settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේදී අපට මන්දීර අයත් වේද?

පිළිතුර


යේසුස් වහන්සේ කුරුසිපත් වීමට පෙර දින රාත්‍රියේ එතුමා තම ශ්‍රාවකයන්ට කියා සිටියේ තමන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වී යන බවත්, ඔවුන් එතුමා සමඟ නොයන බවත්ය. (යොහාන් 13:33) උන්වහන්සේ කොතැනකට යන්නේද ඔවුන්ට එතුමා සමඟ යාමට නොහැකි මන්දැයි පේතෘස් ඇසූ විට යේසුස් වහන්සේ ඔවුන්ට සහතික වූයේ, ඔවුන් පසුව පැමිණෙන බවය. (යොහාන් 13:36–37) "මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි බොහෝ වාසස්ථාන ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද? ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි" (යොහාන් 14:2–3).

යේසුස් වහන්සේගේ මෙම කියමන ගැන බොහෝ දෙනෙක් ව්‍යාකූල තත්වයකට පත්වී ඇත්තේ, ජේම්ස් වර්ස් රජුගේ "නිවස" සහ "මන්දීරය" යන වචන වල පරිවර්තනය නිසාය. ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය වී ආ "නිවස" යන වචනයේ අර්ථය නම් "වාසස්ථානය" වේ. වෙනත් අයුරින් කිවහොත් "පවුලක"යනුය. "මන්දීර" හෝ "කාමර" යනුවෙන් අදහස් වන්නේ "නවාතැන්පොල" හෝ "ජීවත්වන ස්ථානය" යනුවෙනි. එබැවින් ග්‍රීක භාෂාවෙන් දැක්වෙන අදහස් එකතු කළ විට, යේසුස් වහන්සේ පවසන්නේ දෙවියන් වහන්සේගේ නිවසේ (ස්වර්ගයේ) උන්වහන්සේගේ පවුලට අයත් බොහෝ දෙනෙක් එකට ජීවත් වනු ඇතැයි යනුවෙනි. දෙවියන්වහන්සේගේ ස්වර්ගීය නිවසේ කිතුනුවන්, ස්වාමීන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වනු ඇත. යේසුස්වහන්සේ වදාළ දේ ගැන බොහෝ දෙනෙක් තුළ ඇති ප්‍රතිරූපය වන රන් මංපෙත්වල ඇති මන්දීර පෙලවල් වලට වඩා මෙය බෙහෙවින් වෙනස්ය.

තමන්වහන්සේ වෙතට ඇදහිල්ලෙන් ළඟාවු අය හට ස්වර්ගයේ ස්ථානයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළියෙල කරන අතර, ශුද්ධාත්මයාණන් වහන්සේ මෙලොව සිටින මිදීම ලැබු අයව ස්වර්ගයේ ඔවුන්ට හිමි ස්ථානය සඳහා සූදානම් කරන සේක. එළිදරව් 7:9 මගින් අපට පෙන්වා දෙන ලෙස කිසිවකුට ගණන් කළ නොහැකි තරම් ඉමහත් පිරිසක් ස්වර්ගයේ සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටිනු ඇත. නැවතත් මෙහිදී ප්‍රතිරූපය වන්නේ මහත් සමූහයක් එකතුව සිටීම මිස වෙන් වෙන් වශයෙන් මන්දීර වල විසීම නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේදී අපට මන්දීර අයත් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries