settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේ විවාහයන් සිදුවේද?

පිළිතුර


ස්වර්ගයේ විවාහයන් සිදුවේද?

දේවවචනයේ අපට ප්‍රකාශ කරන්නේ “මක්නිසාද නැවත නැගිටීමේදී ඔවුන් සරණ පාවාගන්නේවත් සරණ පාවා දෙන්නේවත් නැත. එහෙත් ස්වර්ගයෙහි දේව දූතයන් හා සමාන වෙති” (මතෙව් 22:30). කිහිප වාරයක්ම විවාහවූ කාන්තාවක් අරභයා පැන නැගුණු ප්‍රශ්නයකදී, යේසුස් වහන්සේ ඊට දුන් පිළිතුර මේ ආකාරවේ. ස්වර්ගයේදී ඇය කා සමග විවාහ වී සිටිනවාවේද (මතෙව් 22:23-28)? ප්‍රත්‍යක්ෂ ලෙසම, විවාහ ආදි කිසිවක් ස්වර්ගයෙහි ඇති නොවේ. මින් අදහස් කරනුයේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා යන අය එකිනෙකාව ස්වර්ගයේදී නොහඳුන බව නොවේ. එලෙසම ස්වර්ගයේදී භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට ඔවුන් එකිනෙකා හා සමග තව දුරටත් සමීප සබඳතාවක් තබා නොගත හැකි බවද ඉන් අදහස් නොකෙරේ. මෙයින් ඇඟවීමට උත්සහ දරන්නේ, එනමුත් භාර්යාවක් සහ සුවාමි පුරුෂයෙක් තව දුරටත් ස්වර්ගයේදී විවාහයන් නොවන බවය.

බොහෝ දුරට ස්වර්ගයේදී විවාහයන් සිදු නොවන්නේ හුදෙක්ම එවැන්නකට අවශ්‍යතාවයක් නොමැති හෙයිනි. දෙවියන් වහන්සේ විවාහය පිහිටූ අවස්ථාවේදී, උන් වහන්සේ එසේ කළේ ඇතැම් උවමනාවන් සම්පූර්ණ කිරීමටය. පළමුකොටම, ආදම්ට සහකාරියක් අවශ්‍ය බව එතුමන් දුටු සේක. “ස්වාමිවූ දෙවියන් වහන්සේ කථා කොට, මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත, ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමියි කීසේක” (උත්පත්ති 2:18). ආදම්ගේ හුදෙකලාවටත්, ඔහුට අවශ්‍යවූ උදව් කාරිණියක් එනම් ඔහුගේ සහකාරිය ලෙස සහ ඔහුගේ ජීවිතයේ ඔහු හා සමග එක්ව ගමන් කිරීමට අවශ්‍යවු පුද්ගලයා නමැති ගැටළුවටත් නිරාකරණයක් වූයේ ඒවය. ස්වර්ගයේදී කෙසේ නමුත්, හුදෙකලාවක් නැති මෙන්ම, උදව් කාරිණියක් පිළිබඳ අවශ්‍යයතාවයන්ද මතු නොවේ. අප ඇදහිලිවන්තයන් සහ දේව දූතයන් සම්භාරයකින් වට කරනු ලැබ (එළිදරව් 7:9), සහ අපට සහකරුවෙක් පිළිබඳව අවශ්‍යයතාවය ඇතුළුව අනෙකුත් සියලුම අවශ්‍යයතාවයන් සම්පූර්ණ කරනු ලැබේ.

දෙවනුව, දෙවියන් වහන්සේ විසින් විවාහය නිර්මාණය කරනු ලැබුවේ, ප්‍රහනනයේ උපක්‍රමයක් ලෙසින් මෙන්ම පොළොව මනුෂ්‍යය වර්ගයාගෙන් පුරවනු ලැබීමටය. ස්වර්ගයෙහි කෙසේ නමුත් ප්‍රජනනය කරණකොටගෙන ජනගහනය ඇති නොවේ. ස්වර්ගයට යන්නවුන් එහි යනු ලබන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල හේතුවෙනි. ඔවුන් පුනරුත්පාදනය කරණකොටගෙන එහිදී නිර්මාණය කරනු නොලබති. එසේ හෙයින් ස්වර්ගයෙහි විවාහය සඳහා අභිමතාර්ථයක් නොමැත්තේ එහි ප්‍රජනනය හෝ හුදෙකලාව නොමැති නිසාවෙනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේ විවාහයන් සිදුවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries