settings icon
share icon
ප්‍රශ්නය

මට ආදරය කළ කෙනෙකුව මරණයට පත් වූ විට මට සැනසිල්ල හා සාමය ලැබෙන්නේ කෙසේද?

පිළිතුර


ඔබ ආදරය කළ කෙනෙකුව මරණයට පත් වු විට, එය වේදනාකාරී අත්දැකීමක් බව ඔබ දන්නවා. තම හදවතට කිට්ටු කෙනෙකු අහිමිවීමේ වේදනාව යේසුස්වහන්සේ තේරුම් ගත්තා. යොහන් තුමාගේ පොතේ යොහන් (11:1-44), ලාසරුස් නම් ප්‍රේමණීය කෙනෙකුව යේසුස්වහන්සේට අහිමිවූ බව අපට දැනගන්නට ලැබුණා. තම මිතුරාගේ වියෝව ගැන යේසුස් වහන්සේ දැඩි සේ වේදනාවට පත් විය. කෙසේ වෙතත්, මෙම කතාව කඳුළු වලින් අවසන් නොවිය. ලාසරුස්ව මළවුන්ගෙන් නැඟිටුවීමට අවශ්‍ය බලය තමා සතුව ඇති බව යේසුස්වහන්සේ දැන සිටියේය. "යේසුස් වහන්සේ: නැවත -නැගිටිමද ජිවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නමුත් ජිවත්වන්නේය." (යොහන් 11:25). යේසුස් වහන්සේගේ උත්ථානය තුළින් මරණය ජය ගත්තේය. විශ්වාස කරන්නන්ට මරණය අවසානයක් නොවන බව දැන ගැනීම සැනසිල්ලකි. යේසුස්වහන්සේව ගැලවුම්කරුවාණන් ලෙස හඳුනන අයට සදාකාල ජීවනය ලැබේ (යොහන් 10:28). දෙවියන්වහන්සේ අපට නව වාසස්ථානයක් පිලියෙල කරන අතර එහි තවත් අපට මරණයවත්, හැඩිමවත් හෝ වේදනාවවත් නොවන බවයි. (එළිදරව් 21:1-4).

අපගේ ආදරණීයයා වඩා හොඳ තැනක සිටින බවට අපට සහතික වුවද, ඔවුන් තවමත් මිහිපිට නොසිටීමේ වේදනාව අපට අත්විඳිය හැකිය. ඔබේ ආදරණීයයාගේ වියෝව ගැන ශෝක වීම කමක් නැත. ලාසරුස්ගේ මරණය ගැන යේසුස්වහන්සේ හැඩු සේක. උන්වහන්සේ ලාසරුස්ව නැවත ජීවනයට ගෙන එනු ඇතැයි දැන සිටියේය. දෙවියන්වහන්සේ අපගේ හැඟීම්වලට හෝ අපගේ ප්‍රශ්න වලට බිය නැත. අපට උන්වහන්සේ මත අපගේ බර පැටවිය හැකි අතර අපට සැනසිල්ල හා සැනසීම ලබා දීම සඳහා උන්වහන්සේගේ ප්‍රේමය කෙරෙහි විශ්වාසය තැබිය හැකිය (1 පේත්‍රැස් 5:7). අපට අහිමි වූ අපගේ ආදරණීයයන් පිළිබඳ බොහෝ යහපත් දේ මතක තබා ගත හැකි අතර ඔවුන්ගේ ජීවිතවල හවුල් වීමට අපට හැකිවීම ගැන සතුටු වන්න. අපගේ අහිමි වූ ආදරණීයයන් අපගේ ජීවිතයට ඇති කර ඇති බලපෑම පිළිබඳ කථා අපට බෙදා ගත හැකිය. අපගේ අහිමි වූ ආදරණීයයන් විශේෂයෙන් භුක්ති විඳි සමහර දේවල් කිරීම හෝ අපගේ සමීපතම ඥාතින් හා මිතුරන් සමඟ අපගේ නැතිවූ ආදරණීයයන් සිහිපත් කිරීමට කාලය ගත කිරීම අපට සැනසීමක් විය හැකිය. දෙවියන්වහන්සේට ගෞරවය හා මහිමය ගෙන දෙන අයුරින් අපගේ ජීවිත ගත කිරීමෙන් ඔවුන්ගේ මතකයට ගරු කළ හැකිය.

අපගේ සැනසිල්ලේ උල්පත දෙවියන්වහන්සේ බව මතක තබා ගැනීම වැදගත්ය (2 කොරින්ති 7:6). අපගේ අහිමි වූ ආදරණීයයන් සිහිපත් කිරීම සහ අපගේ ජීවිත කෙරෙහි ඔවුන්ගේ බලපෑමට ගරු කිරීම හොඳ දෙයක් වුවත්, නැතිවූ ආදරණීයයන්ට යාච්ඤා කිරීම හෝ ඔවුන්ට කිසිම ආකාරයකින් නමස්කාර කිරීම නොකළ යුතු බව බයිබලය පැහැදිලිය. ඒ වෙනුවට, අපි අපගේ යාච්ඤා දෙවියන්වහන්සේ වෙතට ගෙනැවිත් සැනසිල්ල හා සුවය ඉල්ලා සිටිමු. දෙවියන්වහන්සේ දයාවේ පියා බවත් අපගේ සියලු පීඩා වලදී උන් වහන්සේ අපව සනසනු ඇති බවත් බයිබලය අපට පවසයි (2 කොරින්ති 1:3-4). දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරන බවත් ඔබ කොතරම් වේදනාවක් විදිනවද යන්න උන්වහන්සේ තේරුම් ගන්නා බවත් සහතික වන්න. මහෝත්තමයාණන්ගේ වාසස්ථානය වෙතට දුවන්න, එහිදී ඔබට මිහිරි විවේකයක් ලැබෙනු ඇත (ගීතාවලිය 91:1-2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මට ආදරය කළ කෙනෙකුව මරණයට පත් වූ විට මට සැනසිල්ල හා සාමය ලැබෙන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries