settings icon
share icon
ප්‍රශ්නය

මට ක්‍රිස්තුස්වහන්සේගේ මනස ලබා ගත හැක්කේ කෙසේද?

පිළිතුර


1 කොරින්ති 2:16 හී පාවුල්තුමා යෙසායා 40:13 උපුටා දක්වමින් සියලු ඇදහිලිවන්තයන් ගැන ප්‍රකාශයක් කරයි: "අපට ක්‍රිස්තුස්වහන්සේගේ මනස ඇත." ක්‍රිස්තුස්වහන්සේගේ මනස තිබීම යනු ක්‍රිස්තුස්වහන්සේගේ සැලැස්ම, අරමුණ සහ ඉදිරි දර්ශනය බෙදා ගැනීමයි. එය සියලු ඇදහිලිවන්තයන් සතු දෙයකි.

ක්‍රිස්තුස්වහන්සේගේ මනස තිබීම යන්නෙන් අදහස් කරන්නේ අප ලෝකයේ දෙවියන්වහන්සේගේ සැලැස්ම තේරුම් ගැනීමයි. එනම් උන්වහන්සේට මහිමය ගෙන ඒම, මැවිල්ල එහි මුල් තේජසට ගෙන ඒම සහ පව්කාරයන්ට ගැලවීම ලබා දීමයි. එහි අර්ථය නම් "නැතිවූදේ සෙවීම හා ගැලවීම" යන ක්‍රිස්තුස්වහන්සේගේ අරමුණ සමඟ අප හඳුනා ගැනීමයි (ලූක් 19:10). එහි අර්ථය නම් අපි යේසුස්වහන්සේගේ නිහතමානිකම හා කීකරුකම (පිලිප්පි 2:5-8), දයානුකම්පාව (මතෙව් 9:36) සහ දෙවියන්වහන්සේ කෙරෙහි යාච්ඤා පුර්වකව යැපීම (ලූක් 5:16).

කොරින්ති 2:16 දක්වා ඇති පදවල, ක්‍රිස්තුස්වහන්සේගේ මනස සම්බන්ධ සත්‍යයන් කිහිපයක් අපි සටහන් කරමු.

1) ක්‍රිස්තුස්වහන්සේගේ මනස මිනිසාගේ ප්‍රඥාවට වඩා හාත්පසින්ම වෙනස් ය (5-6 පද).

2) ක්‍රිස්තුස්වහන්සේගේ මනස දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව සම්බන්ධ වන අතර එය වරක් සැඟවී ඇති නමුත් දැන් හෙළිවී ඇත (7 පදය).

3) ක්‍රිස්තුස්වහන්සේගේ මනස ඇදහිලිවන්තයන්ට දෙවියන්වහන්සේගේ ආත්මය තුළින් දෙනු ලැබේ (10-12 පද).

4) ක්‍රිස්තුස්වහන්සේගේ මනස ආත්මය නොමැති අයට තේරුම් ගත නොහැක (14 පදය).

5) ක්‍රිස්තුස්වහන්සේගේ මනස ඇදහිලිවන්තයන්ට අධ්‍යාත්මික කාරණා පිළිබඳ අවබෝධය ලබා දෙයි (15 පදය).

ක්‍රිස්තුස්වහන්සේගේ මනස ලබා ගැනීමට නම්, යමෙකුට පළමුව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල සුරැකිය යුතුය (යොහන් 1:12; 1 යොහන් 5:12). ගැළවීමෙන් පසු ඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ පාලනය යටතේ ජීවිතයක් ගත කරයි. ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයා තුල වාසය කරයි, දැනුවත් කරයි, ඔහුට ප්‍රඥාව ලබා දෙයි, එනම් ක්‍රිස්තුස් වහන්සේගේ මනස. ඇදහිලිවන්තයා ආත්මයාණන්ගේ මඟ පෙන්වීමට යටත්වීම (එපීස 4:30) සහ ආත්මය තම මනස වෙනස් කිරීමට හා අලුත් කිරීමට ඉඩදීම (රෝම 12:1-2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මට ක්‍රිස්තුස්වහන්සේගේ මනස ලබා ගත හැක්කේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries