settings icon
share icon
ප්‍රශ්නය

මග්දලානේ මරියා කවුද?

පිළිතුර


මග්දලානේ මරියා යේසුස්වහන්සේ යක්ශ ආත්ම හත් දෙනෙකුව එළවා දැමූ ස්ත්‍රියක් (ලූක් 8: 2). මග්දලානේ යන නාමයෙන් ඇඟවෙන්නේ ඇය පැමිණියේ ගලීල මුහුදේ නිරිත දිග වෙරළ තීරයේ පිහිටි මග්දලා නම් නගරයෙන් බවයි. යේසුස්වහන්සේ ඇයගෙන් යක්ශ ආත්ම හත් දෙනෙකු වඑළවා දැමීමෙන් පසු ඇය උන්වහන්සේගේඅනුගාමිකයෙක් බවට පත්වුණා.

මග්දලානේ මරියා යේසුස්වහන්සේගේ පාද සේදූ "නගරයේ පව්කාරිය" (ලූක් 7:37) සමඟ සම්බන්ධවී ඇත, නමුත් මේ සඳහා ශුද්ධ ලියවිලිමය පදනමක් නොමැත. මග්දලා නගරයට ගණිකා වෘත්තියේ කීර්තියක් තිබුණි. මෙම තොරතුරු හා ලූක් මුලින්ම පව්කාර ස්ත්‍රිය පිළිබඳ විස්තරය අනුගමනය කළ වහාම මග්දලානේ මරියා ගැන සඳහන් කරයි (ලූක් 7:36-50), සමහරුන් කාන්තාවන් දෙදෙනා සමාන කිරීමට හේතුවී තිබේ. නමුත් මෙම අදහසට අනුබලදීමට ශුද්ධ ලියවිලිමය සාක්ෂි නොමැත. මග්දලානේ මරියා ගණිකාවක් ලෙස හෝ පව්කාර කාන්තාවක් ලෙස කොතැනකවත් හඳුනාගෙන නොමැත.

මග්දලානේ මරියා බොහෝවිට කාමමිථ්‍යාචාරය කිරීමෙන් පසු ගල් ගැසීමෙන් යේසුස්වහන්සේ ගලවා ගත් ස්ත්‍රිය සමඟ සම්බන්ධවේ (යොහන් 8:1-11). නමුත් නැවතත් මෙය කිසි දුසාක්ෂියක් නොමැති සංගමයකි. The Passion of the Christ චිත්‍රපටය මේ සම්බන්ධය ඇති කළේය. මෙම මතය කළ හැකි නමුත් බොහෝ දුරට බයිබලයෙහි උගන්වනු නොලැබේ.

කුරුසපත් කිරීම හා සම්බන්ධ බොහෝ සිදුවීම් මග්දලානේ මරියා දුටුවේය. යේසුස්වහන්සේගේ සමච්චල් නඩු විභාගයට ඇය පැමිණ සිටියාය. පොන්තියස් පිලාත් මරණ දඩුවම ප්‍රකාශ කරන බව ඇයට ඇසුණි. සමූහයා විසින් යේසුස්වහන්සේට පහරදී නින්දාවට පත් කරන ආකාරය ඇය දුටුවාය. කුරුසියේ ඇණ ගැසීමේදී යේසුස්වහන්සේව සනසන්න උත්සාහ කළ ස්ත්‍රීන්ගෙන් කෙනෙක් ඇයයි. යේසුස්වහන්සේගේ උත්ථානය පිළිබඳ

මුල්ම සාක්ෂිකාරියවූ ඇය යේසුස්වහන්සේ විසින් එවන ලද්දේ අන් අයට පැවසීමටය (යොහන් 20:11-18). බයිබලයෙහි ඇය ගැන අවසාන වරට සඳහන් කළද, ශුද්ධාත්මයාණන්ගේ පොරොන්දුවූ පැමිණීම බලාපොරොත්තුවෙන් ප්‍රේරිතයන් සමඟ එක් රැස්වූ කාන්තාවන් අතර ඇයද සිටින්නට ඇත (ක්‍රියා1:14).

ඩාවින්චී කෝඩ් නව කතාවෙන් කියැවෙන්නේ යේසුස්වහන්සේ සහ මග්දලානේ මරියා විවාහක බවයි. සමහර බයිබලානුකුල නොවන මුල් ක්‍රිස්තියානි ලියවිලි (මුල් කිතුනුවන් විසින් මිථ්‍යා දෘෂ්ටිය ලෙස සලකනු ලැබේ). මග්දලානේ මරියා සහ යේසුස්වහන්සේ අතර විශේෂ සම්බන්ධතාවයක් ගැන ඉඟි කරයි. කෙසේ වෙතත්, යේසුස්වහන්සේ සහ මග්දලානේ මරියා විවාහකයි යන විශ්වාසයට කිසිම සාක්ෂියක් නැත. එවැනි අදහසක් ගැන බයිබලයේ ඉඟියක්වත් නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මග්දලානේ මරියා කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries