settings icon
share icon
ප්‍රශ්නය

මිඛායෙල් සහ සාතන් මෝසෙස්ගේ මෘත ශරීරය පිළිබදව මතභේදයන් ඇති කර ගනු ලැබුවේ මන්ද (යූද් 9?)

පිළිතුර


ශුද්ධ ලියවිල්ලේ අන් කිසි ස්ථානයක සොයාගත නොහැකි සිදුවීමක් පිළිබදව යූදස් 9 වන පදයෙහි සදහන් කරනු ලබයි. මිඛායෙල්ට මෝසෙස්ගේ මෘත ශරීරය පිළිබදව සාතන් හා සමග මහත් අරගලයක් කිරීමට මෙන්ම මතභේදයන් ඇති කර ගැනීමට සිදුවූ අතර අවශ්‍යයෙන්ම උපදවනු ලැබූ දේ පිළිබදව විස්තර කොට නොමැත. තවත් දූත අරගලයක් දානියෙල් විසින් සදහන් කරනු ලබන්නේ දර්ශනයක් මගින් ඔහු වෙතට එන දේව දූතයකු පිළිබදව විස්තර කිරීමෙනි. දානියෙල් 8:16 සහ 9:21 හී සදහන් ගාබ්‍රියෙල් නම්වූ මෙම දේව දූතයා දානියෙල්ට පවසනු ලබන්නේ ඔහුව “පර්සියාවේ අධිපතියා” නම් වූ යක්ෂයකු විසින් විරුද්ධ කම් ඇති කරනු ලැබුවේ අග්‍ර දූතයාවූ මිඛායෙල් ඔහුගේ උපකාරය සදහා පැමිණුන තෙක් බවය (දානියෙල් 10:13). එසේ හෙයින් අප විසින් ඉගෙන ගනු ලබන්නේ දේව දූතයන් සහ යක්ෂයන් සහ මනුෂ්‍යයන්ගේ ප්‍රාණ කරණකොටගෙන ආත්මික සටන් වල නියැලෙන අතර යක්ෂයන් දේව දූතයන්ට විරුද්ධකම් පාමින් දෙවියන්වහන්සේගේ කැදවීම ඉෂ්ට කිරීමෙන් වළක්වනු ලබන බවය. යූද් අපට ප්‍රකාශ කරනු ලබන්නේ මිඛායෙල්ව දෙවියන්වහන්සේ විසින් එවනු ලැබුවේ මෝසෙස්ගේ මරණයෙන් පසුව දෙවියන්වහන්සේ තමන්වහන්සේ විසින්ම වළලනු ලැබූ මෝසෙස්ගේ මෘත ශරීරය පිළිබදව යම් ආකාරයකින් කටයුතු කරනු ලැබීමටයග (ද්වීතීය කථාව 34:5–6).

මෝසෙස්ගේ මෘත ශරීරය කෙරෙහි වූ මෙම අරගලය කුමක්ද යන්න පිළිබදව විවිධවූ න්‍යායන් ඉදිරිපත් කොට ඇත. එක් කරුණක් නම් දෙවියන් වහන්සෙගේ සෙනගට වරද තබන්නාවූ සාතන් (එළිදරව් 12:10) මෝසෙස්ව සදාකාල ජීවනයට ඔසවනු ලැබීම පිළිබදව විරුද්ධකම් පානු ලැබුවේ මෙරිබාහී මෝසෙස්ගේ පාපය (ද්වීතීය කථාව 32:51) සහ ඊජිප්තු ජාතිකයාගේ මිනිමැරුම (නික්මයාම 2:12) පදනම් කොට වන්නට ඇත.

යූද් පොතෙහි ඇති යොමුව සෙකරියා 3:1–2 හී පාඨය එනම් “තවද උත්තම පූජකයා වූ යොෂුවා ස්වාමින්වහන්සේගේ දූතයා ඉදිරියෙහිද ඔහුගේ එදිරිකාරයා වන සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය. ස්වාමින් වහන්සේ සාතන්ට කථා කොට සාතන් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක්වා” යන්න හා සමාන වන බව අන් සමහරක් පවසනු ලබති. එනමුත් මෙම සිදුවීම සම්බන්ධව ඇති විරුද්ධතා පැහැදිලිය: (1) මෙම පාඨයන් දෙකම තුළ ඇති එකම සමානතාවය නම් “ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක්වා” යන ප්‍රකාශය බවය. (2) සෙකරියාගේ පාඨයෙහි “මිඛායෙල්” යන නාමය පිළිබදව කිසිඳු සදහක් නොමැත. (3) මෝසෙස්ගේ මෘත ශරීරය පිළිබදව සෙකරියා පොතෙහි කිසිඳු සදහනක් හෝ කිසිඳු පදනමක් නොමැත.

යූද් මෙම වාර්තාව අන්තර්ගතවූ අයථාබන්ධ ග්‍රන්ථයක් ගෙන හැර පාන බවත් ඔහු විසින් එම වාර්තාව සත්‍යය බවට ස්ථිර කරනු ලබන බවත් කියැවේ. මුල් කිතුණු විද්වතෙකු සහ දේවධර්මධරයකු වූ ඔරිගන් (ක්‍රි. ව. 185-254), “මෝසෙස්ගේ උපකල්පනය” නමැති ග්‍රන්ථය ඔහුගේ කාලය තුළ වූවක් ලෙස සදහන් කරනු ලබන අතර මෙම වාර්තාව තුළ මෝසෙස්ගේ මෘත ශරීරය කෙරෙහි මිඛායෙල් සහ සාතන් අතර තරගය අන්තර්ගත වන බව සදහන්වේ. මේ වන විට නැති වී ඇති එම ග්‍රන්ථය යුදෙව් ග්‍රීක ග්‍රන්ථයක් වූ අතර ඔරිගන් විසින් ප්‍රකාශ කරනු ලැබුටවේ යූද් යන වාර්තාවේ මූලාරම්භය මෙය වන බවය.

එවකට ඇතිවූ එකම භෞතික ප්‍රශ්නය නම් මෙම වෘත්තාන්තය “සත්‍යය” ද යන්නය. වාර්තාවේ මූලාරම්භය කුමක් වූවත් යූද් ඇත්ත වශයෙන්ම මිඛායෙල් සහ සාතන් අතර තරගය සත්‍යය බව සදහන් කිරීමක් දක්නට ලැබේ. ඔහු ඒ පිළිබදව කථා කරනු ලබන්නේ මෝසෙස්ගේ මරණය පිළිබදව හෝ ඔහු පර්වතයට ගසනු ලැබීම පිළිබදව කථා කරන්නට වූ ආකාරයෙන්මය. මෙය සත්‍යය නොවන බවට සනාථ කළ හැක්කේ කාටද? එය එසේ නොවන බවට කුමන සාක්ෂියක් තිබේද? දේව දූතයන්ට දේව වචනයේ බොහෝ ව්‍යංගයන් තිබේ. අග්‍ර දූතයා වන මිඛායෙල් තාත්වික බව අප දනිමුවත යක්ෂයා පිළිබදව නිතරම සදහන් කර ඇත; පොළොවෙහි වැදගත් කටයුතු සදහා හොද සහ නරක දේව දූතයන් යොදා ගනු ලබන බවට බොහෝ තහවුරු කිරීම් ඇත. මෝසෙස්ගේ මෘත ශරීරය පිළිබදව මේ විශේෂ ආරාවුලෙහි ස්වභාවය සම්පූර්ණයෙන් නොදන්නා බැවින් අනුමානය නිෂ්ඵලය. මෘත ශරීරය හිමි කර ගැනීම හෝ එය භූමදානය කිරීම හෝ වෙනත් කරුණක් පිළිබදව විවාද කිරීමක් තිබූ බවට අප නොදන්නෙමු.

කෙසේ නමුත් මෙම කාරණා දෙක අප දන්නෙමුව: පළමුව, ශුද්ධ ලියවිල්ල මුලා නොවූවක් බවය. ශුද්ධ ලියවිල්ල මුලා නොවී තිබීම කිතුණු ඇදහිල්ලෙහි එක් කුළුණක් වේ. කිතුණුවන් වශයෙන් අපගේ ඉලක්කය නම් ශුද්ධ ලියවිල්ල කෙරෙහි ගරු බිය සහ යාච්ඤාවෙන් ලගා විය යුතු අතර අපට තේරුම් ගත නොහැකි වූ යමක් තිබේද අප තවදුරටත් යාච්ඤා කර තවත් එය අධ්‍යයනය කළද පිළිතුරු තවම අපව දුර්වල කරනු ලබයි නම් දෙවියන්වහන්සේගේ පරිපූර්ණ වචනය ඉදිරියෙහි අපගේ සීමාවන් නීහතමානීව පිළි ගැනීමය.

දෙවනුව, යූද් 9 වූ කලී කිතුණුවන් සාතන් හා යක්ෂයන් හා සමග කටයුතු කරනු ලබන ආකාරය පිළිබදව ඇති උත්තරීතර නිදසුන වේ. මිඛායෙල් සාතන් කෙරෙහි ශාපයක් ප්‍රකාශ කරනු ලැබීම ප්‍රතික්ෂේප කිරීමේ නිදසුන කිතුණුවන් යක්ෂ බලවේගයන් පිළිබදව සදහන් කළ යුතු ආකාරයෙහි පාඩමකි. ඇදහිලිවන්තයන් ඒවා පිළිබදව ආමන්ත්‍රණය කරනු වෙනුවට ඊට විරුද්ධව ඇති දෙවියන්වහන්සේගේ මැදහත් කාරකමේ බලය සෙවීමය. සාතන් හා සමග කටයුතු කිරීමේදී බලවත්ව සිටි මිඛායෙල් ස්වාමින්වහන්සේගෙන් විමසුවේ නම් යක්ෂයින් කෙරෙහි ලගා වීමට, ඔවුන් පලවා හැරීමට හෝ අණ දීමට අප කවුරුන්ද?

English



නැවතත් සිංහල මුල් පිටුවට

මිඛායෙල් සහ සාතන් මෝසෙස්ගේ මෘත ශරීරය පිළිබදව මතභේදයන් ඇති කර ගනු ලැබුවේ මන්ද (යූද් 9?)
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries