෙන් අනුගමනය කිරීම සහ පසුතැවීම වේ. කෙසේ වුවද මේ කිසිවක් සිදුවන්නට ප්‍රථමයෙන් මෙය පෙර දැන ගැන්මෙන් හා පෙර නියමය මඟින් පූර්වගමනය කළයුතුවේ. මෙය පෙර දැනගැන්ම නැමති ප්‍රශ්ණයට යොමු කරයි.

ආර්මේනියන්වරු පෙර දැනගැන්ම දෙවියන් වහන්සේගේ තෝරා ගත්තවුන්ගේ ඇදහිල්ල පිළිබඳ පූර්වයේ දැන සිටීමට යොමු කරයි. කරුනු මෙසේ නම් දෙවියන් වහන්සේ අපව තෝරා ගැනීම "එතුමාගේ කැමැත්තේ පරමාර්ථයට" අදාළ නොවන අතර, වැටුණ ස්වභාවය තුළදීත් අපට එතුමන් තෝරා ගැනීමට හැකිවීම, රෝම 8:7 අනුව දෙවියන් වහන්සේට ආගන්තුක වීම සහ එසේ කිරීමට ඇති නොහැකියාවද පෙන්නුම් කරයි. කොන්දේසි රහිත තෝරා ගැනීමට ආධාරක වන්නාවූ (එපීස 1:4-5, සහ රෝම 9:16) කොටස, පෙර දැනගැන්ම පිළිබඳ ආර්මේනියන් මතයට පටහැනිවන අතර පැහැදිලි ඉගැන්වීම් වලටද පටහැනිවේ. මෙම මතය ඉදුරාම දෙවියන් වහන්සේගේ ස්වෛරීත්වය සහ ගැළවීමේ වගකීම කිසිදු හැකියාවක් නැති උපදවාගත් දෙය මත පටවයි.

අවසාන වශයෙන්, තර්කාන්විත සාක්‍ෂි සහ බයිබලීය සාක්‍ෂී වල වැදගත්කම් අනුව ගැළවීමේ ඒක කතෘවාදයට අනුබල දේ. දෙවියන් වහන්සේ ඇදහිල්ලේ කතෘවරයාද, සම්පුර්ණ කරන්නාද වේ (හෙබ්‍රෙව් 12:2). "නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණසේකැයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි (පිලිප්පි 1:6). ඒක කතෘවාදය යමෙක් ගැළවීම දෙස බලන්නේ කෙසේදැයි යන්නට වැදගත් බලපෑමක් ඇතිවා පමණක් නොව සුභාරංචිකරණය පිළිබඳව එසේම වේ. ගැළවීම දෙවියන් වහන්සේගේ ගැළවීමේ අනුග්‍රහය මත පමණක් රඳා පැවතියේනම් අපට උඩඟු වන්නට හැකියාවක් නැති අතර මුළු මහිමය දෙවියන් වහන්සේට අයිතිවනවා ඇත. (එපීස 2:8-9). ඊට අමතරව දෙවියන් වහන්සේ සැබැවින්ම මනුෂ්‍යයන් ගළවනවා නම්, අපගේ සුභාරංචිකරණ සේවය අනිවාර්යෙන් ඵල දැරිය යුතුය. මන්ද යත් තෝරා ගත් අය ගළවන බවට දෙවියන් වහන්සේ පොරොන්දුවී ඇත. ඒක කතෘවාදය දවියන් වහන්සේගේ මහත් මහිමයට සමාන වේ.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ඒක කතෘවාදයට එරෙහිව සංශක්තිවාදය-කුමන මතය නිවැරදිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries