666 හි තේරුම කුමක්ද?


ප්‍රශ්නය: 666 හි තේරුම කුමක්ද?

පිළිතුර:
එළිදරව් 13 හි මෘගයා (අන්තක්‍රිස්තුස්) සහ ඔහුගේ බොරු අනාගතවක්තෘවරයා ගැන සාකච්ඡා කරන විට, "මෙය ප්‍රඥාව ඉල්ලා සිටියි. යමෙකුට තීක්ෂණ බුද්ධියක් තිබේ නම්, ඔහු මෘගයාගේ සංඛ්‍යාව ගණනය කළ යුතුය. මන්ද එය මිනිසාගේ අංකයවේ. ඔහුගේ අංකය 666." (18 පදය එනම් මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණක ගණන් කරාවා: මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හයසිය හැට හයක්ය.) කෙසේ හෝ අංක 666 යනු මෘගයාගේ අනන්‍යතාවය පිළිබඳ ඉඟියක්වේ. එළිදරව්13 හි "මෘගයාගේ සළකුණ" (16 17 පද) ගැන සඳහන් වන අතර ජනප්‍රිය චින්තනය බොහෝ විට 666 ලකුණ සමඟ සම්බන්ධ කරයි. කෙසේ වෙතත් මෘගයාගේ සළකුණ සහ 666 අතර වෙනස් ආකාර දෙකකි. මෘගයාගේ සළකුණ යනු මිළදී ගැනීම සහ විකිණීම සඳහා මිනිසුන් විසින් ලැබිය යුතු දෙයකි. 666 අංකය කෙසේ හෝ මෘගයා / අන්තක්‍රිස්තුස් සමඟ "ඔහුගේ" අංකය ඔහුගේ සළකුණෙහි කොටසක් විය හැකි නමුත් බයිබලය නිශ්චිත සම්බන්ධයක් සපයන්නේ නැත.

666 හි අර්ථය අභිරහසක් වන අතර, ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ලියන ප්‍රේරිත යොහාන් එය එසේ කිරීමට අදහස් කල බව පෙනේ. එය ගණනය කිරීම සඳහා "ප්‍රඥාව" අවශ්‍යය බව ජොහාන් පවසයි. සමහරු, ජෙමා ත්‍රියාව භාවිතා කරමින් (නමක හෝ වචනයේ සෑම අකුරකටම සංඛ්‍යාත්මක අගයක් ලබාදී පසුව සංඛ්‍යා එකතුව එකතු කරගත් විට) අන්තක්‍රිස්තුස්ව ලෝක ඉතිහාසයේ විවිධ පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත. ජනප්‍රිය ඉලක්ක සමහරක් නම් "සීසර් නීරෝ", "රොනල්ඩ් විල්සන් රේගන්", "මික්හේයිල් ගොර්බචේව් " සහ රෝමානු කතෝලික ඉතිහාසයේ විවිධ පාප්වරුන්ය. 666 ක් දක්වා පුද්ගලයෙකුගේ නමක් ලබා ගැනීම සඳහා සමහරුන් වැය කරන කාළය විශ්මය ජනකයි. ඕනෑම නමකට 666 ක් එකතු කළ හැකිවීම පුදුම සහගතය. ප්‍රමාණවත් ගණිත ජිම්නාස්ටික් භාවිතා කරන්නේ නම් ඕනෑම නමකට 666ක් එකතු කළ හැකිය.

එළිදරව් පොතේ සමහර පුරාණ ග්‍රීක අත්පිටපත්වල 666 වෙනුවට 616 ලෙස ලබාදී තිබීම සිත් ගන්නා කරුණකි. අත්පිටපත් සාක්ෂි 666 ට පක්ෂව ප්‍රබලවේ, නමුත් 616 හිවිකල්ප කියවීම අප කැල්කියුලේටරයට පහරදීමට පෙර විරාමයක් ලබා දිය යුතුය.

666 අංකය කෙසේ හෝ මෘගයා හදුනා ගනු ඇත. නමුත් හරියටම 666 මෘගයා සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්න එළිදරව් 13:18 හි ප්‍රධාන කරුණ නොවේ. බයිබලය බොහෝවිට දෙවියන්වහන්සේ සහ ඔහුගේ පරිපූර්ණත්වය සඳහන් කිරීමට අංක 7 භාවිතා කරයි. අංක 6 මිනිසාගේ සංඛ්‍යාව ලෙස සැලකේ, එය හයවෙනි දවසේදී මවන ලද අතර සෑමවිටම දෙවියන් වහන්සේගෙන් "හිනවී" සිටි. මෘගයා / අන්තක්‍රිස්තුස් දෙවියන් මෙන් වීමට උත්සහ කරනු ඇත. ඔහු දෙවියන් යැයි කියා ගැනීමට පවා ඉඩ තිබේ. නමුත් අංක 6 අංක 7 ට වඩා අඩුවෙන් වැටෙන්නාක් මෙන් මෘගයා / අන්තක්‍රිස්තුස්, ඔහුගේ ත්‍රිත්වහයේ පහර සමඟ, දෙවියන්වහන්සේව පරාජය කිරීමට ගත් උත්සාහය අවසානයේදී අසාර්ථකවනු ඇත.

English


නැවතත් සිංහල මුල් පිටුවට
666 හි තේරුම කුමක්ද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න