settings icon
share icon
ප්‍රශ්නය

උත්පත්තියේ සඳහන් මිනිසුන් එතරම් දීර්ඝ ජීවිතයක් ජීවත් වූයේ ඇයි?

පිළිතුර


උත්පත්තියේ සඳහන් මිනිසුන් එතරම් දීර්ඝ කාලයක් ජීවත් වීම සැබැවින් අභිරහසකි. දේවධර්මාචාර්‍යවරුන් බොහෝ ඉදිරි පත් කිරීම් උත්පත්ති 5 හී සඳහන් පරම්පරාව සඳහන් කරනවා ආදම්ගෙන් පැවත එන දේව භක්තික පරම්පරාව-එම පරම්පරාව මෙසියස් වහන්සේ අවසානයේදී පැමිණියේ එම පරම්පරාවෙන්. දෙවියන් වහන්සේ මේ පරම්පරාවට දීර්ඝ ආයුෂින් ආශීර්වාද කළා ඔවුන්ගේ දේව භක්තිවන්ත කම හා කීකරුකම නිසා. මෙය සිදුවිය හැකි පැහැදිලි තේරුම් කර දීමක් වන අතර, බයිබලය දැන් විශේෂයෙන් උත්පත්ති 5 හී සඳහන් පරම්පරාවෙන් දීර්ඝ ආයු කාලය සීමා කරයි. ඉදිරියටත් ඒනොක්ට (ඊනොක්ට) අමතරව උත්පත්ති හී සඳහන් අය විශේෂ දේව භක්තියක් ඇති අය ලෙසට හඳුන්වනු නොලබයි. එහි සඳහන් පරිදි එම කාලයේ සිටි මිනිසුන් අවුරුදු සියය ඉක්මවා ජීවත්ව ඇති බවයි. බෙහෝ කරුණු මේ දෙසට යොමු වේ.

උත්පත්ති 1:6-7 හී ඉහලින් ඇති ජලය ප්‍රදේශය පිළිබඳ කථා කරයි. ජලය විශාල ප්‍රමාණයක් පොළව වට කරගෙන සිටී. එවැනි ජලය සේසතක් හරිතාගාරයක් බලපෑමක් ඇති වේ. එයින් දැන් ඇතිවන විකිරණය පොළවට ලැබීම වලකින්නට ඉඩ තිබුණි. මෙයින් ප්‍රතිඵල වශයෙන් ජීවත්වීමට අනර්ග කොන්දේසි තිබෙන්ට ඇත. උත්පත්ති 7:11 පවසන පරිදි ජල ගැල්ම කාලයේදී ජලය සේසත පොළව මත පතිත විය, එම ජීවන කොන්දේසි අවසාන කරයි. ජල ගැල්මට පෙර ජීවන රටාව ගැන සංසන්ධනය කරන කළ (උත්පත්ති 5:1-32) ජල ගැල්මට පසු සිටි අය (උත්පත්ති 11:10-32). ජල ගැල්මෙන් පසු, ජීවිත කාල ඉබේටම අඩුවිය.

මැවීමට පසු සිටි පළමු පරම්පරාව ගැන තවත් සැලකිය යුතු කරුණක් නම්, මිනිස් සංහතිය සුළු අඩුපාඩු සමග ඉදිරියට ගියා. ආදම් හා ඒව මවන ලද්දේ සම්පූර්ණ අය ලෙසට. ඔවුන්ට ලෙඩ රෝග වලින් දැඩි ආරක්‍ෂාව තිබුණි. ඔවුන්ගෙන් පැවත එන්නන්ට මේ අනර්ග අවස්ථාව උරුම කර ගැනීමට තිබුණා, නමුත් ඔවුන් ආයුෂ කෙටි ගොඩට යොමු විය. කාලය ඉක්මවා පාපයේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් සංහතිය මුරණ්ඩු කම වැඩි වෙමින් පවතී. එම නිසා මරණයට හා රෝග වලට දැඩි ලෙස වඩ වඩා යොමු වේ. මේ හේතුවෙන් දීර්ඝ ජීවිත කාලය කෙටි කාලයක් බවට පත් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

උත්පත්තියේ සඳහන් මිනිසුන් එතරම් දීර්ඝ ජීවිතයක් ජීවත් වූයේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries