settings icon
share icon
ප්‍රශ්නය

සභාවට නොපැමිණීම සුදුසු හේතු මොනවාද?

පිළිතුර


බොහෝ දෙනෙකුට සභාවට නොපැමිණීම පිළිබඳව නුසුදුසු හෝ බයිබලානුකුල අවබෝධයක් නැත. සභාවට නොපැමිණීමේ නීතිමය භාවය පිළිබඳ සමහර පුද්ගලයින්ගේ හැඟීම ඔවුන් කිසියම් ආකාරයක සේවාවක් හෝ රැස්වීමක් ඇති සෑම අවස්ථාවකම සහභාගී විය යුතුය, නැත හොත් ඔවුන් දෙවියන්වහන්සේගේ උදහසට ලක්විය හැකිය. සමහර අය කිසියම් හේතුවක් නිසා ඉරිදා උදෑසන සේවයක් අත පසුවූවිට වරදකාරී හැඟීම් අත් විඳිති. කනගාටුවට කරුණක් නම්, සමහර සභාවල මිනිසුන්ට අධික ලෙස පීඩනය යෙදීමෙන් මෙම වරදට අනුබල දෙයි. සභාව කෙරෙහි දක්වන උදාසීනත්වය හෝ සභාව හිතාමතාම මග හැරීම කෙනෙකුගේ අධ්‍යාත්මික සෞඛ්‍යය පිළිබඳ ගැටළුවක් පෙන්නුම් කළද, දෙවියන්වහන්සේ සමඟ පුද්ගලයෙකුගේ සම්බන්ධතාවයේ ගුණාත්මක භාවය තීරණය වන්නේ ඔහු / ඇය සභාවේ කොපමණ වාර ගණනක් සිටිනවාද යන්න මත නොවේ. දෙවියන්වහන්සේ තම දරුවන් කෙරෙහි දක්වන මෙය පදනම්වී ඇත්තේ ඔවුන් විධිමත් සේවාවන්ට සහභාගී වන වාර ගණන මත නොවේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වන කිතුනුවන් සභාවට යායුතු බවට සැකයක් නැත. සෑම කිතුනුවකුගේම ආශාව විය යුත්තේ ආයතනිකව නමස්කාර කිරීම (එපීස 5:19-20), අනෙක් කිතුනුවන් සමඟ ඇසුරු කිරීම හා ධෛර්යමත් කිරීම (1 තෙසලෝනික 5:11) සහ දේවවචනය ඉගැන්වීම (2 තිමෝති 3:16-17). වචනයට ඇහුම්කන්දීම ඇදහිල්ල ඇති කරයි (රෝම 10:17). වෙනත් ඇදහිලිවන්තයන් සමඟ එක්රැස්වීම ආඥාවකි (හෙබ්‍රෙව් 10:24-25); අපිට ඇත්තටම එකිනෙකා අවශ්‍යයි. දෙවියන්වහන්සේ සතුටු සිතින් දෙන තැනැත්තාට ප්‍රේම කරනවා සේම (2 කොරින්ති 9:7), එමෙන්ම අවංකවම සතුටු සිතින් සභාවට පැමිණීම ගැන උන්වහන්සේ සතුටුවේ.

සභාවට පැමිණීම ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රමුඛතාවයන් ගෙන් එකක් විය යුතුය. කෙනෙකුගේ ප්‍රාදේශීය සභාවට කැපවීම වැදගත්ය. සභාවට නොපැමිණිමට සුදුසු හේතු මොනවාද? සෑම කෙනෙකුටම වැඩ කරන ලැයිස්තුවක් ලබාදිය නොහැක. ඇත්ත වශයෙන්ම, යමෙකු අසනීපවූවිට සභාව අත පසු කිරීම පිළිගත හැකිය. එහෙත්, වෙනත් ක්ෂේත්‍රවලදී, ගැටළුව කෙනෙකුගේ ආකල්ප හා අභිප්‍රාය වෙත පැමිණේ. සභාවට නොපැමිණීමට යමෙකුගේ අභිප්‍රාය නම්, වෙනත් තැනක ස්වාමින්වහන්සේට වඩා හොඳ සේවයක් කිරීම, අව්‍යාජ අවශ්‍යතා සපුරාලීම හෝ දෙවියන් විසින් නියම කරන ලද වගකීමක් ඉටුකිරීම නම්, සභාවේ සේවයක් අත පසුවීමේ වරදක් නැත. නිදසුනක් ලෙස, ඇමතුමක සිටින පොලිස් නිලධාරියෙකු සභාවේ පොලිමක ඔහුගේ ස්ථානය ලබා ගැනීම සඳහා ඇමතුමක් නොසලකා හරිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. සභාවට නොපැමිණීමට යමෙකුගේ අභිප්‍රාය නම්, මාංශයේ රාගය ඉටුකිරීම, ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගැනීම හෝ ක්‍රිස්තියානි ඇසුරෙන් වැළකීසිටීම නම්, ගැටලුවක් තිබේ.

සෑම තත්වයක්ම පෞද්ගලිකව හා අවංකව ඇගයීමට ලක්කළ යුතුය. ක්‍රීඩා උත්සවයකට සහභාගිවීම සඳහා සභාව පැමිණිම අත පසුකිරීම කවදා හෝ පිළිගත හැකිද? ඔව්, කෙනෙකුගේ අභිප්‍රාය සහආකල්පය මත පදනම්ව. නිවාඩුවක් ගත කරද්දී සභාවට නොපැමිණීම ගැන කුමක් කිවහැකිද? නැවතත්, එය කෙනෙකුගේ අභිප්‍රාය සහ ආකල්පය මත රඳා පවතී. අපට අවශ්‍ය වන්නේ නෛතික වාදයෙන් වැළකී සිටීමටය; අප ගැළවෙන්නේ සභාවට පැමිණීමෙන් නොව කරුණාවෙන්. ඒ අතරම, කිතුනුවකු දෙවියන් වහන්සේගේ ගැළවීමේ ත්‍යාගයේ ශ්‍රේෂ්ධත්වය ගැන ඉගෙන ගැනීමටත්, ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට ඉගෙන ගැනීමටත්, අන් අයට උපස්ථාන කිරීමටත් අවස්ථාව ලබා ගැනීමට සභාවට යාමට කැමැත්තක් දැක්විය යුතුය.

සභාව නොපැමිණීම සඳහා අපගේ අභිප්‍රායන් විමසා බැලීමේදී, සභාවට යෑමේ අපගේ අභිප්්‍රායන්ද අප විසින් විමසා බැලිය යුතුය. අප සභාවට යන්නේ ආත්මික ලෙස පෙනී සිටීමටද? හැකි ව්‍යාපාර සම්බන්ධතා සමඟ අන්තර් ක්‍රියා කිරීමට? එසේත් නැති නම් අප සභාවක දොරවල් හරහා නිතර නිතර ඇවිදින විට දෙවියන්වහන්සේ අප ගැන සතුටු වන බව පවස නනීතිමය මතය නිසා අප එයට සහභාගි වෙනවාද? නිති පතා සභාවට යන බොහෝ අය සිටින නමුත් ස්වාමින්වහන්සේ සමඟ හොඳ සම්බන්ධතාවයක් නොමැති බව සත්‍යයකි. ඔබ සභාවට පැමිණීම ගායනය හා දේශනය තුළින් කම්මැලි සහ නොසැලකිලිමත් ලෙස වාඩිවී සේවය අවසන්වූ වහාම පිටත්ව යෑමට වඩා වැඩියමක් ඇතුළත් නොවේ නම්, ඔබත් එයින් කිසිවක් ලබා නොගත් නිසාත්, ඔබ එයට කිසිවක් දායක නොවූ නිසාත් ඔබට සභාව මඟ හැරී යන්නට ඇත. .

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුදුමාකාර කරුණාව අත්විඳ ඇති අන් අය සමඟ ඇසුරු කිරීමට අපට සභාවට යාමට අවශ්‍ය විය යුතුය. සභාවට නොපැමිණ සිටිමෙන් වැළකී සිටිය යුතුය, මන්ද දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ වැදගත්කම, එය අපගේ ජීවිතයට අදාළ කරගැනීම සහ එය අන් අය සමඟ බෙදා ගැනීම. අප සභාවට යායුත්තේ අධ්‍යාත්මික ප්‍රසාද ලකුණු රැස්කිරීමට නොව, අප දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම, උන්වහන්සේගේ සෙනඟට ප්‍රේම කිරීම සහ උන්වහන්සේගේ වචනයට ‍ප්‍රේම කිරීම නිසාය. සෑම කිතුනුවකුම නිති පතා සභාවට යාමට උත්සාහ කළ යුතුය. ඒ අතරම, හොඳ හේතුවක් නිසා සභාවට නොපැමිණීම කිසිසේත් පාපයක් හෝ වරදකාරි හැඟීමක් ඇති කළ යුතු දෙයක් නොවේ.

දෙවියන්වහන්සේ අපගේ හදවත් දනී. පුද්ගලයෙකු සෑම සේවයකටම සහභාගී වන නිසා ඔහු කෙරෙහි පැහැදීමක් නැත. දෙවියන්වහන්සේගේ ආශාව නම් අපව ක්‍රිස්තුස්වහන්සේ තුළ ගොඩනඟා ගැනීමයි. මේ යුගයේ උන්වහන්සේගේ ක්‍රමයට ප්‍රාදේශීය සභාව සම්බන්ධවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවට නොපැමිණීම සුදුසු හේතු මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries