settings icon
share icon
ප්‍රශ්නය

ඔබේ මුළු හදවතින්, ආත්මයෙන්, බුද්ධියෙන් හා ශක්තියෙන් ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


"ඉශ්‍රායෙල්වරුන්, සවන් දෙන්න, අපේ දෙව් සමිඳාණන්වහන්සේ එකම දෙවියන්වහන්සේය. ඔබේ දෙව් සමිඳාණන්වහන්සේට ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු ආත්මයෙන් හා ඔබේ මුළු ශක්තියෙන් ප්‍රේම කරන්න" (දිවීතීය කථාව 6:4-5). මෙය හෙබ්‍රෙව් බසින් "අසන්න" යන පළමු වචනයෙන් ගත් ෂෙමා ලෙස හැඳින්වේ. නූතන යුදෙව්වන් සවස සහ උදේ ෂෙමා පාරායනය කිරීම ඔවුන්ගේ අතිශයින්ම පරිශද්ධ යුතුකමක් ලෙස සලකති. එය යේසුස්වහන්සේ විසින් "ව්‍යවස්ථාවේ ශ්‍රෙෂ්ඨතම ආඥාව" ලෙස සඳහන් කර ඇත (මතෙව් 22:36-37).

මෙම අණට කීකරු විය නොහැකි බව පෙනේ. එයට හේතුව මිනිසාගේ ස්වභාවික තත්වය තුළ එය කළ නොහැකි බැවිනි. මෙම ආඥාවට වඩා දෙවියන්වහන්සේ වඩා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වීමට මිනිසාට ඇති නොහැකියාවට වඩා විශාල සාක්‍ෂි නොමැත. ඇදවැටුණු ස්වභාවයක් ඇති කිසිම මිනිසෙකුට දවසේ පැය විසි හතර පුරාම දෙවියන් වහන්සේට මූළු හදවතින්ම, ආත්මයෙන් හා ශක්තියෙන් ප්‍රේම කළ නොහැකිය. එය මානව වශයෙන් කළ නොහැකිය. නමුත් දෙවියන්වහන්සේගේ ඕනෑම ආඥාවකට අකීකරුවීම පාපයකි. එමනිසා අප දිනපතා කරන පව් ගැන නොසිතා, මෙම එක ආඥාවක් ඉෂ්ඨ කිරීමට අපොහොසත්වීම අපි හෙළා දකිමූ. පරිසිවරුන්ට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීමට ඇති නොහැකියාව ගැන යේසුස්වහන්සේ දිගින් දිගටම මතක් කළේ මේ හේතුවෙනි. එතුමාණන් උත්සාහ කළේ ඔවුන්ගේ සම්පූර්ණ අධ්‍යාත්මික බංකොලොත් භාවය සහ ගැළවුම්කරුවෙකු සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය පෙන්වා දීමටය. උන්වහන්සේ සපයන පාපය පවිත්‍ර කිරීමකින් තොරව, සහ මිදීම ලත් අයගේ හදවත් තුළ ජීවත්වන ශුද්ධාත්මායාණන් වහන්සේගේ සවිබල ගැන්විම නොමැතිව, දෙවියන්වහන්සේට කිසිසේත් ප්‍රේම කිරීම කළ නොහැකිය.

නමුත් කිතුනුවන් වශයෙන්, අප පාපයෙන් පවිත්‍රවී ඇති අතර අපට ආත්මයාණන්වහන්සේ ඇත. ඉතින් අපි දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම පටන් ගන්නේ කෙසේද? මාර්ක් 9:24 හි සිටින මිනිසා තමාගේ අවිශ්වාසයට උපකාර කරන ලෙස ඉල්ලා සිටියා සේම, අපගේ මුළු හදවතින්, ආත්මයෙන්, බුද්ධියෙන් හා ශක්තියෙන් අප එතුමාණන්ට ප්‍රේම නොකරන ස්ථානවල අපට උපකාර කරන ලෙස දෙවියන්වහන්සේ ගෙන් ඉල්ලා සිටිය හැක. කළ නොහැකිදේ කිරීමට අපට අවශ්‍ය වන්නේ උන් වහන්සේගේ බලය වන අතර, අප ආරම්භ කරන්නේ එම බලය සෙවීම සහ අත්පත් කර ගැනීමෙනි. බොහෝ අවස්ථා වලදී දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය හා සෙනෙහස කාලයත් සමඟමවේ. අලුතෙන් ගලවා ගත් තරුණ කිතුනුවන් දෙවියන්වහන්සේට ඇති ප්‍රේමය හා උන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය ගැන බොහෝ දේ දනිති. එහෙත් අරගල හා පීඩාකාරී කාලවලදී දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම පිළිබඳ සාක්‍ෂිය තුළින් වඩාත් වර්ධනය වේ. කාලයාගේ අවෑමෙන්, උන් වහන්සේගේ දයානුකම්පාව, දයාව, කරුණාව, සහ අප කෙරෙහි ඇති ප්‍රේමය මෙන්ම පාපය කෙරෙහි උන්වහන්සේගේ වෛරය, උන්වහන්සේගේ ශුද්ධකම සහ ධර්මිෂ්ඨකම අපට දැක ගත හැකිය. අප නොදන්නා කෙනෙකුට අපට ප්‍රේම කළ නොහැක. එබැවින් උන්වහන්සේව දැන ගැනීම අපගේ ප්‍රමුඛතාව විය යුතුය. දෙවියන්වහන්සේ සහ එතුමාණන්ගේ ධර්මිෂ්ඨකම පසුපස හඹායන අය, අන් සියල්ලන්ටම වඩා උන් වහන්සේට ප්‍රේම කරන්න යන ආඥාව බැරෑරුම් ලෙස සලකන අය, දෙවියන්වහන්සේගේ දේවලින් පරිභෝජනය කරන අයය. ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය හැදෑරීමට උනන්දු වෙති. යාච්ඤාවට උනන්දුවෙන් සහ සෑම දෙයකටම දෙවියන් වහන්සේට කීකකරුවීම, හා ගෞරව කිරීමට උනන්දුවෙන් සිටින අතර, යේසුස් වහන්සේව අන් අය සමඟ බෙදා ගැනීමටද උනන්දු වෙති. දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය වර්ධනය වී දෙවියන්වහන්සේගේ මහිමයට පරිනත වන්නේ මෙම අධ්‍යාත්මික විෂයයන් තුළින්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබේ මුළු හදවතින්, ආත්මයෙන්, බුද්ධියෙන් හා ශක්තියෙන් ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries