settings icon
share icon
ප්‍රශ්නය

බව්තිස්මයේ නිවැරදි ක්‍රමයන් මොනවාද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට පිළිතුර “බව්තිස්ම කිරීම” යන වචනය තුළම සොයා ගත හැකිය. එය ග්‍රීක් වචනයකින් වේ එහි අදහස “වතුරෙහි ගිල්වීම.” එමනිසා ඉසීම හෝ වත්කිරීම වැරදි වේ. එය “පුද්ගලික-විරුද්ධත්ව” වතුර ඉසීමෙන් කරනා බව්තිස්මය තුළින් අදහස් කරන්නේ “කෙ‍ෙනකුට වතුර ඉසීමෙන් වතුරෙහි ගිල්වීම.” බව්තිස්මයෙහි අන්තර්ගත විග්‍රහය, වතුරෙහි ගිල්වීමෙහි ක්‍රියාවලියක් විය හැකිය.

බව්තිස්මය ඇදහිලිවන්තයෙකු ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සොහොන්ගත කිරීම හා උත්ථානය විදහා දැක්වීමය. “නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බව්තිස්ම ලැබුවාවූ අප සියල්ලන් උන් වහන්සේගේ මරණයට බව්තිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත් කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බවිතිස්මය කරණකොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව” (රෝම 6:3-4). ගිල්වීමේ ක්‍රියාවලියෙහි පිංතාරුව මිනිසා ක්‍රිස්තුස් වහන්සේ සමග මැරී තැන්පත් කිරීමයි. වතුරෙන් ඉවතට ඒම සංකේත කරන්නේ උන් වහන්සේගේ උත්ථානය. ප්‍රතිඵලයක් ලෙස, ගිල්වීමේ බවිතිස්මයෙහි පමණයි ක්‍රිස්තුස් වහන්සේ සමග වළලෑම උන් වහන්සේ සමග නැවත නැගිටවීම පිළිබ්ඹු කරන්නේ. වතුර ඉසීමෙන් හා වත්කිරීමෙන් බව්තිස්මයේ ක්‍රියාවලිය බයිබලයට අනුකුල නොවූ ළදරු බවිතිස්මයේ ප්‍රතිඵලයකි.

ගිල්වීමේ බව්තිස්මය, එය ක්‍රිස්තුස් වහන්සේ සමග හඳුනා ගැනීමේ බයිබලානුකුල ක්‍රමය වන අතර, (සමහරු විශ්වාස කරන ලෙසට) ගැලවීමට තිබිය යුතු දෙයක් නොවේ. එය කීකරුකමේ ක්‍රියාවලියක් හා එය ක්‍රිස්තුස් වහන්සේ සමග හඳුන්වාදීමට හා උන් වහන්සේ තුළ ඇදහිල්ලට ප්‍රසිද්ධ ප්‍රකාශයකි. බව්තිස්මය නම් අප අපගේ පරණ ජීවිතය අහක දමා අළුත් මැවිල්ලක් වීමවේ (2 කොරින්ති 5:17). ගිල්වීමේ බව්තිස්මයේ තමයි සම්පූර්ණ වෙනස පිළිබ්ඹු කරන්නේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බව්තිස්මයේ නිවැරදි ක්‍රමයන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries