settings icon
share icon
ප්‍රශ්නය

බැටළුපැටවාණන්ගේ සරණ මංගල්‍යය යනූ කමක්ද?

පිළිතුර


එළිදරව් පොතෙහි දර්ශණයේදී 19:7-10 දක්වා යොහාන් දකිනු ලැබුවා පමණක් නොව මහා ස්වර්ගික සේනාවක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන හඬක්ද ඇසුණේ බැටළුපැටවාණන්ගේ සරණ මංගල්‍යය ඇත්ත වශයෙන් සිදු වෙමින් පැවති අතර "සරණමංගල්‍යය" ආරම්භ වීමට ළංව තිබූණේය. සරණ මංගල්‍යයේ සංකල්පය නම් හොඳාකාරවම වටහා ගැනීමට හැකි වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අවධියේ සරණ මංගල්‍යයක සිරිත් විරිත් දැන සිටීමෙන්ය.

මෙම සරණ මංගල්‍යයක ප්‍රධාන කොටස් තුනක් විය. පළමුව මනමාලයාගේ සහ මනමාලියගේ දෙමව්පියන් විසින් විවාහ ගිවිසුමක් අත්සන් කරනු ලබන අතර ඉන් පසු මනමාලයාගේ දෙමව්පියන් හෝ මනමාලයා විසින් දෑවැද්දක් මනමාලියට හෝ මනමාලියගේ දෙමව්පියන්ට දෙනු ලබයි. මෙය විවාහ ගිවිස ගැනීමේ කාලවකවානුවේ ආරම්භය වන අතර වර්තමානයේ අප විසින් එය නම් ප්‍රසිද්ධ කිරීම වශයෙන් හදුන්වනු ලබයි. මෙම කාලවකවානුව යෝසෙප් සහ මරියතුමිය සිටි කාලය වන අතර එහිදී ඇය ගැබ් ගත් බව දැන ගන්නා ලදී (මතෙව් 1:18, ලූක් 2:5).

දෙවන අදියර ක්‍රියාත්මක වනුයේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පසුවය. මනමාලයා ඔහුගේ පිරිමි යහළුවන් සමඟ එක්ව මනමාලියගේ නිවසට මධ්‍යම රාත්‍රියේදී ඇතුල් වන්නේ මාවතේ විදුලි පන්දම් පෙරහරකින් ගමන් කිරීමෙන් පසුවය. මනමාලිය මෙය සිදුවීමට පෙර එය පිළිබඳව දැන සිටින බැවින් ඇය ඇයගේ කන්‍යාවන් සමඟ සූදානම්වී සිටින අතර, ඔවුන් සියලූ දෙනාම එක්ව පෙරහැරට එකතුවී මනමාලයාගේ නිවසට ඇතුල්වනවා ඇත. මෙම චාරිත්‍රය පාදක වී ඇත්තේ මතෙව් 25:1-13 ඇති කන්‍යවන් දස දෙනාගේ උපමාව කරණකොටගෙනය. තුන්වන අවධිය, සරණ සන්ධ්‍යා භෝජනය වන අතර එය දවස් කිහිපයක් කානාහි සරණ මංගල්‍යය ලෙස යොහාන් 2:1-2 මෙන් පැවතිය හැක.

එළිදරව් පොතෙහි යොහාන්ගේ දර්ශණයෙහි දැක්වෙන්නේ බැටළුපැටවාණන්ගේ (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) සහ එතුමාගේ මනාලිය වන (සභාව) අතර සරණ මංගල්‍යය තුන්වෙනි අවධියේ ආදර්ශයයි. ගම්‍යාර්ථය වන්නේ පළවෙනි සහ දෙවනි අවධියන් සිදුවී හමාරය. පළවෙනි අවධිය මේ පොළොවෙහි සම්පූර්ණ වූයේ තනිතනි වශයෙන් ඇදහිලිවන්තයා හෝ ඇදහිලිවන්තිය ඇයගේ හෝ ඔහුගේ විශ්වාසය / ඇදහීම තමන්ගේ ගැලවුම්කරු ලෙස ක්‍රිස්තුස් වහන්සේ මත තැබූ දිනයේදීය. මනමාලයාගේ දෙමව්පියන්ට (පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ) දෑවැද්ද දෙනු ලැබුයේ ක්‍රිස්තුස් වහන්සේ මනමාලිය උදෙසා ලේ වැගිරවූ දිනයේය. අද මිහිමත ඇති සභාව, එදා ක්‍රිස්තුස් වහන්සේට විවාහ ගිවිසගෙන සිටියේ, උපමා කතන්දරයේ ඥාණවන්ත කන්‍යාවන් මෙනිය, එලෙසම සියලු ඇදහිලිවන්තයන් මනමාලයාගේ දර්ශණයවීම සඳහා බලාපොරොත්තුවෙන් සහ පරීක්‍ෂාවෙන් බලා සිටිය යුතුය (දෙවන පැමිණීම). දෙවෙනි අවධිය නිරූපණය කරන්නේ, සභාව ඔසවා ගැනීම වේ. එනම් ක්‍රිස්තුස් වහන්සේ එතුමන්ගේ මනමාලියට හිමිකම් පා තම පියාණන්ගේ නිවසට රැගෙන යන දවසය. ඉන් පසුව සරණ සන්ධ්‍යා භෝජනය තුන්වෙනි සහ අවසන් අවධිය වේ. අපගේ මතයවන්නේ බැටළුපැටවාණන්ගේ සරණ මංගල්‍යය සිදුවන්නේ ඔසවා ගැනීම සහ දෙවන පැමිණීම අතරතුරදී බවය (එනම් පොළොවෙහි පීඩා කාලය තුළදී බවය).

විවාහ මංගල්‍යයට සහභාගිවීම ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය ලෙස සභාව පමණක් නොව අන්අයද වේ. මෙම "අන්අය" ට පරණ ගිවිසුමෙහි ශුද්ධවතුන්ද-ඔවුන් මේ වන විටත් මළවුන්ගෙන් නැගිටීම සිදුවී නැති අතර, ඔවුන්ගේ ආත්මයන් / ප්‍රාණයන් අප සමඟ ස්වර්ගරාජ්‍යයේ වේ. දේවදූතයන් යොහාන්ට ලියන ලෙස පැවසූ ආකාරයට "බැටළුපැටවාණන්ගේ සරණ මංගල්‍යය කෑමට කැඳවන ලද්දෝ වසනාවන්තයෝය" (එළිදරව් 19:9). බැටළුපැටවාණන්ගේ සරණ මංගල්‍යය සන්ධ්‍යා භෝජනය ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට අති උත්කෘෂ්ට ප්‍රීති උත්සවයක් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බැටළුපැටවාණන්ගේ සරණ මංගල්‍යය යනූ කමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries