දයාව සහ අනුග්‍රහය අතර ඇති වෙනස කුමක්ද?



ප්‍රශ්නය: දයාව සහ අනුග්‍රහය අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර:
දයාව සහ අනුග්‍රහය බොහෝවිට ව්‍යාකුල සහගතය. මෙම පදයන් දෙකටම සමාන අරුත් ඇතිමුත් දයාව සහ අනුග්‍රහය සමාන නොවේ. වෙනස සම්පිණ්ඩනය කිරීම සඳහා: දයාව යනු අපගේ පාපය සඳහා අප ලැබිය යුතු දඬුවමට අනුව එතුමා දඬුවම් නොකරන බවය. අනුග්‍රහය යනු අප ලබන්ට සුදුසු නැතිමුත් දෙවියන් වහන්සේ අපව ආශීර්වාද කරන බවය. දයාව යනු විනිශ්වයෙන්ම මුදවාලීමය. දයාව යනු නොසුදුස්සන්ට දක්වන්නාවූ කරුණාවය.

බයිබලයට අනුව අප සියල්ලන්ම පව්කොට ඇත්තාහ (දේශණාකාරයා 7:20, රෝම 3:23,1 යොහාන් 1:8). එම පාපයේ ප්‍රතිඵලය අනුව අපි මරණයට (රෝම 6:23) හා ගිනිවිලෙහි සදාකාල විනිශ්චයට සුදුස්සන් වී සිටින්නෙමුව (එළිදරව් 20:12-15). මෙය මනසෙහි රඳවා තබා ගනිමින් එදිනෙදා අප ගත කරන ජීවිතය දෙවියන් වහන්සේගේ දයාවේ ක්‍රියාවකි. අප ලැබීමට සුදුසු / යුතු සියල්ල දෙවියන් වහන්සේ විසින් අපට සපයනු ලැබුවේ නම් මේ වනවිට අප සියල්ල සදාකාලික දඬුවමට පත් කරනු ලැබූවන් වෙන්ට තිබිණි. ගීතාවලිය 51:1-2 දාවිත්තුමා මෙසේ මොරගසයි. "දෙවියන් වහන්ස ඔබගේ කරුණා ගුනය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන් සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව". අප ලැබිය යුතු විනිශ්චය ගෙන් වළකාලන පිණිස දෙවියන් වහන්සේ අපට දයාවෙන අතරම කිසිම ආකාරයකින් ලබා ගත නොහැකි පව් කමාවද ලබා දෙන ලෙස අයැද සිටින්නේ දෙවියන් වහන්සේගේ හව්හරණ හැරෙන්නට වෙනත් කිසි පිහිටක් නොමැති බැවිනි.

දෙවියන් වහන්සේගෙන් අප ලැබිය යුතු කිසිවක් නැත. දෙවියන්වහන්සේද අපට කිසිවක් ණය නැත. අප අත් දකින සෑම යහපත් දෙයක්ම දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙහි ප්‍රතිඵල වේ (එපීස 2:5). අනුග්‍රහය යනු හුදෙක්ම කිසිම විශිෂ්ඨතාවයක් නිසා නොලබන වරප්‍රසාදයකි. දෙවියන් වහන්සේ අපට දෙන්නාවූ යහපත් දේවල් ලබන්ට අපට කිසිම සුදුසුකමක් නැති අතරම ඒවා අපට කිසිම දිනක උපයා ගන්නටද නොහැක. විනිශ්වයෙන් අප මුදවාගනු ලැබුවේ දෙවියන් වහන්සේගේ දයාවයි, අනුග්‍රහය යනු ඒ දයාවෙන් ඔබ්බට ගියාවූ අප ලබන කුමක් හෝ ඕනෑම දෙයක් හෝ වේ (රෝම 3:24). පොදු අනුග්‍රහය යනු දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔවුන්ගේ ආත්මිකභාවය නොසළකා මුළු මනුෂ්‍ය සංහතියට ප්‍රදානය කර ඇති එතුමන්ගේ ස්වෛරී අනුග්‍රහය වන අතර ගලවා ගැනීමේ අනුග්‍රහයවන විශේෂිත ශාසනික අනූග්‍රහය වන එතුමාගේ තෝරාගත් අයගේ පුනර්වර්ධනය හා පවිත්‍රත්වය සඳහා කිසිම කුලතාවයකින් තොරව ප්‍රදානයකරනු ලැබුවාවූ දිව්‍යමය උපකාරයයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ලැබෙන්නාවූ ගැලවීම කරණකොටගෙන දයාව සහ අනූග්‍රහය මනාව නිදර්ශනයක් මඟින් පහදා දේ. අප සුදුස්සන් වන්නේ විනිශ්චය ලැබීමට වන නුමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලවූම්කාරයාණන් ලෙස පිළිගන්නේ නම් අප දෙවියන් වහන්සේගෙන් දයාව ලබන අතර විනිශ්වයෙන් අපව මුදවනු ලැබේ. විනිශ්චය වෙනුවට අපට අනුග්‍රහය කරණකොටගෙන ගැලවීම මෙන්ම පව් කමාවද අධික ලෙස ජීවනයද ලැබෙන අතර (යොහාන් 10:10) පරිකල්පනය කිරීමට ඉතාම සුදුසු වූ බොහෝ අලංකාරයෙන් යූතු ස්වර්ගයෙහි සදාකාලිකත්වය හිමිවේ (එළිදරව් 21:22). දෙවියන් වහන්සේගේ දයාව සහ අනුග්‍රහය නිසා අපගේ වගකීම වන්නේ දණින් වැටී එතුමන්ට නමස්කාර කිරීම හා ස්තුති ප්‍රශංසා දීමය. හෙබ්‍රෙව් 4:16 හි මෙසේ ප්‍රකාශ කරයි. "එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනූග්‍රහය සම්බවන පිණිසද ඕනෑකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු".



නැවතත් සිංහල මුල් පිටුවට



දයාව සහ අනුග්‍රහය අතර ඇති වෙනස කුමක්ද?