settings icon
share icon
ප්‍රශ්නය

මානසික රෝගීන් ස්වර්ගයට යනවාද? මානසිකව ආබාධිත, අංගවිකල හෝ මානසිකව අභියෝගයට ලක්වූ අයට දෙවියන් වහන්සේ අනුකම්පා කරනවාද?

පිළිතුර


මානසික රෝගීන් ස්වර්ගයට යනවාද නැද්ද යන්න පිළිබඳව බයිබලයේ නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ වෙතත් ගැලවීම සඳහා තීරණයක් ගත නොහැකි ඕනෑම අයෙකු ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් ආවරණය වන බවට බයිබලානුකුල සාක්ෂි තිබේ. මෙය ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් හෝ විපක්ෂව තීරණයක් ගැනිමට හැකි වන තෙක් ළමයින් මිය යනවිට ස්වයංක්‍රීයව ස්වර්ගයට ගෙන යනු ඇතැයි පොදුවේ විශ්වාස කරන ආකාරයට සමානය. දාවිත් දරුවා මියගිය වෙලාවේදී "ඔහු නැවත ගෙන්වා ගන්න මට පුළුවන්ද? ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතයි" කීය (2 සාමුවෙල් 12:23). එම දරුවා ස්වර්ගයේ සිටින බව දාවිත් දැන සිටියේය. එම ප්‍රකාශයෙන් අපට උපකල්පනය ඛල හැක්කේ ළදරුවන් හා කුඩා දරුවන් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් ගැළවීම සඳහා ආවරණයවූ බවය.

මානසික ආබාධිත පුද්ගලයින් මෙම මූලධර්මයෙන් ආවරණය වන බව අපට අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් මෙය දේව වචනය විශේෂයෙන් නොකියයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමය, කරුණාව සහ දයාව දැන ගැනීමෙන් මෙය උන්වහන්සේගේ චරිතයට අනුකුල බව පෙනේ. තම පව්කාරතත්වය දැන ගැනීමටත්, ගැලවීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමටත් නොහැකි තරමට මානසිකව අභියෝගයට ලක්වන ඕනෑම පුද්ගලයෙකු කුඩා කාලයේ පසුවන ළදරුවකුට හා එකම ගණයට අයත් වන අතර, ළදරුවන් සහ කුඩා දරුවන් ගලවා ගන්නා දෙවියන් වහන්සේ කරණකොටගෙන එම පුද්ගලයා ගැලවීම ලැබුවේ එම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් හා දයාවෙන් යයි සිතීම අසාධාරණ නොවේ.

කෙසේ වෙතත් සෑම දෙයකදීම මෙන් බයිබලය නිශ්චිතවම ආමන්ත්‍රණය නොකරන කිසිම කාරණයක් ගැන ප්‍රබන්ධ නොවීමට අප වගබලා ගත යුතුය. පියාණන් වහන්සේ විසින් තමන්ට දෙනලද සියල්ලන්ම තමන්ගේම යයි සලකන යේසුස් වහන්සේ ඉන් එක්කෙනෙක්වත් නැති නොවන පිණිස වග බලා ගන්නා බව අප හොඳින්ම දන්නා කරුණකි. එබැවින් අතරමඟදී කිසිවෙක් නැති නොවන බවට අපට සහතියක් ඇත (යොහාන් 6:39). "මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔවූහු කිසිකලකත් විනාශ නොවන්නෝය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය (යොහාන් 10:28). අපගේ දෙවියන් වහන්සේගේ සැලැස්ම සැමවිටම පරිපූර්ණ බැවින් එතුමා සැමවිටම නිවැරදි හා යුක්ති සහගත දේ කරන බවත්, උන්වහන්සේගේ ප්‍රේමය හා දයාව අසීමිත හා සදාකාලික බවත් දැනගැනීමෙන් අපට සැනසීමක් ලැබිය හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මානසික රෝගීන් ස්වර්ගයට යනවාද? මානසිකව ආබාධිත, අංගවිකල හෝ මානසිකව අභියෝගයට ලක්වූ අයට දෙවියන් වහන්සේ අනුකම්පා කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries