ලුසිෆර් සාතන්ද? ලුසිෆර්ගේ වැටීම සාතන්ව විස්තර කරයිද?


ප්‍රශ්නය: ලුසිෆර් සාතන්ද? ලුසිෆර්ගේ වැටීම සාතන්ව විස්තර කරයිද?

පිළිතුර:
"ලුසිෆර් සාතන්" කියා කිසිම පදයක් බයිබලයේ සඳහන් නැහැ. නමුත් ඡේද කිහිපයක් පරීක්ෂා කිරීමෙන් හෙළිවන්නේ ලුසිෆර් සාතන් මිස වෙන කිසිවෙකු විය නොහැකි බවයි. යෙසායා 14:12 හි විස්තර කර ඇති ලුසිෆර්ගේ වැටීම බොහෝවිට යේසුස්වහන්සේ ලූක් 10 හි සඳහන් කර ඇති ආකාරයටමයි: "සාතන් අහසින් අකුණු මෙන් වැටෙන බව මම දුටුවෙමි." ඒ හා සමාන වැටීමක් එසකියෙල් 28 හි දක්වාඇත. යෙසායා 14:12-18 විස්තර කරන්නේ "ලුසිෆර්" නම් කෙනෙකු ස්වර්ගයෙන් වැටීම, එහි අර්ථය "උදය තාරකාව", "උදය පුත්‍රයා", " දිවා තරුව" හෝ "දිදුලන තාරකාව" යන්නයි. එය සාතන් මිස වෙන කිසිවෙකු විය නොහැකි බව අපට පෙන්වා දෙයි. සාතන් ස්වර්ගයෙන් වැටී ඇති බව ලූක් 10 හි යේසුස්වහන්සේගේම වචන වලින් අපි දනිමු. ඉතින්, යෙසායා ලුසිෆර් (හෙබ්‍රෙව් භාෂාවෙන් හෙලේල්) පොළොවට හෙළනු ලැබීම ගැන සඳහන් කරනවිට (යෙසායා 14:12), එය වෙන කිසිවෙකු නොව සාතන් විය හැකිය. ඔහුගේ වැටීමට හේතුව 13 සහ 14 යන පදවල දක්නට ලැබේ. "මම ස්වර්ගයට යන්නෙමි; මම මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට ඉහළින් ඔසවන්නෙමි. එක්රැස්වීමේ කන්ද මත, පූජනීය කන්ද මුදුනේ මම සිංහාසනාරූධ වන්නෙමි. මම වලාකුළු මුදුනට ඉහළින් නැගී සිටිමි. මම මහෝත්තමයාණන් මෙන් වන්නෙමි, යන්නේ ඔබ ඔබේ හදවතින් කියා ගත්තේය. මෙය සැමවිටම දෙවියන්වහන්සේ වීමට සාතන්ගේ ආශාවයි. ඒව දෙවියන්වහන්සේට අකීකරුවීමට ඒදන් උයනේදී ඔහු යොදාගත් පරීක්ෂාව මෙයයි: "ඔබ දෙවියන්වහන්සේ මෙන් වනු ඇත" (උත්පත්ති 3:5).

එසකියෙල් 28 යනු ලුසිෆර් / සාතන් ගැන සඳහන් කිරීමට සිතන තවත් කොටසකි. නපුරු පිළිම නමස්කාර කරන රජෙකු වන "තීර්හි රජු ගැන විලාප තබන්න" (12 පදය) එසකියෙල්ට දෙවියන්වහන්සේ අණකිරීමත් සමඟ එය ආරම්භ වුවද, එම ඡේදය එම රජු පිටුපස ඇති බලය ගැන සඳහන් වන බව ඉතා ඉක්මනින් පැහැදිලිවේ — එනම් සාතන් බව. 13 වන පදයෙහි ඔහු "දෙවියන්වහන්සේගේ උයනවූ ඒදන්හි" සිටි බව පැහැදිලිය. තීර්හි රජ කවදාවත් ඒදන් උයනේ නොසිටියේය. 14 වන පදයෙහි, "ඔබ භාරකාර කෙරුබ්වරයෙකු ලෙස අභිෂේක කරනු ලැබීය.පෙනෙන විදිහට, ලුසිෆර් / සාතන්ට ස්වර්ගයේ ආරක්ෂක දේව දූතයෙකුගේ ස්ථානයක් "ගිනිමය ගල් අතර" තිබී ඇති අතර, එය දිදුලන වටිනා මැණික් යැයි සිතේ. ස්වර්ගයේ වෙනත් විස්තරවල (නික්මයාම 24:10; එළිදරව් 21:18-21). තීර්හි රජ කිසිවිටෙක ස්වර්ගයේ නොසිටි බැවින් මෙය විස්තර කළ හැක්කේ ලුසිෆර් ගැන පමණි. ඔහු ස්වර්ගයෙන් නෙරපීමට හේතුව සෙසු ඡේදයේ විස්තර කෙරේ. ඔහුගේ අලංකාරය නිසා ඔහුගේ සිත ආඩම්බරවූ අතර ඔහුගේ ප්‍රඥාව දූෂිතවිය (එසකියෙල් 28:17). ඔහුගේ පරිපූර්ණත්වය, ප්‍රඥාව සහ අලංකාරය පිළිබඳ උඩඟුකම (12 පදය) ඔහුගේ පරිහානියේ උල්පත බවට පත්වූ අතර, දෙවියන්වහන්සේ ඔහුව පොළොවට විසි කළේය (17 පදය). ස්වාමීන්වන යේසුස්වහන්සේ මෙය ස්වර්ගයේදි තමන් වහන්සේගේ නැවත නැගිටිමට සාක්ෂි දැරිය. (ලූක් 10:18).

සාරාංශයක් ලෙස, ලුසිෆර් ස්වර්ගයෙන් නෙරපනු ලැබුවේ ඔහුගේ උඩඟු පාපය සහ දෙවියන්වහන්සේ වීමට ඇති ආශාව නිසාය. යේසුස්වහන්සේ සඳහන් කළේ සාතන්ව ස්වර්ගයෙන් නෙරපනු දැකීමයි. එම නිසා ලුසිෆර් සහ සාතන් එක හා සමාන බව අපට නිගමනය කළ හැකිය.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ලුසිෆර් සාතන්ද? ලුසිෆර්ගේ වැටීම සාතන්ව විස්තර කරයිද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න