settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය නම් කුමක්ද?

පිළිතුර


මුඛ්‍ය පදය වන "ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය" යන පදය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ප්‍රේමය යන පදයට හරස් පදයක් වුවද එහි යොමුව වන්නේ මනුෂ්‍ය සංහතිය කෙරෙහි ඇති එතුමාගේ ප්‍රේමයයි. එතුමාණන්ගේ ප්‍රේමය කෙටියෙන් සඳහන් කළහොත්, එනම් කෙතරම් විශාල මිලයක්, තමන් සතු සියල්ල ගෙවීමට සිදු වුවත් අප ඉතා ආශා කරණ දේවල්, අපගේ අත්‍යාවශ්‍ය දේවල් සැපයීම වැනි අප එතුමාගෙන් ලබන්නට කිසිදු සුදුසු කමක් නොවුවත් එය උදෙසා ක්‍රියා කිරීමට ඇති කැමැත්තය.

එතුමා ස්වභාවයෙන්ම දෙවියන් වහන්සේ වුවද, පටන් ගැන්මේ සිට පියවූ දෙවියන් වහන්සේ සමග (යොහාන් 1:1) හා ශුද්ධ ආත්මයාණන් වහන්සේ සමඟ සිටි සේක. මිනිසෙකු වීම සඳහා ස්වකැමැත්තෙන් සිහසුන අත්හරිනු ලැබුයේ (යොහාන් 1: 1-14) සදාකාළ ගිනිවිලෙහි (එළිදරව් 20:11-15) අපට ගෙවීමට තිබූ දඬුවමෙන් අප මුදවාලන්නට පාපයේ දඬුවම එතුමා ගෙවන පිණිසය. අපගේ පාපයන්හි මිලය එතුමා අප උදෙසා ගෙවූ බව අප පිළිගන්නා විට ධර්මිෂ්ඨවූ ශුද්ධවූ පාප රහිත අපගේ ගැලවුම්කරුවාණන්ට අපට සමාව දිය හැකි වන්නේ, එතුමා මනුෂ්‍ය සංහතියේ පාපයේ මිල ගෙවන ලද හෙයින්ය (රෝම 3:21-26). තවදුරටත් එතුමාගේ ප්‍රේමය විදහා දක්වනු ලබන්නේ, නමස්කාරය හා ගෞරවය ලබන්නට යුතුවූ එතුමාණන් එසේ ලබමින් සිටි තමන්ගේ නිවස වන ස්වර්ගය අතහැර, තුන් වෙනිදා මළවුන් ගෙන් නැඟිටවනු ලබන්ටත්, අපගේ පාපයේ දඬුවම කුරුසිය මත ගෙවනු ලබන්ටත්, නින්දා කරනු ලැබ, පාවා දෙනු ලැබ, පහර කන්නටත් මිනිසෙකු ලෙස පොළොවට වැඩිය සේක. තමන්වහන්සේගේ සුව පහසු ජීවිතයට වඩා අපගේ පාපයේ අඬුවමෙහි මිලය ගෙවන්ට ගැලවුම්කරුවෙකු අවශ්‍ය බව එතුමාණෝ ඉතා වැදගත් කොට සැළකු සේක (පිලිප්පි 2:3-8).

සමහරවිට තමන්ගේ වටිනා ලෙස සැළකෙන මිතුරෙකුට, නෑදෑයෙකුට හෝ යහපත් යයි නම් ලත් පුද්ගලයෙක් උදෙසා දිවි පිදිය හැකිය. නුමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඉන් ඔබ්බට ගමන් කරයි. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය විදහා දැක්වෙන්නේ එතුමාගේ ප්‍රේමය ලබන්ට නොවටිනාම පුද්ගලයන් වෙතටයි. තමන්වහන්සේගේ ප්‍රේමය ලබන්ට නොවටිනාම පුද්ගලයන් වන, තමන්වහන්සේට වධ දුන්නාවූ, වෛරකළාවූ, විරුද්ධව කැරළි ගැසුවාවූ, කිසිම අවස්ථාවක තමන් නොසැළකුවාවූ අය කෙරෙහි විය (රෝම 5: 6-8).

කුරුසිය මත එතුමාණන් ප්‍රදර්ශණය කරණ ලද ප්‍රේමය, එහි ආරම්භයයි. ගැලවුම්කරු ලෙස අපගේ විශ්වාසය එතුමා මත තැබූ කළ, අපව දේව දරුවන් කරගන්නා අතර අපි එතුමාගේ හවුල් උරුමක්කාරයෝ වන්නෙමුව. කිසිදිනක අපව අත් නොහරින බවටත් ප්‍රතික්‍ෂේප නොකරන බවට; පොරොන්දු දෙමින් ශුද්ධ ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන අප තුළ වාසය කරණ පිණිස එතුමා අප තුළට පිවිසේ (හෙබ්‍රෙව් 13:5-6). එතැන් පටන් ප්‍රේමණිය සහකරුවෙකු අපගේ ජීවතයේ වේ. කුමන ආකාරයේ පසුබිමක් තුළ අප සිටියත්, එතුමාණන් වහන්සේ අප සමගය. එතුමාගේ ප්‍රේමය අප සමගය (රෝම 8: 35). නුමුත් එතුමාණන් වහන්සේ ස්වර්ගයෙහි නීත්‍යානුකුලව, ත්‍යාගශීලී / දයාබර දෙවියන් වහන්සේ සේ රජකම් කරණ බැවින් අපගේ ජීවිතයේදී පවා සහකරුවකු / මිතුරෙකු ලෙස නොව ස්වාමියා ලෙසඑතුමා ලබන්ට යුතුවූ / යෝග්‍ය වූ ස්ථානය අපි එතුමාට දිය යුතු වෙමූ. එවිට පමණක් එතුමාගේ මුළු ප්‍රේමය තුළ එතුමා බලාපොරොත්තතු වන අප ගතකළ යුතු ජීවිතය අපගේ දිවිය තුළ අපට අත් දකින්ට හැකිවනවා ඇත (යොහාන් 10:10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries