settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ විසින් කායින් මත තබන ලද සලකුණ කුමක්ද (උත්පත්ති 4:15)?

පිළිතුර


කායින් තමාගේ සහෝදරයා මරනු ලැබුවායින් පසුව දෙවියන් වහන්සේ විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේ "දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භුමියෙන් නුඹ ශාපලද්දෙක්ය. නුඹ භුමිය වගා කරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය. නුඹ පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නේහියයි කීසේක (උත්පත්ති 4:11-12). ඊට ප්‍රතිචාර වශයෙන් කායින් වැලපෙමින් "මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය. බැලුව මැනව, ඔබවහන්සේ අද දවසෙහි භුමිතලයෙන් මා එළෙවූ සේක. මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි. පොළොවෙහි පලා යන්නෙක්ද තැනින් තැනයන්නෙක්ද වන්නෙමි, තවද මා සම්බවෙන කවරෙක් නමුත් මා මරන්නේයයි කීය." (උත්පත්ති 4:13-14). දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වමින් "ඉඳින් යමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත් වරක් පළිගනු ලබන්නේ යයි ඔහුට කීසේක. කායින් සම්බවෙන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස ස්වාමීන් වහන්සේ ඔහුට ලකුණක් නියම කළ සේක" (උත්පත්ති 4: 15-16).

කායින්ගේ සලකුණ පිළිබඳ මහත් විවාද සහ අනුමාන කල්පනාවන් බොහොමයක් විය. ලකුණ / සලකුණ ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය "ඕත්" "ලකුණ / සලකුණ හෝ සංකේතය" වේ. හෙබ්‍රෙව් ලියවිල්ලෙහි යම් ස්ථානවල "ඕත්" යන පදය 79 වතාවක් පමණ පරිහරණය කර ඇති අතර එයින් බොහෝ අවස්ථාවල එය පරිවර්තනය වී ඇත්තේ "ලකුණ හෝ සලකුණ" ලෙසිනි. එබැවින් දෙවියන් වහන්සේ විසින් කායින් මත තබන ලද සලකුණ කුමණ ස්වභාවයේ එකක්දැයි නිශ්චිත වශයෙන් හදුන්වා දෙන්නේ නැත. එම සලකුණ කුමක් වුවද, එය කායින්ව නොමරණ පිණිස තබන ලද සලකුණ / ප්‍රකාශකය වේ. සමහර අය එම සලකුණ, කැළලක් ලෙසද සමහරුන් එය පච්චයක් ලෙසද යෝජනා කරනු ලබයි. තත්වයකුමක් වුවද, නිශ්චිත වශයෙන් සලකුණෙහි ස්වභාවය එම පරිච්ජේදයෙහි එල්ලය / ඉලක්කය නොවේ. ඉලක්කය / එල්ලය වූයේ මනූෂ්‍යයන් අයුතු ලෙස කායින් ගෙන් පළි ගැනිම වැළැක්වීමය. කුමණ සලකුණක් කායින් මත තබා තිබුණද, එය මෙම පරමාර්ථය ඉෂ්ට කළේය.

අතීතයේදී, බොහෝ අය කායින්ගේ සලකුණ සමෙහි තද වර්ණයක් ලෙස විශ්වාස කළ අතර, දෙවියන් වහන්සේ කායින්ගේ සමෙහි පැහැය කළු බවට පත් කර ඔහුව හදුනා ගැනීමට පහසු කළ බවද විභ්වාස කළෝය. කායින්ද ශාපයක් ලැබූ අතර, සමෙහි කළුවර්ණය සලකුණ ලෙස සැලකු අය, සමෙහි වර්ණය කළුවීම ශාපයක් ලෙසද විශ්වාස කළෝය. බොහෝ අය "කායින්ගේ සලකුණ" අප්‍රිකානු වහල් වෙළදාමට සහ සමෙහි කළු සහ තද පැහැය ඇති අයට වෙනස්කම් සැලකීමට විරුද්ධත්වයව සාධාරන කිරීම සඳහා ඉගැන්විමක් ලෙස යොදා ගන්නා ලදී. කායින්ගේ සලකුණෙහි පරිවර්තනය / අර්ථකථනය සම්පූර්ණයෙන්ම බයිබලයට අනුකුල නොවේ. හෙබ්‍රෙව් ලියවිල්ලෙහි කිසිදු ස්ථානයක 'ඕත්' යන පදය සමෙහි පැහැයට යොදා ගනු නොලැබේ. උත්පත්ති 4 වෙනි පරිච්ජේදයෙහි කායින්ට කරණ ලද ශාපය කායින්ට පමණි. කායින්ගේ ශාපය ඔහුගෙන් පැවතෙන්නන්ට බලපෑමක් පිළිබඳව කිසිවක් සඳහන් වී නැත. කායින්ගෙන් පැවතෙන්නන්ට කළු පැහැති සමක් තිබූ බවට ප්‍රකාශ කිරීමට කිසිම බයිබලීය පදනමක් නැත. තවදුරටත් සළකා බලන කල නෝවාගේ එක් පුත්‍රයෙකුගේ භාර්යාව කායින්ගෙන් පැවතෙන්නෙක් වේ (විය හැකි එහෙත් අසම්භාව්‍ය වේ). කායින්ගේ පරම්පරාව ජලගැල්මත් සමඟම සමාපනය විය.

දෙවියන් වහන්සේ කායින් මත තබන ලද සලකුණ කුමක්ද? බයිබලය පවසන්නේ නැත. සලකුණෙහි අරුතවන්නේ කායින්ව නොමරණ පිණිස වන අතර සලකුණෙහි ස්වභාවයට වඩා එය වැදගත් විය. සලකුණ කුමක් වුවද එයට සමෙහි වර්ණය පිළිබඳ හෝ කායින්ගෙන් පැවතෙන්නන්ට කිසිදු සම්බන්ධතාවයක් නොමැත. කායින්ගේ සලකුණ වර්ගවාදය හෝ එකිනෙකාට වෙන්ව සැලකීමට යොදා ගැනිමට නිදහසට කරුණක් නොවන අතර එය සම්පූර්ණයෙන්ම බයිබලයට අනුකුල නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ විසින් කායින් මත තබන ලද සලකුණ කුමක්ද (උත්පත්ති 4:15)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries