settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


"දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා" යනු දෙවියන්වහන්සේව සෑම ආකාරයකින්ම අනුගමනය කරන, උන්වහන්සේගේ ආඥාවන්ට ප්‍රීතියෙන් කීකරුවන, මේ ජීවිතයේ දේවල් වෙනුවෙන් නොව සදාකාලික දේවල් උදෙසා ජීවත් වන, තම සියල සම්පත් නොමිලයේ ලබා දීමෙන් තම දෙවිදුන්ට කැමැත්තෙන් සේවය කරන සහ ඔහුගේ ඇදහිල්ලේ ප්‍රතිඵලයක් ලෙස විඳින දුක් වේදනා සතුටින් පිළිගන්නෙකි. මීකා 6:8 හි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එක් පදයකින් සාරාංශ ගත කරයි: "එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමින් වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද"?

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කිසිදාක තම ස්වාමියාගෙන් කිසිවක් බලෙන් උදුරා ගන්නේවත් ඔහුට වංචා කරන්නේවත් නැත. ඔහු කිසිදා තම රැකියාවට ප්‍රමාදවී වාර්ථා කරන්නේවත්, රැකියා කාලයේදී වැඩ අත පසු කරන්නේවත් නැත. ඔහු කෙදිනකවත් ඕපාදූප කියවන්නේවත් කේලම් කියන්නේවත් නැත. ඔහු සැමවිටම ලෞකීක අශික්ෂිත දේවල් වලින් තම ඇස්ද කන්ද ආරක්ෂා කර ගනිමින් තම හදවත සහ මනස පිරිසිඳුව පවත්වා ගනියි. ඔහු අවිවාහක නම්, ඔහු ශුද්ධ ලෙස රැඳි සිටින අතර ඔහු විවාහ වන්නේ ක්‍රිස්තියානි කාන්තාවක් සමඟ පමණි (2 කොරින්ති 6:14). ඔහු විවාහක නම්, ඔහු තම බිරිඳට ආදරය, ගෞරවය දෙමින් හා ප්‍රේමයෙන් රැකබලා ගෙන නිවසේ ප්‍රධානියා වනු ඇත (එපීස 5:22-24, 33). ඔහු ලෞකික සාරධර්ම පිළිගන්නේ නැත, නමුත් ප්‍රඥා සම්පන්න දේ හා යහපත් දේ දැන ගැනීමට දේව වචනය දෙස බලයි. ඔහු "වරප්‍රසාද නොලත්" අය හෝ සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූවන්, තනිකම හෝ බලාපොරොත්තු සුන්වූ අයද එක සමාන ලෙස සළකයි; ඔහු අන් අයගේ ප්‍රශ්නවලට සවන් දෙන්නෙකු වන අතර විනිශ්චය නොකරයි.

සියල්ලටම වඩා, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා "එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පුර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටපල්ලා" (ශු.මතෙව් 5:48) ලෙස අපගේ ස්වාමින්වහන්සේ ඔහුට අණ කළ විට එය තේරුම් ගනී, ඔහුට එය කළ හැක්කේ දෙවියන්වහන්සේ ඔහුට "උන් වහන්සේ ඉදිරිපිට ශුද්ධ හා නොකැලැල්" වීමට (එපීස1:4) උන්වහන්සේගේ බලය හා උන්වහන්සේගේ ආත්මය තුළ වාසය කිරීමට ඉඩ සලසන බැවිනි. අපට තනිවම, ශුද්ධකම හා පරිපූර්ණත්වය කරා ලඟා විය නොහැක, නමුත් අපව ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට "සියල්ල කළ හැකිය" (පිලිප්පි4:13). දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුගේ නව ස්වභාවය වන ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම, කුරුසියේදි අපගේ පව්කාර ස්වභාවය වෙනුවෙන් හුවමාරුවූ බව දැන සිටියි (2 කොරින්ති 5:17; පිලිප්පි 3:9). අවසාන ප්‍රතිඵලය නම්, ඔහු තම දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කරමින්, පූර්ණ ලෙස ජීවත් වීමට සහ අවසානය දක්වා නොපසුබට උත්සාහයක් දැරීමට උන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය තැබිය යුතු බව දැන සිටීමයි.

සරල ආගම යනු මෙයයි: විපතට පත්වූවන්ට උපකාර කිරීම සහ ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම පවත්වා ගැනීමයි (යාකොබ් 1:27). සියලුම බයිබලානූකුල මූලධර්ම පිළිබඳව අපට අවබෝධයක් තිබුණත්, සියලු දේව ධර්මීය පද අප දැන ගත්තත්, මුල් ග්‍රීක භාෂාවෙන් බයිබලය පරිවර්ථනය කිරීමට අපට හැකිවූවත්, මීකා 6:8 හි මූලධර්මය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අනුගමනය කළ යුතු මූලධර්මය විය යුතුයි: යුක්ති සහගත ලෙස ක්‍රියා කරන්න, දයාවට ප්‍රේම කරන්න, නිහතමානීව දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries