settings icon
share icon
ප්‍රශ්නය

අපි ලෝකයට ආලය නොකළ යුතුයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


පළමු යොහන් 2:15-16 පවසනවා, "ලෝකයට හෝ ලෝකයේ කිසිම දෙයකට ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔවුන් තුළ නැත. ලෝකයේ සෑම දෙයක් සඳහාම — මාංශයේ රාගය, ඇස්වල රාගය සහ ජීවිතයේ උඩඟුකම පැමිණෙන්නේ පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන්ය." නමුත් යොහන් 3:16 ආරම්භ වන්නේ, "දෙවියන්වහන්සේ ලෝකයට ප්‍රේම කළ නිසාය. ඉතින්, දෙවියන්වහන්සේ ලෝකයට ප්‍රේම කරයි, නමුත් අප එසේ නොවිය යුතුද? පෙනෙන පරස්පරතාව ඇයි?

බයිබලයෙහි, ලෝකය යන වචනයට පෘථිවිය හා භෞතික විශ්වය හැඳින්විය හැකිය (හෙබ්‍රෙව් 1:2; යොහන් 13:1), නමුත් එය බොහෝවිට යොමු දක්වන්නේ දෙවියන්වහන්සේට පටහැනි මානවවාදී ක්‍රමයටය (මතෙව් 18: 7; යොහන් 15:19; 1 යොහන් 4:5). දෙවියන්වහන්සේ ලෝකයට ප්‍රේම කරන බව බයිබලය පවසනවිට, එය යොමු දක්වන්නේ මෙහි ජීවත්වන මනුෂ්‍යයන්ටය (1 යොහන් 4:9). උන්වහන්සේගේ දරුවන් වශයෙන් අප අන් අයට ප්‍රේම කළ යුතුය (රෝම 13:8; 1 යොහන් 4:7; 1 පේත්‍රැස්1:22). යහපත් සමාරිතයාගේ උපමාවෙන් පැහැදිලි වන්නේ අපි ආදරය කළ යුත්තේ කාටද යන්න තෝරා ගැනීමට නොහැකි බවය (ලූක් 10:30-37).

ලෝකයට ආදරය නොකරන ලෙස අපට පැවසූවිට, බයිබලය යොමු දක්වන්නේ ලෝකයේ දූෂිත වටිනාකම් පද්ධතිය ගැනයි. සාතන් මෙලොව දෙවියා වන අතර දෙවියන්වහන්සේට පටහැනිව සාතන්ගේම වටිනාකම් පද්ධතියක් ඇත (2 කොරින්ති 4:4). 1 යොහන් 2:16 සාතන්ගේ ක්‍රමය ප්‍රවර්ධනය කරන දේ හරියටම විස්තර කරයි: මාංසයේ රාගය, ඇස්වලරාගය සහ ජීවිතයේ පුරසාරම් දෙඩීම. සිතාගත හැකි සෑම පාපයක්ම එම නපුරු තුනෙන් සාරාංශ කළ හැකිය; ඊර්ෂ්‍යාව, කාමමිථ්‍යාචාරය, උඩඟුකම, බොරුකීම, ආත්මාර්ථකාමිත්වය එම මූලයන් තුනෙන් වැඩි ලෙස හටගන්නා පලයකි.

ලෝකය යනු අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙනවිට අප අත්හරින දෙයයි. යෙසායා 55:7 පවසනවා දෙවියන්වහන්සේ වෙතට පැමිණීම යනු අපේම මාර්ග සහ සිතුවිලි අත් හැරීමකි. ජෝන් බන්යාන්, "වන්දනාකරුවන්ගේ ප්‍රගතිය" නම් ග්‍රන්ථයේ, ඇදහිලිවන්තයාගේ ස්ථාවරය "ඔහුගේ දෑස් ස්වර්ගයට ඔසවා", "හොඳම පොත්" අතේ තබා ගෙන, "ඔහු පිටුපසින් සිටින ලෝකය" සමඟ සිටගෙන සිටින බව නිරූපණය කරයි (පිටු. 34).

ලෝකය බොහෝවිට පාපයට ප්‍රශංසා කරයි. විනෝදාස්වාද මාධ්‍ය අපව දිරි ගන්වන්නේ පව්කාරයන්ට ඊර්ෂ්‍යා කිරීමට හා මෝඩයන් අපව "සුන්දර මිනිසුන්" සමඟ සංසන්දනය කිරීමටය (හිතෝපදේශ 23:17 බලන්න). බොහෝවිට "තරු" වල ජනප්‍රිය තාවයට හේතුව අපගේ ජීවිත පිළිබඳ අතෘප්තිය අප තුළ ඇවිස්සීමට ඇති හැකියාවයි. දැන්වීම් කරුවන් මේ ලෝකයට ආදරය කිරීමේ අපගේ ස්වාභාවික ප්‍රවණතාවයට ගොදුරුවන අතර බොහෝ අලෙවිකරණ ව්‍යාපාර යම් ආකාරයකින් ඇස්වල රාගය, මාංශයේ රාගය හෝ ජීවිතයේ ආඩම්බරයට ආයාචනා කරයි.

ලෝකයට ආදරය කිරීම යනු ලෝකයේ නිධානයන්, දර්ශනවාදයන් සහ ප්‍රමුඛතා සඳහා කැපවීමයි. දෙවියන්වහන්සේ තම දරුවන්ට පවසන්නේ උන් වහන්සේගේ සදාකාලික වටිනාකම් ක්‍රමයට අනුව ඔවුන්ගේ ප්‍රමුඛතා සකස් කරන ලෙසයි. අප දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා ධර්මිෂ්ධකම "පළමුව සෙවිය යුතුය" (මතෙව් 6:33). ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කිරීමට කිසිවෙකුට නොහැක (මතෙව් 6:24), අපට එකවර දෙවියන්වහන්සේට හා ලෝකයට කැපවිය නොහැක.

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අපි දෙවියන් වහන්සේගේ පවුලට ඇතුළුවන විට, ලෝකයේ දූෂිත ජීවන රටාවෙන් ඉවත්වීමට දෙවියන්වහන්සේ අපට හැකියාව ලබා දෙයි (2 කොරින්ති 5:17). අපි වෙනත් රාජ්‍යයක පුරවැසියන් බවට පත්වෙමු (පිලිප්පි 1:27, 3:20). අපගේ ආශාවන් ස්වර්ගයට හැරෙන අතර, අපි සදාකාලික වස්තුවක් රැස්කිරීමට පටන් ගනිමු (ලූක් 12:33; 1 තිමෝති 6:18-19). සැබවින්ම වැදගත් වන්නේ සදාකාලික බවත්, තාවකාලික නොවන බවත්, ලෝකයට ආදරය කිරීම නවත්වන බවත් අපි තේරුම් ගනිමු.

නොඇදහිලිවන්තයන් කරන ආකාරයට ලෝකයට දිගටම ප්‍රේම කිරීම අපගේ ආත්මික වර්ධනය අඩපණ කර දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා පල රහිත වනු ඇත (මතෙව් 3:8; ලූක් 6:43-45; යොහන් 15:1-8). යොහන් 12:25 හි යේසුස්වහන්සේ මෙම අදහස තවත් පියවරක් ඉදිරියට තැබුවේ, "ඔවුන්ගේ ජීවිතයට ආදරය කරන ඕනෑම කෙනෙකුට එය අහිමිවනු ඇත. මේ ලෝකයේ ඔවුන්ගේ ජීවිතයට වෛරකරන ඕනෑම කෙනෙකුට එය සදාකාල ජීවනය සඳහා තබා දෙනු ඇත" යනුවෙනි. ලෝකයට ආදරය නොකිරීම අපගේ ජීවිතයටද විහිදේ. යේසුස්වහන්සේ පැවසුවේ අප උන්වහන්සේට වඩා වැඩි යමක් ප්‍රේම කරන්නේ නම්, අපි උන්වහන්සේට සුදුස්සෙකු නොවන බවයි (මතෙව් 10:37-38).

පොදුවේ ගත් කල, බයිබලයෙහි ලෝකය යන වචනයෙන් අදහස් කරන්නේ සාතන් විසින් පාලනය කරනු ලබන නපුරු ක්‍රමයයි. එය අපව දෙවියන් වහන්සේව නමස්කාර කිරීමෙන් ඉවත් කරයි. ජෝන් කැල්වින් පැවසුවේ "මිනිස් හදවත පිළිම කර්මාන්ත ශාලාවක්" යනුවෙනි. අපට ඕනෑම දෙයකින් පිළිම සෑදිය හැකිය. දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා දෙවියන්වහන්සේ විසින් නොතැබූ අපගේ හදවතේ ඇති ඕනෑම ආශාවක් පිළිමයක් බවට පත්විය හැකිය (1 කොරින්ති 10:31). ලෝකයට ප්‍රේම කිරීම රූප වන්දනාවකි (1 කොරින්ති 10:7, 14). එබැවින්, ලෝක ජනයාට ප්‍රේම කරන්නැයි අපට අණකර ඇති අතර, අපගේ ඉහළම සෙනෙහස සඳහා දෙවියන්වහන්සේ සමඟ තරඟ කරන ඕනෑම දෙයක් ගැන අප පරෙස්සම්විය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපි ලෝකයට ආලය නොකළ යුතුයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries