settings icon
share icon
ප්‍රශ්නය

නොඉඳුල් ක්‍රිස්තියානි කෙනෙක් නොඉඳුල් නොවන කෙනෙකු සමග විවාහ විය හැකිද? / යුතුද?

පිළිතුර


ක්‍රිස්තියානි විවාහයක් සඳහා සුදුසුම පසුබිම වනුයේ ලිංගික සම්බන්ධතාවයන් සඳහා දෙවියන්වහන්සේගේ බැල්මට ලක්වන එකම අවස්ථාව විවාහය බව විවහා වීමට බලාපොරොත්තු වන නොඉඳුල් දෙදෙනෙකු වටහා ගත් විටය. නමුත් අප ජිවත් වන්නේ සර්ව සම්පූර්ණ ලෝකයක නොවේ. බොහෝවිට දෙවියන්වහන්සේ අදහන පවුලක හැදුනු වැඩුනු කෙනෙකු වුවද ළමා වියේ ඇති කරන බලාපොරොත්තු අනුව වයස 20–30 අතර තරුණයෙකු හෝ තරුණියකු වු විට ගැලවීම ලබා, ක්‍රිස්තියානි විවාහය ලෞකික සම්මතියට අනුව යල් පනින ලද දෙයක් ලෙස පෙන්වා දෙනු ඇත. අප පශ්චාතාපවී හා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ වෙතට පැමිණි විට උන්වහන්සේ අපගේ පාපයන්, නැගෙනහිර බස්නාහිරෙන් ඈත්ව තිබෙන්නා මෙන් පහකර දමන අතර (ගීතාවලිය 103:12) දිර්ඝ මතකයන් සිතේ ඇති බැවින්, කෙනෙකුගේ අතීතය අමතක කිරීම පහසු නැත. විවාහ සහකරුවන්ගෙන් එක් අයෙකුගේ අතීතයේ සිදුවු වැරදි වලට සමාව දී එය අමතක කිරීමට නොහැකි වීම එම විවාහයට ඒකාන්තයෙන්ම අහිතකර වේ.

අන් ලිංගික සම්බන්ධතාවයන් තිබුනාවු කෙනෙකු සමග විවාහයට එළඹීමට පෙර, ගැලවීම සහ පව් කමාව අපට ලැබෙන්නේ දේව කරුණාවෙන් බව තේරුම් ගැනිම ඉතා වැදගත් වේ. ඔබ ගැලවී සිටින්නේ දේව වරප්‍රසාදය මගින් වු ඇදහීම කරණකොට ගෙනය. එය ඔබගේ ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාවය. ගැලවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවකුට පාරට්ටුවට ඉඩක් නැත. (එපීය 2:8–9). ඇත්ත වශයෙන්ම කමාව ලැබීම කුමක්ද යනු තේරුම් ගැනීමට අප පටන් ගත් විට අප දේවත්වයෙන් බලන අතර, අපට උන්වහන්සේ කොතරම් ප්‍රේම කරනු ඇද්ද යන්න තේරුම් යන අතර, එමඟින් අන් අයට කමාව දීමට අපට හැකිවනු ඇත. කමාව දීම යනු එම තැනැත්තාගේ අතීතය අමතක කර දමා ඔහුව හෝ ඇයව නව මැවිල්ලක් ලෙස පිළිගැනීමය. (2 කොරින්ති 5:17) ක්‍රිස්තුස්වහන්සේ දිවි පිදුවේ ඔහුගේ / ඇයගේ පව් වෙනුවෙනි. එබැවින් එම අදාළ සහකරුවා / සහකාරිය තමාට එම පාපය මතකයේ තබාගෙන ජීවත් විය හැකිද යන්න ගැන දැන් තීරණයකට එළඹිය යුතුය. මෙම මතවාදය, සිද්ධාන්තම මුහුණුවරින් ප්‍රායෝගික මුහුණුවරකට පත්වන්නේ මෙතැනදීය.

කමාව දීමේදි, අපට හැමවිටම දෙවියන්වහන්සේගේ අභික්‍ෂාව තුළ අපගේම අතීතය දැකගැනීමට උපකාර වනු ඇත. ලිංගික පාපයන් සැබවින්ම දෙවියන්වහන්සේට වේදනාව ගෙන දෙන අතර, බොරුකීම, රැවටීම, නරක සිතුවිලි, බීමත්කම / අධික ලෙස දුම්පානය, නොඉවසිලිවන්තකම, අහංකාරකම සහ කමාව දීමට නොහැකිවීමද එසේමය. අප අතරින් පාපය නොමැත්තේ කාටද? එසේම පළමු ගල ගැසුව හැකිද? ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණීමට පෙර අප එකිනෙකා වැරදි ක්‍රියාවන් සහ පාපයන් නිසා මරණයට පත්වී සිටිමුව. නමුත් දෙවියන්වහන්සේගේ කරුණාව නිසාවෙන් පමණක් ජීවත් කරනු ලබන ලදි. (එපීස 2:1–5) ප්‍රශ්නය වනුයේ ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපටද අන් අයට කමාව දීමට හැකිද? එසේ කමා කරීමට හැකිවීම සැබෑ කිතුනුවකුගේ ගුණාංගයකි. අප කමාව නොදෙන්නේ නම් අපටද දෙවියන් වහන්සේ කමාව නොදෙන සේක. (මතෙව් 6:14–15) අන් අයට කමාව දීමෙන් දෙවියන්වහන්සේගෙන් කමාව ලබාගත හැකි බව උන්වහන්සේ මෙයින් අදහස් නොකළ සේක. කමාව ලැබෙනුයේ දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පමණක් බව අපි දනිමුව. එනමුත් කමාවීමේ හදවතක් ඇති සැබැ කිතුණු හදවතක් ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩසිටින බවට සාක්‍ෂියකි. දිගින් දිගටම කමාව නොදෙන්නේ දැඩි පුනර්ජීවනය නොලද හදවත්ය.

නොඉඳුල් නොවන සහකරුවෙකු සමග විවහා වීමට පෙර හොඳින් සිතා බැලීම, යාච්ඤා කිරීම හා විමසා බැලීම කළ යුතුය. යාකොබ් 1:5 මගින් අපට පෙන්වා දෙන්නේ අප ප්‍රඥාව සොයන්නේ නම් දෙවියන්වහන්සේ එය ඉල්ලන සෑමදෙනාටම නොමසුරුව ලබාදෙන බවය. දේව දාසයෙකු සමග සාකච්ඡා කරමින්, බයිබලය උගන්වන දේව සභාවකට අනුයුක්ත වීමෙන් ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට උපකාර වනු ඇත. සමහර සභාවන් විවාහයට පෙර මාහැඟි උපදේශන පන්ති පවත්වති. එමෙන්ම තමා විවහා වීමට බලාපොරොත්තු වන සහකරුවා / සහකාරිය සමග නිදහස්ව සහ විවෘතව කථාබස් කිරීමෙන් තමන් දැනගත යුතු සහ කමාව දියයුතු කරුණු එළිදරව් කරගැනීමට හැකිවනු ඇත.

විවාහය වනාහි සෑම අවස්ථා වලදීම අභියෝගයක් වන අතර එය සාර්ථක කරගැනීමට බොහෝ ක්‍රියා සිදුකර යුතුය. දෙපාර්ශවයම සීමා රහිතව ප්‍රේම කළ යුතු අතර ඔවුන් එම ප්‍රේමයට හිමිකරුවෝය. එපීස 5 මගින් ස්වාමිපුරුෂයා සහ භාය්‍ර්‍යාව හට විවාහ ජීවිතයේ ඇති භූමිකාව විස්තර කරයි. නමුත් එම පාඨය ආරම්භ වනුයේ එම දෙදෙනාටම වැඩි වැදගත්කමක් ඇති ප්‍රතිපත්තියකි. ක්‍රිස්තුස්වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න. පුරුෂයකු සහ ස්ත්‍රීයකු තුල පරිත්‍යාග වීමට කැමැත්ත සහ විවාහයේ සුභසිද්ධිය සඳහා මෙහෙකරුවෙකු වීමට තෝරාගැනීම, දෙවියන්වහන්සේට ගෞරව කරන පරිණත, ආත්මික පුරුෂයකුගේ හා ස්ත්‍රීයකුගේ ගතිලක්‍ෂණය වේ. දේවවචනාකූල ගතිගුණ ඇති සහකරුවෙකු තෝරා ගැනීම වැදගත් වන අතර, අපගේ අධ්‍යාත්මික දියුණුව සහ දෙවියන්වහන්සේට යටත් වීමට අපගේ කැමැත්ත අප ජීවිත තුළ තිබීම හා සමානව වැදගත්ය. දෙවියන්වහන්සේ කැමති අන්දමට ජීවත් වීමට තැත් කරන මිනිසකුට තමාගේ භාය්‍ර්‍යාවටද, දෙවියන් වහන්සේ කැමති අන්දමේ කෙනෙක් වීමට උපකාර කළ හැකි අතර, ඔවුන්ගේ අතීතයේ සිදුවීම් අමතක කර, ඔවුන්ගේ විවාහය දෙවියන්වහන්සේගේ ගෞරවයට පත් කරන, ඔවුන් දෙදෙනාම ප්‍රීති ප්‍රමෝධමත් කරන බැඳීමක් බවට ගොඩනැඟිය හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නොඉඳුල් ක්‍රිස්තියානි කෙනෙක් නොඉඳුල් නොවන කෙනෙකු සමග විවාහ විය හැකිද? / යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries