settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ හාස්කම් ප්‍රායෝගිකද?

පිළිතුර


ඔව්, බයිබලයේ සදහන් හාස්කම් ප්‍රායෝගික වේ. සමහර සංකේතමය කොටස්වලට අමතරව දේව වචනයේ සදහන් වන අනිකුත් සියල්ල ප්‍රායෝගික වේ. ගීතාවලිය 17:8 වන පදය, මෙම සංකේතමත් කොටසට නිදසුනක් වේ. ප්‍රායෝගිකව බලන විට, වචනය පවසන ආකාරයට, අප දෙවියන්වහන්සේගේ කළුරුව මෙන් සහ උන්වහන්සේගේ පියාපත් යටතේ රක්ෂා කිරීම සංකේත පමණි. නමුත් හාස්කම් සංකේතමත් සිදුවීම් නොවේ ඒවා සත්‍ය සිදුවීම් වේ. බයිබලයේ සඳහන් සෑම හාස්කමක්ම වෙනත් මාර්ගයකින් තොරව යම් අරමුණක් සඳහා සිදුවු හාස්කම් වේ. පටන්ගැන්මේ සිට සොයා ගත් මුල්ම හාස්කම මැවිල්ල වේ. කිසිම දෙයකින් තොරව මැවු උන්වහන්සේගේ මැවිල්ල උන්වහන්සේගේ බලය ප්‍රකාශ කරයි. නික්මයාම පොතෙහි සිදුවු සියලු හාස්කම් දෙවියන්වහන්සේගේ කැමැත්ත එළිදරව් කළා. මිසරයේ සිදුවු පීඩාවන්, එනම් නයිල් ගඟ ලේ බවට පති වීම පටන් (නික්මයාම 7:17) කුළුඳුල්ලන්ගේ මරණය (නික්මයාම 12:12) දක්වා ඊශ්‍රායෙල් ජනයා ඵාරාවෝගේ වහල්කමින් මිදීම සඳහා සිදුවු සිදුවීම් වේ. පීඩාවන් සිදු නොවුනා නම් ඵාරාවෝ ඔවුන්ට යන්නට ඉඩ නොදෙන්නේය. කුළුදුල්ලන් මැරුණේ නැති නම්, ඊශ්‍රායෙල් සෙනගගේ නිවස්වල ලේ තැවරීමක් සහ දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් මිසරයේ එම රාත්‍රියේදි සිදු නොවේ. මෙම සිදුවීම යේසුස්වහන්සේ කුරුසියේ වැගිරෙව්වාවූ රුධිරයේ ඡායාවක් ලෙස හැඳින්විය හැක. මෙය සැකයකින් තොරවූ සිදුවීමක්වේ. එම නිසා බයිබලයේ හාස්කම් ගැන අප සැක කරන්නේ නම්, බයිබලයේ සියලුම හාස්කම්වල ප්‍රතිඵල අඩු මට්ටම් කරන්නේ නම්, අවසානයේදී මුළු බයිබලයම සැකයකට පත් කරයි.

පරණ ගිවිසුමේ අප දන්නා හාස්කම් අතර (නික්මයාම17) රතු මුහුද වෙන් වීම හා ඵරාවෝගේ හමුදාව එහි ගිලිහි යාම දක්නට ලැබෙන මෙම හාස්කම යම් සළකුනක් නම්, අනිකුත් හැම කතන්දරයක්ම අපට විස්වාස කළ හැකිද? ඊශ්‍රායෙල් ජනතාව ඇත්ත වශයෙන්ම මිසරයෙන් පිටවුණාද? ඵාරාවෝගේ හමුදාව ඇත්ත වශයෙන්ම ඊශ්‍රායෙල් සෙනග පන්නං ආවාද? ගීතාවලිය 78 වන පරිව්ඡෙදය ඊශ්‍රායෙල් සෙනග මිසරයේ වහල්කමින් මිදුනු ආකාරය හා එහි සිදුවු හාස්කම් අපට මතක් කර දෙයි. මෙම හාස්කම් පවා සියලු ජාතීන්ට උන්වහන්සේ සැබෑ දෙවියන්වහන්සේ බවට ප්‍රකාශ කළ සේක (යොෂුවා 2:10). ගල් සහ ලීවලින් සාදන ලද රූපවලට හාස්කම් කිරීමට කිසි බලයක් නැත.

අලුත් ගිවිසුමේ යේසුස්වහන්සේ කානන්හි සරණ මංග්‍යයේදී වතුර මිදි යුෂ බවට පත් කළ හාස්කම පටන් බොහො හාස්කම් කළ සේක (යොහාන් 2:1-10). උන්වහන්සේ කළ ප්‍රබල හාස්කම නම්, ලාසරස්ගේ මරණයෙන් පසු දවස් හතරකින් ඔහුව මරණයෙන් නැගිටිටවීමය (යොහාන් 11). මේ සියලුම හාස්කම් තුළින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවය ප්‍රකාශ කල සේක. මතෙව් 8 හි උන්වහන්සේ කුණාටුවට අණකරමින් නතර කල විට ගෝලයෝ පවා පුදුමයට පත් වූවෝය. එවිට ඔවුන් ප්‍රකාශ කළේ, සුළඟ හා රැල්ල පවා කීකරු වීමට ඔහු කුමන මනුෂ්‍යයෙක්ද? (27වන පදය) මෙම යේසුස් වහන්සේගේ හාස්කම් සැබෑ නැත්නම්, උන්වහන්සේගේ සුවකිරීම, ශුභාරංචි සියල්ල යම් කතන්දර පමණක් වේ, සෙනගද රෝගවලින්ම පීඩාවට පත්වී උන්වහන්සේගේ අනුකම්පාවද සැක කරයි (මතෙව් 14:14, 10:34, මාර්ක් 1:41). උන්වහන්සේ රොටි 5 යි මාළු 2 යි දහස් ගණන් සෙනගට කෑමට දුන්නේ නැත්නම් උන්වහන්සේ නුඹලා මා අනුව එන්නේ, කෑම කා තෘප්තිමත් වූ බැවිනි (යොහාන් 6:26) කියා කීමෙන් අර්ථයක් වන්නේ නැත. නමුත් යේසුස්වහන්සේ සුව කළ සේක, දහස් ගණනකට කෑම දුන් සේක, වතුර මිදි යුෂ බවට පත් කළ සේක. එසේම, ලාසරස්ව මරණින් නැගිටිටෙවු සේක. යොහාන් 2:23හි පවසන ආකාරයට, බොහො හාස්කම් නිසා උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තෝ බොහෝ දෙනෙකි කියා සඳහන් වේ.

සියලුම හාස්කම් තුළින් යේසුස්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බව සනාත කරයි. එසේම සියලුම මැවිල්ලේ පාලනය උන්වහන්සේගේ හස්තයේ බවත්, මෙම සියලුම හාස්කම් උන්වහන්සේට කළ හැකි නම්, අපගේ ජීවිතය මඟපෙන්වීම උන්වහන්සේට නොහැකි දෙයක් නොවේ. අපගේ ජීවිතයේ හාස්කම් කිරීමට උන්වහන්සේට පුළුවන් බව අප විස්වාස කළ යුතුයි. හාස්කම් සිදු වූයේ නැත්නම්, බයිබලයේ සිදුවීම් විස්වාස කළ හැක්කේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවිතයට ශුභාරංචිය බයිබලය කියා විස්වාස කරන්නේ කෙසේද? අප දේව වචනයේ යම්කිසි වචනයක් සැක කරන්නේ නම්, මුළු බයිබලයම සැක කළා හා සමාන වේ. මෙසේ බයිබලය සැක කළහොත් යක්ෂයා අපේ හද තුළට බොරුව සහ විකෘතිය ගෙනෙයි (1 පේත්‍රස් 5:8). බයිබලය ප්‍රායෝගිකව තේරුම් ගෙන කියවිය යුතුයි. හාස්කම් සඳහා ද එසේම විය යුතුයි.



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ හාස්කම් ප්‍රායෝගිකද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries