ගබ්සා වීම පිළිබදව දේව වචනයේ පවසන්නේ කුමක්ද?


ප්‍රශ්නය: ගබ්සා වීම පිළිබදව දේව වචනයේ පවසන්නේ කුමක්ද?

පිළිතුර:
ගබ්සා වීමකින් අනතුරුව මනුෂ්‍යයන් විසින් අසනු ලබන පොදු ප්‍රශ්නයක් නම් "මෙය සිදුවූයේ මන්ද" හෝ "දෙවියන්වහන්සේ විසින් මා හට මෙය වන්නට හැරියේ මන්ද?" මෙම ප්‍රශ්න වලට පහසු පිළිතුරු නොමැත. සැබවින්ම අයහපත් දේ මනුෂ්‍යයාට සිදු වන්නේ මන්ද යන්නට, විශේෂකොටම ජීවත් වීමට පවා තවමත් ආරම්භ කොට නොමැති දරුවන් පිළිබදව, තෘප්තියට පැමිණිය හැකි නිගමනයකට අපට එළඹිය නොහැකි වෙමු. අප විසින් අවබෝධ කරගත යුත්තේ දෙවියන්වහන්සේ අපගේ ආදරණීයයන් යම් ආකාරයක කුරිරු දඩුවමක් ලෙස අපගෙන් ඉවත් නොකරන සේක් බවය. දේව වචනයෙහි අපට සදහන් කරනු ලබන්නේ "එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඩුවමට පත් කිරීමක් නැත" (රෝම 8:1) බවය.

ගබ්සා වීම් සාමාන්‍යයෙන් ඇති වන්නේ කළලය තුළ සිටින දරුවා තුළ අස්වාභාවික වර්ණදේහ රටා ඇති වීම කරණකොටගෙනය. මෙම විපරීතයන් අනාවරණය කර ගන්නා කළ වර්ධනය ඇතිවීම ඇණහිටින අතර එහි ප්‍රතිඵලය වන්නේ ගබ්සා වීමය. අනෙකුත් සිදුවීම් තුළදී ගබ්සා වීම් ඇති වන්නේ ගර්භාෂයික විරූපතාවයන්, හෝමෝනීය විපරීතයන්, ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළ ඇති වන ගැටළු, නිදන්ගත ආසාදනයන් සහ රෝගාබාධ කරණකොටගෙනය. වසර දහසක පාපය, මරණය සහ පුද්ගලික විනාශයන් හේතුවෙන් අපව විමතියට පත් නොකල යුත්තේ මෙවන් ජාන විකෘතිතාවයන් අවසානයේදී සාමාන්‍ය කරුණක් බවට පත් වීම පිළිබදවය.

දේව වචනයෙහි නිරූපිත වශයෙන්ම ස්වයං සිද්ධ ගබ්සා වීම් පිළිබදව පරිකථනය නොකෙරේ. එනමුත් අපට සහතික විය හැක්කේ මේ කාරණා හේතුවෙන් පීඩා ලබන්නාවූ අය වෙනුවෙන් දෙවියන්වහන්සේ දයානුකම්පා වන බවය. උන්වහන්සේ අප හා සමග හඩන මෙන්ම පීඩා විදින සේක, මන්දයත් හුදෙක්ම උන් වහන්සේ අපට ප්‍රේම කරන මෙන්ම අපගේ වේදනාව එතුමාණන්ට හැගෙන හෙයිනි. දේව පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේව සියලූ ඇදහිලිවන්තයන් වෙතට එවීමට පොරොන්දු වූයේ ඒ කරණකොටගෙන අපට කිසිවිටෙක බලවත් හිරිහැරයන් තුළින් තනිවම ගමන් නොකරනු ලබන පිණිසය (යොහාන් 14:16). මතෙව් 28:20 හී යේසුස්වහන්සේ ප්‍රකාශ කරනු ලැබවේ "මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හීම ඔබ සැම සමග සිටිමියි" කියාය.

ගබ්සා වීමක් කරණකොටගෙන පීඩා විදිනු ලැබූ ඕනෑම ඇදහිලිවන්තයෙකු එම තේජාන්විත බලාපොරොත්තුව තුළ ඇදහිල්ල තබාගත යුත්තේ යම් දිනෙක තමාගේ දරුවන් නැවතත් දකින බවටය. නූපන් දරුවෙකු දෙවියන්වහන්සේට කළලයක් හෝ "පටක කැබැල්ලක්" පමණක් නොවන නමුත් උන්වහන්සේගේ දරුවන්ගෙන් කෙනෙකි. යෙරමියා 1:5 හී ප්‍රකාශ කරනු ලබන්නේ අප මවගේ ගර්භයේ සිටින කළද උන්වහන්සේ අපව දන්නා සේක බවය. විලාප ගී 3:33 හී පවසනු ලබන්නේ දෙවියන්වහන්සේ "මනුෂ්‍යය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරන සේක, ඔවුන් ශෝකයට නොපමණුවන සේක." යේසුස්වහන්සේ අපට පොරොන්දු වූයේ ලෝකය දෙන්නාක් මෙන් නොවන ආකාරයේ සමාදානයේ ත්‍යාගයක් තබා යාමටය (යොහාන් 14:27).

රෝම 11:36 හී අපට මතක් කර දෙනු ලබන්නේ සියල්ලම පවතිනු ලබන්නේ දෙවියන්වහන්සේගේ බලය තුළ සහ උන්වහන්සේගේ මහිමය අදහස් කොටගෙන බවය. අපට දඩුවමක් ලෙස පීඩා විදීම උන්වහන්සේ විසින් පහර ගසනු නොලබන නමුත් අපගේ ජීවිතයට යම් කාරණා පැමිණීමට එතුමන් විසින් ඉඩ හරනු ලබන්නේ එතුළින් උන්වහන්සේව මහිමයට පත් කරනු ලබන පිණිසය. යේසුස්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ "මා තුළ ඔබ සැමට සමාදානය තිබෙන පිණිස මේ දේවල් ඔබ සැමට කීවෙමි. ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ. නමුත් ධෛර්‍යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි" (යොහාන් 16:33).

English


නැවතත් සිංහල මුල් පිටුවට
ගබ්සා වීම පිළිබදව දේව වචනයේ පවසන්නේ කුමක්ද?