settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකුට ගැලවීම අහිමිකර ගත හැකිද?

පිළිතුර


මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර “කිතුනුවා” යන වචනය පැහැදිලි කළ යුතුය. “කිතුනුවා” යන්න යාච්ඤාවක් කරපු පුද්ගලයෙකු හෝ වෙන්ව ගමන් කරන්නාවූ පුද්ගලයෙකු හෝ කිතුනු පවුලක වැඩුනු කෙනෙකු නොවේ. මේ සෑම දෙයක්ම කිතුනු අත්දැකීම් වලට අදාලවූවක් ඒවායින් “කිතුනුවකු” ගොඩ නොනැගේ. කිතුනුවකු නම් ඇදහිල්ලෙන් පිළිගන්නාවූ සම්පූර්ණයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එකම ගැළවුම්කරුවා හැටියට (යොහන් 3:16; ක්‍රියා 16:31; එපීස 2:8-9).

මේ අදහස මනසේ තබාගෙන, කිතුනුවකුට ගැලවීම අහිමිවිය හැකිද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නම් නියත වශයෙන්ම බයිබලයේ මේ පිළිබඳව (ගැලවීම) සඳහන් කරන්නේ කුමක්ද යන්න බැලිය යුතුය. එසේම ගැලවීම අහිමිවීමේ ප්‍රතිඵලය ගැන අවධානය යොමු කළ යුතුය. මෙන්න උදාහරණ කිහිපයක්:

කිතුනුවකු අළුත් මැවිල්ලකි. “එබැවින්, යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අළුත් මැවිල්ලක්ය, පරණදේ පහව ගියේය, මෙන්න සියල්ල අළුත්ව තිබේ” (2 කොරින්ති 5:17). මේ පදයෙන් පවසන්නේ මනුෂ්‍යයෙකු සම්පූර්ණයෙන්ම අළුත් ජීවිතයක් වෙනවා ඔහු “ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටීමේ” ප්‍රතිඵලයක් ලෙසට. කිතුනුවකුට ගැලවීම අහිමි වීමට නම් අළුත් මැවිල්ල අවලංගු හෝ ආපස්සට ගත යුතු වේ.

කිතුනුවකුව මුදවාගෙන ඇත. “මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිශ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන්, රිදී වැනිවූ දිරායහ දේවල් කරණකොටගෙන නොව, කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගි ලෙස කරණකොටගෙන” (1 පේත්‍රැස් 1:18-19). “මුදවා ගැනීම” යන වචනය, මිලදී ගැනීමක් සිදුව ඇත, මිලයක් ගෙවා ඇත. කිතුනුවකුට ගැලවීම අහිමිවීමට නම් දෙවියන් වහන්සේටම සිදු වෙනවා යේසුස් වහන්සේගේ ලේ කරණකොට උන් වහන්සේ කරපු ලේ මිලදී ගැනීම කඩකිරීමට හෝ අවලංගු කිරීමට සිදුවේ.

කිතුනුවකු නිදොස් / ධර්මිෂ්ඨ කර ඇත. “එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානය ඇතිව සිටිමු” (රෝම 5:1). නිදොස් යැයි පැවසීම “ධර්මිෂ්ඨ යැයි පැවසීම” යේසුස් වහන්සේව ගැළවුම්කරුවා හැටියට පිළිගන්නා සියලු දෙනාට දෙවියන් වහන්සේ විසින් “ධර්මිෂ්ඨ යැයි” ප්‍රකාශ කර ඇත. කිතුනුවකුට ගැලවීම අහිමි කර ගැනීමට, දෙවියන් වහන්සේට තම වචනයෙන් ආපසු හැරෙන්න සිදු වෙනවා “ප්‍රකාශ නොකළ ලෙස” පෙර ප්‍රකාශයට පත් කළ දේ.

කිතුනුවකුට සදාකාල ජීවන පොරොන්දුව ඇත. “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනට විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3:16). සදාකාල ජීවනය සදාකාලික පොරොන්දුවකි (සදහටම) ස්වර්ගයේ දෙවියන් වහන්සේ සමග සිටීමට. දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා “විශ්වාස කරන්න එවිට ඔබට සදාකාල ජීවනය ලැබේ.” කිතුනුවකුට ගැලවීම අහිමිවීමට සදාකාල ජීවිතය ඉවතට ගත යුතු වේ. කිතුනුවකුට සදාකාලික ජීවිතය පොරොන්දුව ලැබී ඇත්නම් දෙවියන් වහන්සේට කෙසේද හැකි වන්නේ ඒ පොරොන්දුව කැඩීමට?

කිතුනුවකුට මහිමවත්වීම සහතික කර ඇත. “පූර්වයෙන් නියම කළවුන් උන් වහන්සේ කැඳවාගත් සේක. කැඳවාගත්තවුන් උන් වහන්සේ ධර්මිෂ්ඨ කළ සේක. ධර්මිෂ්ඨ කළ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක (රෝම 8:30). අප රෝම 5:1 හී ඉගෙන ගත් පරිදි නිදොස් කරීම ප්‍රකාශයට පත් කරන්නේ ඇදහිල්ලේ අවස්ථාවේදීය. රෝම 8:30 ට අනුව මහිමත්වීම සනාථවන්නේ දෙවියන් වහන්සේ විසින් නිදොස් යැයි පවසන සියල්ලට. මහිමවත්වීම තුළින් අදහස් කරන්නේ කිතුනුවකුට සම්පූර්ණ උත්ථානවූ ශරීරයක් සවර්ගයේදී හිමිවන බවයි. කිතුනුවකුට ගැලවීම අහිමිකර ගත හැකි නම් රෝම 8:30 වැරදි වෙනවා, මක්නිසාද දෙවියන් වහන්සේ මහිමවත්වීම සනාථ කරන්න උන් වහන්සේ පෙර නියම කළ, කැඳවූ, හා නිදොස් කළ සියලු දෙනාම.

තවත් බොහෝ උදාහරණ / උපමා ඇත ඇදහිල්ල බෙදාගත හැකි බවටත්, මින් ඉතාමත් පැහැදිලි වෙනවා කිතුනුවකුට ඇදහිල්ල නැති කරගත නොහැකි බවට. බොහෝමයක් නැතහොත් සියලුදෙනා බයිබලයේ පවසන දේ අප තුළ සිදුවෙනවා. අප ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් මොහොතේ සියල්ල අවලංගු විය හැක ගැලවීම නැතිවිය හැකි නම්. ගැලවීම ආපස්සට ගත කොහැක. කිතුනුවකුව පරණ ලෙස මැවිය නොහැක. මිදීම නැති කළ නොහැක. සදාකාල ජීවනය නැතිකර තවත් සදාකාලිකව පැවතිය නොහැක. කිතුනුවකුට ගැලවීම අහිමිවිය හැකි නම් දෙවියන් වහන්සේට උන් වහන්සේගේ වචනයෙන් ආපස්සට යන්ට වෙනවා එසේම උන් වහන්සේගේ මනස වෙනස් කළ යුතු වෙනවා. ඒ කරුණු දෙක දෙවියන් වහන්සේ කිසිදා නොකරන බව බයිබලයේ පවසයි.

කිතුනුවකුට ගැලවීම අහිමිවිය නොහැකිය යන්නට විරුද්ධව බොහෝවිට නැගෙන ප්‍රශ්න කිහිපයක් වන්නේ 1) කිතුනුවන් වී තවමත් සදාචාරාත්මක ජීවිතයක් ගත නොකරන අය ගැන කුමක්ද? 2) කිතුනුවන්වී සිට පසුව යේසුස් වහන්සේව එපා කරන අය පිළිබඳව. මේ දෙක පිළිබඳව සිතන විට පැනනැගෙන ප්‍රශ්නය නම් “කිතුනුවන්” යනු කව්ද? බයිබලයේ පවසනවා සැබෑ කිතුනුවකු වැරදි ජීවිතය තුළ දිගටම නොපවතින බවට (1 යොහන් 3:6). බයිබලයේ පවසනවා ඇදහිල්ලෙන් ඉවත්වන කවුරු නමුත් ඔහු කිසිදා සැබෑ කිතුනුවකු වී නොසිටිය බව පෙන්නුම් කරන බව (1 යොහන් 2:19). එමනිසා, කිසිම විටක ඉහත විරෝධතා වලංගු නොවේ. කිතුනුවකු කිසිම විටක පාපය තුළ නොපවතී. එසේම ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව එපා කරන්නේද නැත. එවැනි ක්‍රියා කරන්නෝ කිසිම විටක ගැලවී නැත.

නැත, කිතුනුවකුට ගැලවීම අහිමි කරගත නොහැක. කිසිදෙයකට බෑ කිතුනුවකුව දේව ප්‍රේමයෙන් වෙන් කරන්න (රෝම 8:38-39). දෙවියන් වහන්සේගේ අතින් කිතුනුවකුව ගලවා ගන්න කිසිවෙකුට බෑ (යොහන් 10:28-29). දෙවියන් වහන්සේට කැමති හා හැකියාව තිබෙනවා ගැලවීම නඩත්තු සනාථ කිරීමට / ස්තීර කිරීමට. උන් වහන්සේ අපට දී ඇත යූද් 24-25, “ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්‍ෂා කරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්තවූ, අප‍ෙග් ගැළවුම්කාරවූ එකම දෙවියන් වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්වයද පරාක්‍රමයද බලයද සියලු කාල වලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලෙටත් වේවා! ආමෙන්.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකුට ගැලවීම අහිමිකර ගත හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries