settings icon
share icon
ප්‍රශ්නය

දික්කසාද වූ කාන්තාවකට විවාහවූ පුරුෂයෙකුට සභාවේ නායකත්වය තුළ සේවය කළ හැකිද?

පිළිතුර


පසුබිම සඳහා "එක භාර්යාවගේ ස්වාමි පුරුෂයා" යන අපගේ ලිපිය කියවන්න. වාක්‍යාංශය 1 තිමොති 3:2,12 සහ තීතස් 1:6. "එක භාර්යාවකට ස්වාමි පුරුෂයා" යන සුදුසුකම සමහර අවස්ථා වලදී, දික්කසාද වී නැවත විවාහ වූ පුරුෂයෙකු සභාවේ නායකත්වය තුළ සේවය කිරීමට නොසුදුස්සෙක් විය හැකි වන අතර, ඊටත් වඩා බරපතල ප්‍රශ්ණයක් වන්නේ කිසිදිනක දික්කසාද නොවූ විවාහක පුරුෂයෙක් ඉහතදී දික්කසාද වු කාන්තාවක් හා විවාහවීමය. මෙම කරුණ පිළිබඳව නිශ්චිත කිසිවක් ලියවිල්ලේ සඳහන් වී නොමැති වූවද අදාළ කරගත හැකි බයිබලීය ප්‍රතිපත්තීන් වේ.

1 තිමොති 3:11 මෙවැනි කරුණකට ඉතාමත් යෝග්‍ය පදයක් වේ. මෙම පදය යොමු වන්නේ උපස්ථායකවරුන්ගේ භාර්යාවන්ටද එසේ නොමැතිනම් ස්ත්‍රී උපස්ථායිකාවන්ට ද යන බව පැහැදිලි නැත. "උපස්ථායකවරුන්ගේ භාර්යාවන් " යන පරිවර්තනය බොහෝ දුරට සමාන වේ. මන්දයත් පාවුල්තුමා 8-10 සහ 12-13 පදයන් වල සුදුසුකම් ගෙනහැර පෑම නොසුදුසු / නොගැලපෙන ක්‍රියාවක් ලෙස පෙනීමට ඉඩ ඇති අතර, ඒ තුළ උපස්ථායිකාවන්ටද වේ. මෙම සිතිවිල්ල සමඟ වටහා ගත යුතු කරුණ නම් උපස්ථායකයන්ගේ භාර්යාවන්ට "එක ස්වාමි පුරුෂයකුගේ භාර්යාව" යන සුදුසුකම නොමැති බව සටහන් කරගැනීම ඉතාමත් වැදගත් වේ. එමෙන්ම "නිර්දෝෂ" සහ "නින්දාලාපයන්ට / දෝෂාරෝපණයන්ට" ලක් නොවූ ලෙස සුදුසුකම් වල අවශ්‍යතාවයන්ද නොමැතිමුත් "ගෞරවය ලබන්නට යුතුවූ, දුෂ්ට සිතැත්තන් නොවූ, සන්සුන්වූ සහ සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්නට ඕනෑය" (1 තිමොති 3:11).

මෙම කරුණට සම්බන්ධවූ බොහෝ ප්‍රශ්ණ ඇත. පරදාර සේවනයේ යෙදෙන හෝ පරිභව සහගත ස්වාමි පුරුෂයෙකුගේ භාර්යාව අහිංසක පාර්ශ්වයටඅයත් වේද? දික්කසාදය සිදු වූ අවස්ථාවේ භාර්යාව ඇදහිලිවන්තියක් වූයේද? භාර්යාවගේ පෙර පූර්ව සිටි ස්වාමි පුරුෂයා තවමත් ප්‍රශ්ණ ඇති කරන්නේ හෝ අරගල කරන්නේද? මෙම සෑම ප්‍රශ්ණයක්ම සළකා බැලිය යුතුය. අවසාන වශයෙන් කාරණාව රැඳී තිබෙන්නේ "නිර්දේෂ සහ නින්දාලාපයන්ට / දෝෂාරෝපණයන්ට ලක් නොවූ" නම් එම සුදුසුකම් වැඩිමහල්ලන්ට හා උපස්ථායකවරුන්ට අවශ්‍යය. භාර්යාවගේ දික්කසාදයට හේතු වූයේ ප්‍රජාව අතර තිබූ දුර්වල සාක්‍ෂියද? දියුණු කළ හැකි සභානායකයෙක් හා නියම වශයෙන්, ගෞරවය ලබන්නට සුදුසු හා අනුගමනය කිරීමට ආදර්ශමත්වූ භක්තිවන්ත මනුෂ්‍යයෙක් ලෙස දැකිය හැකිද?

එහි අරුත මෙම ප්‍රශ්ණයට සර්වසාධාරණ ලෙස පිළිතුරු දිය හැකි බව නොවය. මෙහි බොහෝ කරුනු ගැබ්ව ඇත. මෙවැනි ප්‍රශ්නයකට මුහුණ පා සිටින සභාවක් යාච්ඤා පූර්වකව තත්වය පරීක්‍ෂා කළ යූතුව ඇති අතර හැකිතාක් දුරට පැහැදිලිසේ දැකීමට උත්සාහ කළ යුතු වන අතර දියුණු කළ හැකි නායකයා, "දෝෂා‍රෝපණයන්ට ලක් නොවූ" කෙනෙක් ලෙස සැළකිය හැකි නම් සභාවේ සාක්‍ෂියට පළුදු වෙන කිසිවක් සොයාගත නොහැකි නම්, දික්කසාද වූ කාන්තාවක් විවාහ කරගත් සභානායකයෙකු සභාවේ නායකත්වය සඳහා සළකා බැලිය හැක.



English



නැවතත් සිංහල මුල් පිටුවට

දික්කසාද වූ කාන්තාවකට විවාහවූ පුරුෂයෙකුට සභාවේ නායකත්වය තුළ සේවය කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries