අප සැබවින්ම පාපය ද්වේශ කර පව්කාරයාට ප්‍රේම වන්නේද?



ප්‍රශ්නය: අප සැබවින්ම පාපය ද්වේශ කර පව්කාරයාට ප්‍රේම වන්නේද?

පිළිතුර:
බොහෝ කිතුනුවන් මෙම පදයට, එනම් පව්කාරයාට ප්‍රේම වීම හා පාපය ද්වේශ කිරීම යන පදය තුළ තම ඡීවිතය ගැටෙයි. අසම්පූර්ණ මිනිසුන් ලෙස ඡීවත් වන අපට සම්පූර්ණ වන පිණිස මෙය අපට මහඟු ආදර්ශයකි. ප්‍රේම කිරීම හා ද්වේශ කිරීම තුළ දෙවියන් වහන්සේ හා අප අතර ඉතා විශාලවූ බැම්මක් හෙවත් වෙනස්කමක් ඇත. කිතුනුවන් ලෙස වූවත් අප මනුෂ්‍යත්වයෙන් සමහර විට සර්වසම්පූර්ණ නොමැති අවස්ථාවල අපට ප්‍රේමය හරියාකාරව සිදු කිරීමට නොහැකිය. අපට කිසිම දෙයක් හරියාකාරව ද්වේශ කිරීමටද නොහැකිය. නුමුත් දෙවියන් වහන්සේට මේ දෙකම හරියාකාරව කිරීමේ හැකියාව ඇත්තේ උන් වහන්සේ දෙවියන් වහන්සේ නිසාවෙනි. මොන යම් හෝ පාපකාරී අදහසකින් තොරව දෙවියන් වහන්සේට කෙනෙකුව ද්වේශ කළ හැක. එබැවින් දෙවියන් වහන්සේ පාපය ද්වෙිශ කරනමුත් පවිකාරයාට සදා ප්‍රේම කරන හා ඔහුට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන වෙනසකට ලක් කිරීමෙන් උන් වහන්සේ පව්කාරයාගේ හැරීම හා ඇදහිල්ලෙහිදී පව් වලට කමාව දීමට සමත්ය (මලාකි1:3, එළිදරව් 2:6, 2 පේත්‍රැස් 3:9).

බයිබලය අපට පැහැදිලිව උගන්වන්නේ දෙවියන් වහන්සේ ප්‍රේමය බවයි.1 යොහාන් 4:8-9 පවසන්නේ ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නොහඳුනයි. මක්නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමයයි. මේ ආකාරයට දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ආදරය අපට පෙන්වූසේක: දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ඒකඡාතක පුත්‍රයාව මේ ලෝකයේ මිනිසා සමඟ වැඩ වසමින් ඡීවත් වීමට එවූ සේක. පුදුම වූ එහෙත් සත්‍ය වූ දෙය නම් දෙවියන් වහන්සේට එකම මිනිසාට දරාගත නොහැකි වූ ප්‍රේමයක් හා ද්වේශ කිරීමක් ලැබීමයි. එනම් උන් වහන්සේ විසින් මවා වදාළ මිනිසෙකුට සේ ආදරය කිරීමට හා මුදවා ගැනීමට දෙවියන් වහන්සේට ඇති හැකියාව හා ඔහුගේම පාපකාරී හා නොඇදහිලිකාර ඡීවිතය ද්වේශ කිරීමටද දෙවියන් වහන්සේ සමත්ය. අප අසම්පූර්ණ මිනිසුන් ලෙස මෙය කිරීමට හැකියාවක් අප තුළ නොමැත. නුමුත් අප සැමවිටම සිහියේ තබා ගත යුත්තේ පාපය ද්වේශ කිරීමත්, පව්කාරයාට ප්‍රේම කිරීම යන්නයි.

සැබවින්ම මෙය ක්‍රියාවට දැමිය යුත්තේ කෙසේද? අපට පාපකාරී දෙයක් පෙනෙන විට අප එය ද්වේශ කර, පාපය ප්‍රතික්ශේප කර ද්වේශ කරයි. පාපය යනු ද්වේශ කළ යුතු හා සුළුවට නොගත යුතු හා නිදහසට කරුණු නොමැති කාරණාවකි. අප පව්කරුවන්ට ආලය කළ යුත්තේ පාපය ද්වේශ කරමින් හා විශ්වාසවන්තව සිටීම තුළින් තම සාක්ශිය ගොඩනගා ගැනීම හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් තමාගේ සියළු පාපයට කමාව ලැබෙන බවය. සැබෑ ප්‍රේමය නම් තම සොහොයුරා ඡීවත් වන රටාව හා ක්‍රමය ද්වේශ කරමින් ඔවුන්ට ආදරයෙන් හා ගෞරවයෙන් යුක්තව පිළිගෙන සැළකීමයි. එම මිනිසාව පාපයේ ඇලී ගැලී තබා ගැනීම සැබෑ ආදරය නොවෙයි. සැබවින්ම එම මිනිසාගේ පාපකාරී ස්වභාවය පෙන්වාදීම ද්වේශ සහගත නොවේ. සැබවින්ම අප කළ යුත්තේ විරුද්ධ දෙයයි. අප පව්කාරයාට ආදරය කළ යුත්තේ සත්‍ය, ප්‍රේමය තුළින් කථා කරමින්ය. අප පාපය ද්වේශ කළ යුත්තේ එය අල්ලාගැනීම හා එයට පක්ෂපාතීව නිදහසට කාරණා ඉදිරිපත් නොකිරීමෙනි.



නැවතත් සිංහල මුල් පිටුවට



අප සැබවින්ම පාපය ද්වේශ කර පව්කාරයාට ප්‍රේම වන්නේද?