settings icon
share icon
ප්‍රශ්නය

විවාහය දෙවියන්වහන්සේ සමග ඔබගේ සම්බන්ධතාවයට බාධාවක්ද?

පිළිතුර


විවාහය යම් තැනැත්තෙකුට දෙවියන්වහන්සේට සේවය කිරීමට ඇති හැකියාව බාධාවක් වේද? යන ප්‍රශ්නය ගැන 1 කොරින්ති 7 මගින් පාවුල් තුමාගේ සැලකිල්ලට භාජනය වී ඇත. මෙම කරුණ හේතුවෙන් ඔහු පවසා ඇත්තේ අවිවාහක කෙනෙකුට එසේ තනිකඩව සිටීම වඩාත් සුදුසු බවය. නමුත් කාම ආශාවන්ගෙන් නොදැවී තනිකඩ ජීවිතයක් හසුරුවා ගැනීමේ දීමනාව සෑම දෙනාටම ලැබී නැත. (7–9 පද) 32–35 පද මගින් එතුමා පවසන්නේ අවිවාහක අය හට බාධාවකින් තොරව ස්වාමීන්වහන්සේට සේවය කිරීමට හැකි වන්නේ ඔවුන්ට තමන්ගේ ජීවිත කාලයෙන් කොටසක් සහකරුවකු සතුටු කිරීමට යොමු කිරීමට අවශ්‍ය නොවන බැවිනි. නමුත් ඔහු පවසනුයේ අප විවාහ වී ඇතත් නැතත්, ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට යොමුවිය යුතු බවය. (28–31 පද)

යේසුස්වහන්සේ අවිවාහක තැනැත්තන් පමණක් නොව විවාහකයකු වු පේතෘස් (මතෙම් 8:14) තමන්වහන්සේගේ සමීපතම ගෝලයන් තිදෙනාගෙන් කෙනෙකු ලෙස තෝරා ගැනීමෙන් පෙනී යන්නේ, ක්‍රිස්තුස්වහන්සේ සමග සමීපත්වය සඳහා විවාහය බාධාවක් නොවන බවය. එසේම පැරණි ගිවිසුමේද (අන් අය අතර) දෙදෙනෙක් දෙවියන්වහන්සේ සමග සමීපව සිටියෝය. එක් අයෙකු නම් දානියෙල්ය. අනෙක් තැනැත්තා මෝසෙස්ය. එක් අයෙකු අවිවාහකයෙකි. අනෙක් තැනැත්තා විවාහකයෙකි. එබැවින් දෙවියන්වහන්සේ සමග සමීපත්වය සඳහා විවාහය බාධාවක් නොවීය.

ක්‍රිස්තුස්වහන්සේ සමග ඇති සමීපත්වය, විවාහය වීම නිසා වැළැක්වීම මගහරින මාර්ගය වනුයේ සැබවින්ම ර්‍සමිඳුන් තුළ විවාහ වීමය ( 1 කොරින්ති 7:39) හෝ වෙනත් ආකාරයකට කිවහොත් අසමානත්වය ඇති අය සමග සම්බන්ධ නොවීමය. (2 කොරින්ති 6:14) එනම් නොඇදහිලිවතෙකු හෝ තම මුඵ හදවතින් ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට ආශාවක් නොමැති සැබෑ පසුබිමක් නොමැති කිතුනුවකු සමග විවාහ වීමය. යමෙකු ස්වාමීන්වහන්සේ තුළ විවාහ වුවහොත්, දේවවචනාකූලව පොරොන්දු වී ඇති ප්‍රකාර ගුණවත් සහකරුවකුගේ ප්‍රතිලාභ හිමිවන අතර, (හිතෝපදේශ 27:17, ධර්මදේශක 4:9–12) ක්‍රිස්තුස් වහන්සේ සමග ජීවිත ගමන යෑම සඳහා තම සහකරුගේ සහය සහ දිරිගැන්වීම ලැබෙනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහය දෙවියන්වහන්සේ සමග ඔබගේ සම්බන්ධතාවයට බාධාවක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries