settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය මනස පාලනය කරනවාද?

පිළිතුර


සමහර අය කිතුනුවන්ට චෝදනා කරන්නේ බයිබලය මනස පාලනය කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන බවයි. පල්ලියක් ගොඩනගා ගැනීමට හා සාමාජිකයන් රඳවා ගැනීමට ඇති එකම ක්‍රමය නම්, ජීවන රටාව හා ආකල්පමය වෙනස්කම් වලට මිනිසුන් බල කිරීම සඳහා මොළ සේදීමේ උපක්‍රම භාවිතා කිරීමයි. චෝදනාව පදනම් විරහිතය, නුමුත් ශුද්ධාත්මයාණන්ගේ බලය නොදන්නා අයට මිනිසුන්ගේ ජීවිතයේ වෙනසක් පැහැදිලි කිරීමට යම් ක්‍රමයක් අවශ්‍යයවේ.

බොහෝ ක්‍රිස්තියානින් යැයි කියා ගන්නා ඇදහිලිවන්තයන් මනස පාලනය කිරීමේ ක්‍රම වේදයන් අනුගමනය කරන බව සත්‍යයක් වන අතර සැබෑ ක්‍රිස්තියානි ධර්මය කෙසේ වෙතත් බලහත්කාරයෙන් නොවේ. සමිදාණන් වහන්සේට ප්‍රේම කරන දේවගැතිවරු තම සභාවන් පෝෂණය කිරීමට හා ආරක්ෂා කිරීමට කැමැත්තක් දක්වති (යොහාන් 21:15-19). පල්ලියේ නායකයන් පෞද්ගලික වාසි ගැන නොසිතා පරාර්ථකාමී ලෙස හා නිහතමානීව සේවය කළ යුතුය (1පේත්‍රැස් 5:2-3 එනම් නුඹලා අතරෙහි සිටින දෙවියන් වහන්සේගේ රැළ බලා ගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද). ඉතින් නැත, බයිබලය මනස පාලනය කිරීමක් නොවන අතර, එය මොළ සේදීම හෝ මනෝ විද්‍යාත්මක වැඩ සටහන් කරණය යන අර්ථයෙන් මනස පාලනය කිරීමට උපදෙස් දෙන්නේ නැත.

කෙසේ වෙතත්, කෙනෙකුගේ මනස පාලනය කිරීම ගැන බයිබලයේ සඳහන් වේ. පසුතැවීම යනු මනස වෙනස් කිරීමකි. ක්‍රිස්තියානීන් "ඔවුන්ගේ මනසෙහි ආකල්පය තුළ අලුත් කර ඇත" (එපීස 4:23 එනම් නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ). ආරවුල් වළක්වා ගැනීම සඳහා ඔවුන් සමාන විය යුතුය (පිලිප්පි 2:2 එනම් නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රාය කරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න). ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේගේ මනස ලබාදී ඇත (1කොරින්ති 2:16 එනම් මක්නිසාද ස්වාමින්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැන ගත්තේ කවුද? නුමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත ඇත්තේය) . ප්‍රතිඵලය යනු නව ආකල්පයන් සහ නව හැසිරීමකි. සමස්තයක් වශයෙන් නව නිර්මාණයක් (2 කොරින්ති 5:17 එනම් එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අළුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය: මෙන්න, සියල්ලම අළුත් වී තිබේ). වෙනස සිදුවන්නේ ගුරුගේ වංචනික සැලැස්මක් හෝ ප්‍රවේශමෙන් පාලනය වන පරිසරයක් නිසා නොවේ: වෙනස අභ්‍යන්තර, අධ්‍යාත්මික හා යථාර්ථවාදීය. එයට හේතුව ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියා කාරීත්වය මිස මිනිස් නියෝජිතයෙක් නොවේ. (තීතස් 3:15 එනම් මා සමඟ සිටින සියල්ලෝම නුඹට ආචාර කරති. ඇදහිල්ලෙහි අපට ප්‍රේම කරන්නන්ට ආචාර කරන්න. අනුග්‍රහය නුඹලා සියල්ලන් සමඟ වේවා).

මිනිසාට ආදම්ගෙන් උරුම වූ පාප ස්වභාවයක් ඇත (රෝම 5:12 එහෙයින් එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුනාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය). එම පාප ස්වභාවය පුද්ගලයෙකු පාලනය කරන අතර විවිධ පාප කෙනෙකුගේ ජීවිතය විදහා දක්වයි. (ගලාති 5:17-21, එපීස 5:17-19). එම පාප ස්වභාවය මඟින් පාලනය වන මිනිසාට කිසිසේත් දෙවියන්වහන්සේව දැන හඳුනා ගැනීමට හා දෙවියන්වහන්සේව සතුටු කිරීමට නොහැකිය. ඇත්ත වශයෙන්ම, ඔහු දෙවියන්වහන්සේගේ සතුරෙකි (රෝම 5:10 එනම් මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟි කරනු ලැබුවෙමු නම්, සමඟි වුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව. රෝම 8:5-7 එනම් මක්නිසාද මාංසික ලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. මාංසයේ ඇල්ම මරණයය: නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය). පව්කාරයාට තම පව්කාර ස්වභාවය මඟින් පාලනය වන නව ස්වභාවයක ්පාපයේ බලයෙන් මිදීම අවශ්‍යය බව බයිබලය පවසයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පෞද්ගලික ගැළවුම්කරුවා ලෙස පිළිගන්නා තැනැත්තාට එම නව ස්වභාවය (2 ප්‍රේතැස් 1:4 එනම් ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ: එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නූඹලා ගැළවී , ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසය). ලැබෙන අතර ශුද්ධාත්මයාණනවහන්සේ ඔහු තුළ වාසය කරයි. ඔහු ඇදහිලිවන්තයාට පාපයට "එපා" සහ දෙවියන්වහහන්සේගේ ධර්මිෂ්ඨකමට "ඔව්" යැයි කීමට බලය ලබා දෙයි (ගලාති 5:16 නුමුත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතැයි කියමි රෝම 6:12-23). ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයා නිදහස් කර ඇත (යොහාන් 8:32 එනම් නුඹලා සැබෑව දැන ගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යැයි කී සේක). දෙවියන් වහන්සේට අවශ්‍යය දේ කිරීමටත්, උන්වහන්සේව මහිමයට පත් කිරීමටත් ක්‍රිස්තුස්වහන්සේට නිදහස ඇති හෙයින්, පාප ස්වභාවයේ නියමයන්ට කීකරු වීමට ඔහු තව දුරටත් බැඳී නැත.

බයිබලය මනස පාලනය කිරීමක් නොවේ. බයිබලය පාපයෙන් පාලනය වන ජීවිතයකට විකල්පයක් සපයයි. ආත්ම පාලනය කරන්නේ කෙසේද කියා බයිබලය අපට පෙන්වා දෙයි. ඔව්, ඇදහිලිවන්තයෙකුගේ මනස වෙනස් වනු ඇත. මන්ද ඔහු වරක් විශ්වාස කළ බොරු ප්‍රතික්ෂේපකර ක්‍රිස්තුස්වහන්සේ තුළ සත්‍යය වැළඳ ගනියි. ආත්මයෙන් පිරුණු, ඇදහිලිවන්තයාට දෙවියන්වහන්සේ සමඟ ත්‍රාසජනක ජීවිතයක් ලැබෙනු ඇත. දෙවියන්වහන්සේට උද්යෝගයෙන්, සදාකාළික ඉටුවීමකින් හා බලාපොරොත්තුවෙන් සේවය කිරීමට නිදහස් ජීවිතයක්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය මනස පාලනය කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries