settings icon
share icon
ප්‍රශ්නය

ලුක් 16:19–31 උපමාවක්ද? නැතහොත් සැබවින්ම සිදුවුනාවු ක්‍රියාවලියක විස්තරයක්ද?

පිළිතුර


ලුක් 16:19–31, මහත් මතභේදයන්ට තුඩුදුන් බයිබල් පාඨයකි. පොහොසතාගේ සහ ලාසරස්ගේ කථාන්දරය, සැබෑවු හා සැබවින්ම සිදුවු ඵෙතිහාසික සිද්ධියක් ලෙස සමහර අය සලකන අතර, අන් අය එය උපමාවක් හෝ උපහැරණයක් ලෙස සලකති.

මෙම කථාන්දරය සැබෑ සිද්ධ්යක් ලෙස අර්ථ නිරූපණය කරන අයට එසේ කිරීමට බොහෝ හේතු ඇත. පළමුව මෙම කථාන්දරය උපමාවක් ලෙස කිසිවිටක සඳහන් වී නැත. යේසුස්වහන්සේ පැවසු වෙනත් කථාන්දර වන වපුරන්නා සහ බීජයේ කථාව (ලුක් 8:4) ධනවත් ගොවියා (ලුක් 12:16) පලදාව නොමැති අත්තික්කා ගස (ලුක් 13:6) විවාහ මංගල්‍යය (ලුක් 14:7) යන කථාන්දර උපමා ලෙස හඳුන්වා ඇත. දෙවනුව පොහොසතා සහ ලාසරස්ගේ කථාන්දරයේ ඔවුන්ගේ නියම නම් භාවිතා කර ඇත. එබැවින් අදාළ චරිත නම් කර නොමැති සාමාන්‍ය උපමා වලින්, පොහොසතා සහ ලාසරස්ගේ කථාන්දරය වෙනස් ස්වරූපයක් ගනි.

තෙවනුව, මෙම කථාන්දරය උපමාවක් ලෙස හැඳින්විය නොහැක්කේ, උපමාවක් වනාහි ආත්මික සත්‍යයතාවයක් ඉදිරිපත් කිරීමට යොදාගත් භූමික ප්‍රතිරූපයක් වන බැවිනි. පොහොසතා සහ ලාසරස්ගේ කථාන්දරයෙන් සෘජුවම ඉදිරිපත් වන්නේ ආත්මික සත්‍යයතාවයක් වන අතර, එයට භූමික සම්බන්ධතාවයක් නොමැත. මෙම කථාන්දරයේ බොහෝ දුරට සඳහන් වන්නේ මරණින් පසු සිදුවීමක් බැවින්, භූමික සම්බන්ධතා විදහාපාන උපමාවලට එය පරස්පර විරෝධීය.

මීට හාත්පසින්ම වෙනස් මතදාරීන්ගේ ස්ථාවරය වන්නේ මෙම කථාන්දරය උපමාවක් මිස සැබෑ සිදුවීමක් නොවන බවය. ඔවුන්ගේ තර්කය වනුයේ යේසුස් වහන්සේ තමන්වහන්සේගේ ඉගැන්වීමේදී අනුගමනය කළ සාමාන්‍ය පිළිවෙත වූයේ උපමා උපයෝගී කර ගැනීමය. ඉහත සඳහන් මතභේද මෙම කථාන්දරය උපමාවක් මිස වෙනත් දෙයක් ලෙස සහතික කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔවුන් සලකන්නේ නැත. තවද මෙම කරුණු යටතේ යම් පැතිකඩ, අනෙකුත් ශු.ලියවිලි සමග එකඟ නොවන බවක් පෙනේ. උදාහරණයක් ලෙස දක්වතොත්, නිරයේ සිටින අය සහ ස්වර්ගයේ සිටින අයට එකිනෙකා මුණගැසී කතාබස් කළ හැකිද?

වැදගත් කරුණ වන්නේ, මෙම කථාන්දරය සැබෑ සිදුවීමක් හෝ උපමාවක් වුවද, එහි අන්තර්ගත ඉගැන්වීම එකම දෙයක්ම වීමය. එය සැබෑ කථාන්දරයක් වූවත් හෝ නුවූවත්, එය සැබෑවකි. මෙය උපමාවක් වූවද හෝ නොවූවද, යේසුස්වහන්සේ මෙම කථාන්දරය උපයෝගී කර ගත්තේ, මරණින් පසුව පාපිෂ්ඨයන් දෙවියන්වහන්සේගෙන් සදහටම වෙන්කරනු ලබන බවත්, තමන් ශු. ලියවිලි ප්‍රතික්‍ෂේප කළ බව ඔවුන්ට සිහිපත් වී, මහත් පීඩාවට ලක්කරනු ලබන බවත්, ඔවුන්ගේ එම තත්ත්වය නිවැරදි කළ නොහැකි බවත්, ඔවුන්ට ඉගැන්වීමටය. උපමාවකින් හෝ වෙනත් ආකාරයකින් යේසුස්වහන්සේ, ස්වර්ගය සහ නිරය පවතින්නාවු ස්ථාන බවත් ලෞකික වත්කම් ගැන විශ්වාසය තබන අයට ලැබෙන මුලාකරන සුඵ සම්පත් ගැන පැහැදිළිවම ලුක් 16:19–31 පද මගින් උගන්වන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලුක් 16:19–31 උපමාවක්ද? නැතහොත් සැබවින්ම සිදුවුනාවු ක්‍රියාවලියක විස්තරයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries