settings icon
share icon
ප්‍රශ්නය

මධ්‍ය පීඩා කාලීන ඔසවා ගැනීම පිළබඳි ඇතිමතයේ අන්තර්ගත ශක්තීන් හා දුර්වලතා මොනවාද? මධ්‍ය පීඩා කාලීන වාදය.

පිළිතුර


අවසාන දවස් පිළබඳ කථා කරන කල්හි, කරුනු තුනක් කරණකොටගෙන සෑම කිතුණුවෙක්ම එකඟවන බව සිහියේ තබාගත යුතුය. 1. ලොව කිසි දිනක නොදුටු ආකාරයේ පීඩා කාලයක් පවතින්නට යන බව 2. යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සහ 3. මර්ත්‍යතාවයෙන් සදාකාලිකත්වට ඇදහිලිවතුන් පරිවර්තනයවීම, පොදුවේ ඔසවා ගැනීම ලෙස ව්‍යවහාරවේ (යොහාන් 14:1-3, 1 කොරින්ති 15:51-52, 1 තෙසලෝනික 4:16-17). පීඩාවට සහ දෙවන පැමිණීමට සම්බන්ධ ඔසවා ගැනීම කවදා සිදුවේද යන්න ප්‍රශ්ණයකි. ඔසවා ගැනීම සිදුවන කාලය පිළිබඳ ප්‍රධාන න්‍යයාන් තුනකි. පූර්වපීඩාකාලීන වාදය (පීඩා කාලය ආරම්භ වීමට ප්‍රථම ඔසවා ගැනීම සිදුවන බවට ඇති විශ්වාසය) මධ්‍ය පීඩා කාලීන වාදය (පීඩා කාලයේ හරි මැදදී ඔසවා ගැනීම සිදුවන බවට ඇති විශ්වාසය) සහ පසු පීඩා කාලීන වාදය (පීඩා කාලයේ අවසානයේ ඔසවා ගැනීම සිදුවන බවට ඇති විශ්වාසය). මෙම ලිපිය විශේෂයෙන් මධ්‍ය පීඩා කාලින වාදය හා සම්බන්ධවේ.

මධ්‍ය පීඩා කාලීන වාදය ඔසවා ගැනීම සිදුවනු ලබන්නේ පීඩා කාලයේ හරි මැදදි බව උගන්වනු ලබයි. ඒ අවස්ථාව වනවිට හත්වන හොරණෑව පීඹිනු ලබයි (එළිදරව් 11:15), සභාව ක්‍රිස්තුස් වහන්සේව මධ්‍යාවකාශයේදී මුණගැසෙනු ඇත. එවිටම පාත්‍ර විනිශ්චය පොළෙවට වැගිරෙනවා ඇත (එළිදරව් 15-16) එම කාලය මහත් පීඩා කාලය ලෙස හදුන්වනු ලබයි. තවත් ආකාරයකින් පවසන්නේනම්, ඔසවා ගැනීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම (එතුමාණන්ගේ රාජ්‍ය පිහිටුවන පිණිස) අවුරුදු තුන හාමාරක කාල පරිච්ජේදයකින් වෙන්වී ඇත. මෙම න්‍යායට අනුව පළවෙනි භාගය (අවුරුදු තුන හාමාරක කාලය) තුළදී සභාව පීඩාව අතරින් ගමන් කරනවා ඇත. නමුත් පීඩා කාලයේ දරුණුතම කාලය පසු අවුරුදු තුන හමාරක කාලය ඒ සඳහා ඉතුරු කර ඇත. මධ්‍ය පීඩා කාලීන වාදයට ආසන්නතම විශ්වාසය වන්නේ "පූර්ව-උදහසේ" ඔසවා ගැනීම "මහත් උදහසේ දවස" ට, පෙර සභාව අහසට ඇද ගන්නා බවට ඇති විශ්වාසයයි. (එළිරදව් 6:17).

මෙම න්‍යායට උපකාරකයක් වශයෙන් මධ්‍ය කාලික වාදිකයන් පෙන්වා දෙනු ලබන කරුණ නම් කාලනිර්ණය අනුව 2 තෙසලෝනික 2:1-3 වේ. එම සිදුවීම් පෙළ මෙලෙස අනුක්‍රමනය කර ඇත. 1. ඇදහු ආගම හෝ මතය 2. අන්ත ක්‍රිස්තුස්ගේ එළිදරව්වීම සහ 3. ක්‍රිස්තුස් වහන්සේගේ දවස වේ. මධ්‍ය පීඩා කාලින වාදය, තීරණාත්මක ලෙස අන්ත ක්‍රිස්තුස්ගේ එළිදරව්වීම "පාළු කරන ලද පිළිකුල" සිදුවන තෙක් සිදු නොවේ (මතෙව් 24:15). එය පීඩා කාලයේ හරි මැදදී සිදුවේ (දානියෙල් 9:27). එමෙන්ම මධ්‍ය පීඩා කාලීන වාදිකයින් "ක්‍රිස්තුස් වහන්සේගේ දවස" ඔසවා ගැනීම ලෙස අර්ථ කථනය කරයි, එබැවින් අන්ත ක්‍රිස්තුස් එළිදරව් වෙන තුරු සභාව අහසට ඇද ගැනීමක් සිදුනොවේ.

මධ්‍ය පීඩා කාලීන වාදියකයින්ගෙ ප්‍රතිෂ්ඨාපන ඉගැන්වීමක් වන්නේ 1 කොරින්ති 15: 52 සඳහන්වන හොරණෑවම එළිදරව් 11:15 සඳහන් වන බවය. එළිදරව් 11හි සඳහන්වන හොරණෑව, හොරණෑ සරණියක අවසන් හොරණෑවයි. එබැවින් එය අපට කියා දෙන්නේ 1 කොරින්ති 15 හි හොරණෑව, "අවසන් හොරණෑව " බවය. කෙසේ නමුදු හොරණෑ දැක්මේ අරමූණෙහිදී, න්‍යාය ශාස්ත්‍රයන් / තර්ක බිඳ වැටේ. ඔසවා ගැනීමේදි පිඹිනු ලබන හොරණෑව "දෙවියන් වහන්සේගේ කැඳවීමේ හොරණෑවයි" (1 තෙසලෝනික 4:16). නමුත් එළිදරව් 11හි හොරණෑව විනිශ්චයේ පූර්වනිමිත්තයි. එක හොරණෑවක් දෙවියන් වහන්සේ විසින් තෝරගත් අයට අනුග්‍රහයේ කැඳවිම වන අතර, අනෙක දුෂ්ටයන්ගේ විනාශයේ තීන්දුව ප්‍රකාශ කිරීම වේ. තවදුරටත්, එළිදරව්වෙහි ඇති සත්වෙනි හොරණෑව කාලානුක්‍රමික "අවසාන" හොරණෑව නොවන අතර මතෙව් 24:31හි ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයේ ආරම්භයත් සමඟ පිඹිනු ලබන හොරණෑවක් ගැන සඳහන් වේ.

1 තෙසලෝනික 5:9 හිදි, සභාව "දෙවියන් වහන්සේගේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබා ගැනීමට අප නියම කළ සේක". මෙයින් පෙනී යන්නේ ඇදහිලිවන්තයින් පීඩා අත්දැකීමට අසු නොවන බවය.

කෙසේ වුවද මධ්‍ය පීඩා කාලීන වාදය "උදහස" පීඩා කාලයේ දෙවන භාගය සඳහා පමණක් බව පවසන අතර, විශේෂයෙන් පාත්‍ර විනිශ්චයන් පිළිබඳවද එසේම වේ. වචනය එලෙස සීමා කිරීමෙන් පෙනී යන්නේ බලයක් නොමැති / සාධාරණ නොවූවක් ලෙසය. කෙසේ වුවත් මුද්‍රා සහ පාත්‍ර විනිශ්චයන් තුළ සැබවින්ම මහත් භයංකාර විනිශ්චයන් අඩංගු වෙන බව සහතිකය. ඊට සාගත, විසවූ ගංඟා, අදුරු / කළු වූ හඳ, ලේ වැගිරීම්, පොළෝකම්පා සහ වදවිඳීම්ද දෙවියන් වහන්සේගේ උදහස ලෙස සැළකිය හැකිය.

මධ්‍ය පීඩා කාලීන වාදය එළිදරව් 11 හි ඔසවා ගැනීම "මහත් පීඩා කාලයේ" ආරම්භයට පෙර බව පෙන්වා දෙයි. එළිදරව්වෙහි මෙම කාල නිර්ණය සඳහා අතීත සිදුවීම් අධ්‍යයනය ගෙන ඒමෙන් ප්‍රශ්ණ දෙකක් මතුවේ. පළමුව එළිදරව් මුළු පොතෙහි "මහත් පීඩාව" ගැන සඳහන් වන්නේ එළිදරව් 7:14 පමණි. දෙවනුව "උදහසේ මහත් දවස" ගැන සදහන් වන්නේ එළිදරව් 6:17. මෙම පිළිබඳ සටහන් මධ්‍ය පිඩා කාලීන ඔසවා ගැනීමට වඩා වේලාසනින් මුණගැසේ.

මධ්‍ය පීඩා කාලීනවාද න්‍යායයේ අවසාන දුර්වලකම අනෙකුත් නම් වශයෙන් සඳහන් කරන ලද න්‍යායයන් දෙක හා කොටස්කාරයන් වේ. බයිබලය අනාගත සිදුවීම් පිළිබඳ ඉතා පැහැදිලි නිශ්චිත කාලයක් නොදක්වයි. ලියවිල්ල එක් න්‍යාය ධර්මයක් අභිබවා අනෙකක් නූගන්වයි. එබැවින් අවසාන කාලයන් පිලිබඳ විවධ ප්‍රශ්ණ අපට ඇති අතර, ඊට සම්බන්ධ අනාවැකි එකමුතු කරගන්නේ කෙසේද යන්නද නොහැඟේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මධ්‍ය පීඩා කාලීන ඔසවා ගැනීම පිළබඳි ඇතිමතයේ අන්තර්ගත ශක්තීන් හා දුර්වලතා මොනවාද? මධ්‍ය පීඩා කාලීන වාදය.
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries