settings icon
share icon
ප්‍රශ්නය

ගෝලයන් ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?

පිළිතුර


ගෝලයන් ඇති කිරීම අපගේ ස්වාමීන්වහන්සේගේ යාච්ඤාවට පිළිතුරු දීමයි. "ස්වර්ගයේ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය ගෞරව වේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවෙහිදවේ" (මතෙව් 6:9-10). ගැලවීම පිළිබඳ පණිවුඩය ලෝකයේ සියලු ජනයා වෙත ගෙන යාමට යේසුස්වහන්සේ තම අසීමිත ප්‍රඥාවෙන් කැපවූ අනුගාමිකයන්, උන්වහන්සේගේ ගෝලයන් යොදා ගැනීමට තෝරා ගත්තේය. උන්වහන්සේ ස්වර්ගයට යෑමට පෙර උන්වහන්සේගේ අන්තිම වචන වල ආඥාවක් ලෙස මෙය ඇතුළත් කළේය: "ස්වර්ගයේ හා පොළොවේ සියලු බලය මට දී තිබේ. එබැවින් ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගේද, පුත්‍රයාණන්ගේ හා ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියල්ලට කීකරු වන ලෙස ඔවුන්ට උගන්වන්න. නියත වශයෙන්ම මම ඔබ සමඟ යුගයේ අවසානය දක්වාම සිටිමි" (මතෙව් 28:18-20).

ගැලවීම පිළිබඳ ශුභාරංචිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පතුරුවා හැරීම ස්වාමින් විසින් තෝරාගත් ක්‍රමය බැවින් ගෝලයන් සෑදීම වැදගත්ය. යේසුස් වහන්සේ තම ප්‍රසිද්ධ දේවසේවයේදී ගෝලයන් සෑදීමට අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් ගත කළා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා, පොරොන්දුවූ මෙසියස් වහන්සේ බවට ඒත්තු ගැන්වෙන සාක්ෂි බොහොමයක් ඔවුන්ට දුන්නේය. ඔවුන් අසම්පූර්ණවුවත් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කළහ. උන්වහන්සේ සමූහයන්ට කතා කළ නමුත් බොහෝවිට උන්වහන්සේගේ උපමා හා ප්‍රාතිහාර්යන්ගේ අරුත ඉගැන්වීම සඳහා ගෝලයන් පෞද්ගලිකව පසෙකට ඇද දැමීය. දේවසේවයේ යෙදී සිටියදී උන්වහන්සේ ඔවුන්ව පිටත් කර හැරියේය. උන්වහන්සේගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසු ඉක්මනින් පියාණන් වෙතට පැමිණෙන බව උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වීය (මතෙව් 16:21; යොහන් 12:23-36; 14:2-4). ඔවුන්ට එය වටහාගත නොහැකිවුවද, උන්වහන්සේ ගෝලයන්ට මෙම පුදුමාකාර පොරොන්දුව දුන්නේය: "මම ඔබට සත්‍යය කියමි, මා කෙරෙහි විශ්වාසයක් ඇති ඕනෑම කෙනෙක් මා කළදේ කරනු ඇත. ඔහු මෙයට වඩා විශාල දේ කරනු ඇත, මන්ද මම පියාණන්වහන්සේ වෙතට යන්නෙමි" (යොහන් 14:12). ඔවුන් සමඟ සදහටම සිටින ලෙස තම ආත්මය එවන බවට යේසුස්වහන්සේ පොරොන්දු විය (යොහන් 14:16-17).

පොරොන්දුවූ පරිදි, පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණන් ඇදහිලි වන්තයන් කෙරෙහි බලය ලබා දුන් අතර, පසුව සෑම කෙනෙකුටම ශුභාරංචිය කථා කිරීමට ධෛර්යමත් විය. ක්‍රියා පොතේ ඉතිරි කොටස ඒවා තුළින් ඉටුවූ සියල්ල පිළිබඳ සිත් ගන්නා සුලු විස්තරයක් සපයයි. එක් නගරයක විපක්ෂය පැවසුවේ, "ලෝකය උඩු යටිකුරු කළ අයද මෙහි පැමිණෙති" (ක්‍රියා 17:6). බහුතරයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ අතර ඔවුන්ද ගෝලයන් බවට පත්විය. බොරු ආගමික නායකයන්ගෙන් දැඩි පීඩා පැමිණිවිට ඔවුහු වෙනත් ප්‍රදේශ වලට විසිරී ක්‍රිස්තුස්වහන්සේගේ අණට කීකරුවූහ. සභාව රෝම අධි රාජ්‍යය පුරාත් අවසානයේදී වෙනත් ජාතීන් තුළත් පිහිටුවන ලදි.

පසුව, මාටින් ලූතර් වැනි ගෝලයන් නිසා, ප්‍රතිසංස්කරණය තුළින් යුරෝපය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුවිශේෂයට විවෘත විය. අවසානයේදී, ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා නව ලෝකයට සංක්‍රමණය විය. ලෝකය තවමත් එවැන්ජලිස්තකරණය කර නැතත්, අභියෝගය වෙන කවරදාටත් වඩා දැන් සාක්ශාත් කරගෙන ඇත. අපගේ සමිඳාණන්වහන්සේගේ ආඥාව ඉතිරිව තිබේ.

• තම ගැළවීම ගැන සහතිකවූ (යොහන් 3:16) සහ වාසය කරන ශුද්ධාත්මයාණන් විසින් සක්‍රීය කරනු ලැබේ (යොහන් 14:26-27);

• අපගේ ස්වාමීන් හා ගැළවුම්කාරයාණන්ගේ කරුණාව හා දැනුම වර්ධනය වන කෙනෙක් (2 පේත්‍රැස් 3:18); හා

• පුරුෂයින්ගේ හා ස්ත්‍රීන්ගේ අහිමිවූ ආත්මයන් සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ බර බෙදා ගන්නා කෙනෙක්. යේසුස්වහන්සේ පැවසුවේ "අස්වැන්න බහුල නමුත් ගොවින් විරල බව. එබැවින් අස්වැන්න නෙළන ස්වාමියාගෙන් ඉල්ලා සිටින්න, එබැවින් කම්කරුවන් උන්වහන්සේගේ අස්වැන්න කෙතට පිටත් කර හරින්න" (මතෙව් 9: 37-38).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගෝලයන් ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries