settings icon
share icon
ප්‍රශ්නය

පාවුල් තුමාගේ විවිධ වූ මිෂනාරී වාරිකා මොනවාද?

පිළිතුර


අළුත් ගිවිසුමේහි සඳහන් වන්නේ පාවුල් තුමා, යේසුස් වහන්සේගේ පණිවිඩය රැගෙන සුළු ආසියාව හා යුරෝපයට ගිය බවය. පාවුල් තුමා ඉතා දැන උගත් හා නිර්භය වූ යුදෙව්වෙකි. ඔහුගේ මුල් නාමය වූයේ සාවුල්ය. යේසුස් වහන්සේගේ මරණය හා උත්ථානයට පසුව ඔහු යෙරුසලමෙහි ඡීවත් විය. ඔහු ඔහුගේ මුළු ඡීවිතයම යේසුස් වහන්සේගේ කිතුනු සභාව විනාශ කිරීමට යෙදවුවේය. ඔහු ස්තේපන් නම් කිතුනු මිනිසාව මරුමුවට පත් කිරීමටද දායක වූවා (ක්‍රියා7:55-8:4).

තවදුරටත් කිතුනුවන්ට හිංසා කිරීම මුදුන්පත් කරගෙන ඔහු දමස්කයට යන අතරතුර, පාවුල්ට දෙවියන් වහන්සේ මුණ ගැසුනි. ඔහු දෙවියන් වහන්සේගේ ඇදහිල්ලට භාඡනය විය. මෙම අත්දැකීමට පසු, ඔහු කිතුනුවන් හා යුදෙව්වන්ව සිය ඡීවිතයේ පෙරළිය ගැන දැනගන්නට සැලසුවේය. බොහෝ දෙනා ඔහු කෙරෙහි විශ්වාස නොකළෝය, ඔහුව ප්‍රතික්ශේප කළෝය. බාර්නබස් වැනි වූ කිතුනුවන් ඔහුව පිළිගෙන ඔහුට පක්ශපාතීව කථා කළේය. ඔවුන් දෙදෙනා මිෂනාරිවරුන් වූවෝය.

ඔවුන් දෙදෙනා වෙන් වෙන්ව මිෂනාරී ගමන් ගිය අතර සමහරක් ඒවා වසර ගණනාවකින් නිම වේ. පාවුල්තුමා යේසුස් වහන්සේගේ වචනය බොහෝ මුහුදුබඩ ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශ වල ඉගැන්වුවේය. පහත සඳහන් වන්නේ එම චාරිකාවල සාරාංශයකි.

ප්‍රථම මිෂනාරී ගමන (ක්‍රියා13-14): දෙවියන්වහන්සේට කථා කරමින්, යේසුස් වහන්සේව අනාවරණය කරන ලෙස ඉල්ලමින්, පාවුල් හා බර්නබස් සිරියාවේ අන්තියෝකිය නුවරින් ආරම්භ කළ මොවුන් නගරයේ සිනගෝගවලට ගොස් මුලින්ම සුභාරංචිය දේශනා කළෝය. බොහෝ යුදෙව්වන් යේසුස් වහන්සේව ප්‍රතික්ශේප කළත්, මිෂනාරිවරුන් වටහාගත්තේ, දෙවියන් වහන්සේ බොහෝ අන්‍යඡාතීන්ව සාක්ෂිකරුවන් කරන බවයි. ඔහු විසින් පැහැදිලිව නොබියව ඉදිරිපත් කළ යේසුස් වහන්සේගේ සාක්ශිය නිසා, හිංසා කළ පාවුල්, හිංසනයට ලක් විය. යේසුස් වහන්සේ තුළින් උන් වහන්සේගේ ගැළවීමේ පණිවිඩය ප්‍රතික්ශේප කළවුන්, ඔහුව නතර කිරීමට හා හිංසා කිරීමට පෙළඹුණි. වරෙක නගරයක ඔහුව ගල් ගසා, මැරෙන තුරු වද හිංසා පැමිණවීමට නියමිත වුණි. නුමුත් දෙවියන් වහන්සේ ඔහුව ඒ තුළින් මුදවා ගත්තේය. දඬුවම්, හිංසා කිරීම්, සිරගත වීමෙිදී වූවද, ඔහු යේසුස් වහන්සේ පිළිබඳ දේශනා කිරීම නතර නොකළේය.

පාවුල් විසින් අන්‍යඡාතීන්ට ගෙන ගිය සේවය තර්ක විතර්ක, නොපිළිගැනීම් හා මුසුවන අතර යේසුස් වහන්සේගේ ආරක්ෂාව තිබෙන්නේ කා ළගද? කා තුළද? යන පැනය ඇති වුණි. ඔහුගේ ප්‍රථම හා දෙවැනි මිෂනාරි චාරිකා අතරතුර ඔහු ගැළවීමේ මාර්ගය පිළිබඳව යෙරුසලමෙහි පිහිටි සම්මන්ත්‍රණයට සහභාගී වූයේය. අවසානයේදී පොදු එකඟතාවය වූයේ අන්‍යඡාතීන්ට, යුදෙව් චාරිත්‍ර වලට අනුව යේසුස් වහන්සේ ලබාගැනීමට අවශ්‍ය නොවන බවයි.

දෙවන මිෂනාරී ගමන: (ක්‍රියා15:36-18:22) අන්තියෝකියේ ටික කළක් සිටීමෙන් පසු එහි සභාවක් ස්ථාපිත කළ පසු, පාවුල් ඔහුගේ දෙවන මිෂනාරී ගමනට ලක ලෑස්ති වූයේය. ඔහු බාර්නබස්ටත් තමා සමඟ සම්බන්ධ වෙන්ට පැවසුවේ තමාගේ ප්‍රථම මිෂනාරී ගමනේදී ස්ථාපිත කළ සභාවන් නැවත වරක් ගොස් ධෛර්යමත් කරන ලෙසටය. නොඑකඟතාවයක් හේතුවෙන් ඔවුන් දෙකඩ වූනෝය. ඔවුන් දෙදෙනාගේ වෙන්වීම, ධනාත්මක ලෙස පෙරළීමට දෙවියන් වහන්සේ සමත් විය. එවිට මිෂනාරී කණ්ඩායම් දෙකක් වන්නට විය, බර්ණාබස්, ඡොන් මාර්ක් සමඟ සයිප්‍රසයටත්, පාවුල්, සීලස් සමඟ සුළු ආසියාවටත් පිටත් විය.

දෙවියන් වහන්සේ විසින් පාවුල් හා සීලස්ව සියළු අනුග්‍රහය මැද ග්‍රීසියට හා ඒ තුළින් සුභාරංචිය යුරෝපයට ගෙන යන ලදී. පිලිප්පි නුවරදී මිෂනාරී කණ්ඩායම පීඩාවට හා සිරගත වීමට සිදුවුණි. යේසුස් වහන්සේ නිසා දුක් පීඩා විඳීම තුළ යේසුස් වහන්සේට ප්‍රශංසා කළ අතර, ඔවුන් සිරගෙදරදී ගීතිකා ගායනා කළෝය. සැනකින් යේසුස් වහන්සේ පොළෝකමිපාවක් එවා, සිරගෙදර දොරවල් විවෘත කළ අතර, ඔහුගේ බඳ පටි ලිහා දැමූසේක. මෙය දුටු රැකවල්කරු හා ඔහුගේ පවුල යේසුස් වහන්සේ පිළිගත් අතර, එවකට රඡයේ සිටි සේවකයන් රැකවලුන්ව පන්නා දැමුවේය.

ඇතැන්ස් නුවරට ගමන්කරන විට, ඉතා අසාමාන්‍ය සෙනඟක් ඔහුට මාර්ස් කන්දේදී මුණ ගැසුණි. පාවුල් පැහැදිල් ලෙස කියා සිටියේ සත්‍ය දෙවියන් වහන්සේ පමණක බවත්, ඔවුන් අදහන මිනිස් පිළිම දෙවිවරු නොවන බවත්ය. නැවතත් සමහරුන් ප්‍රතික්ශේප කළෝය, සමහරුන් විශ්වාස කර අදහාගත්තෝය.

පාවුල් යේසුස් වහන්සේ අදහාගන්නන්ගෙන් සැඳුම්ලත් සභාවන් පිහිටු වූයේය. ඔහුගේ දෙවන මිෂනාරී ගමනේද විවිධ පැතිවලින් සැඳුම්ලත් ගෝලයන් ඔහුට රැස්කර ගැනීමට හැකි විය. තරුණයෙක් වන තිමෝති, වෙළඳ කෙෂේත්‍රයේ නිරත වන ලිදියා නම් කාන්තාවත්, විවාහක යුවලක් වූ අක්විලා හා ප්‍රස්කිලා නම් යුවලය.

තුන්වන මිෂනාරී ගමන (ක්‍රියා18:23-20:38) ඔහු කුඩා ආසියාවේ ඉතා උද්යෝගී දේශනාකිරීමක් ගෙන ගියේය. දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ ගැළවීම හාස්කම් පෙන්වමින් උද්යෝගී කලේය. ක්‍රියා 20:7-12 දක්වා පැහැදිලිව පෙන්වා දෙන්නේ පාවුල් ත්‍රෝවසයේ ඉතා දීර්ඝ ලෙස දේශනා කළ බවය. තරුණ කොලුවෙක් නිදිබරව කවුළුව උඩ නිදාගෙන සිටියේය. පාවුල්ගේ නොනවත්වා දේශනා කිරීමේදී, ඔහු මහළින් පහළට වැටුණේය. ඔහු මැරුණා ලෙස පෙනුනත් ඔහු තුළ ප්‍රාණය විය. පාවුල් ඒ ළමයාව නැවත ඡීවත් වීමට සැලැස්සුවේය.

යේසුස්වහන්සේ අදහාගත් සියල්ලෝ එනම් එපීසයේ සිටි ගුප්ත මායාකරුවන්, ඔවුන්ගේ මායා පොත් ගින්නට දමුවේය. දේවරූප නිර්මාණ කරුවන්, සත්‍ය වූ දෙවියන් වහන්සේගේ පැමිණීම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර අඩාල විය. එක් රිදී කම්හල්කරුවෙක් වන දෙමෙත්රිකස්, මුළු නගරයම ඇවිලෙන ලෙස, මහත්වූ කෝලහාලයක් රැගෙන ගියේය. සිය දේවිතාව වූ ඩියානා වන දේවිතාවගේ පිළිමද රුගෙන ගියේය. පීඩාව පාවුල්ගේ පසුපසින්ම ආවේය. වඳහිංසා වලට පැමිණිවීම් හා විරුද්ධතා බොහෝ ලෙස කිතුනුවන් නැවතත් ශක්තිමත් හා සුභාරංචිය රැගෙන ගියෝය.

ඔහුගේ තුන්වන මිෂනාරී චාරිකාවේදී එනම් අවසානයේදී, ඔහු ඉතා ඉක්මනින් සිරගත වී මැරීමට තීරණය වන බව දැනගෙන සිටියේය. ඔහුගේ අවසාන වචන පද, එපීස සභාව යේසුස් වහන්සේට භාර කිරීම ගැන මනාව පෙන්නුම් කරයි. මා ආසියාවට ආ පළමුවෙනිදා පටන් මුළු කාලය නුඹලා සමඟ ගත කළ හැටි නුඹලා දන්නහුය. මම සිතෙහි සියළු ආකාර යටත්කමෙන්ද,කඳුළුවලින්ද, යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම් වලින්ද යුක්තව ස්වාමින් වහන්සේට සේවය කෙලෙමි. ප්‍රයෝඡනවත් වූ කිසිදෙයක් ප්‍රකාශ කිරීමෙන් නොවැළකී ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින් දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂි දුනිමි. දැන් ඉතින් ආත්මයෙන් බඳිනු ලැබ මම යෙරුසලමට යමි. එහිදී මටම කිවේද කියා නොදනිමි. නුමුත් බැඳුම් ද දුක් ද මට පැමිනෝයයි ශුද්ධාත්මයාණන්වහන්සේ සියළු නුවර වලදී සාක්ශි දෙනසේක. නුමුත් මාගේ දිවීම්ද දෙවියන් වහන්සේගේ කරුණාවේ සුභාරංවියට සාක්ශි දෙන පිණිස ස්වාමිවූ යේසුස් වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ඡීවීතය වැදගත්ය. නොහොත් මටම ඇගේය කියා මම කිසිසේත් නොසළකමි (ක්‍රියා 20:18-24).

සමහර බයිබල්වාදීන් මෙහි සිවි වැනි මිෂනාරී ගමනක් දකියි. මේ පිළිබඳව කිතුනු ඉතිහාසයේද සඳහන් වේ. මේ පිළිබඳ පැහැදිලි අදහසක් හෙවත් සාක්ශියක් නොමැත. එය විටෙක ක්‍රියා පොත අවසන් වූවායින් පසුව සිදුවූ දෙයක්ද කියා සිතිය හැක.

පාවුල්ගේ සියළුම මිෂනාරී චාරිකාවල අරමුණ එකම වූයේය. එනම් දෙවියන් වහන්සේගේ කරුණාව තුළ යේසුස් වහන්සේ තුළින් පාපවලට කමාව දීම. දෙවියන් වහන්සේ පාවුල්ගේ සේවය තුළින් බලාපොරොත්තු වූයේ අන්‍ය ඡනයාට සුභාරංවිය ගෙන යාමටය හා ඒ තුළින් සභා ස්ථාපිත කිරීමය. අළුත් ගිවිසුමෙහි සඳහන් ඔහු විසින් සභාවන්ට ලියූ හසුන් වලින් සභාවන් ශක්තිමත් වන අතර තවදුරටත් ධර්මය පතළ විය. ඔහු තමා සියල්ල කැප කළත්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි අලාභයක්යයි ඔහු පවසයි (පිලිප්පි 3:7-11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාවුල් තුමාගේ විවිධ වූ මිෂනාරී වාරිකා මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries